ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවකයින් පිරිසක් හමුවට ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
කිසිදු ආරක්ෂක නිලධාරියකු හෝ නොමැතිව සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා මෙසේ ඔවුන් මැදට ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී රජය රැකියා ලක්ෂයක් ලබා දීමට පියවර ගන්නා බවකි.
කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෑත කාලයේ බලයේ සිටි කිසිදු ජනාධිපතිවරයකු මේ ආකාරයට උද්ඝෝෂණය කරන සිසුන් හමුවට ගොස් ඔවුන් සමග මුහුණට මුහුණ සාකච්ජා කොට නොමැති බවකි.










