• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රන්වීර් කපිල් දේව් වෙයි

February 7, 2020
in Heart
Reading Time: 1 min read
A A
රන්වීර් කපිල් දේව් වෙයි
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ගැන ඕනෑවටත් වඩා උමතු වූවන් සිටින්නේ ඉන්දියාවේය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට දේවත්වයෙන් සලකන ඉන්දියානු රසිකයන් ඔවුන් බින්දුවට අවුට් වූ විට ‘ගෝ හෝම්’ තියරියට සලකමින් ඔවුනට අයත් දේපොළවලටද හානි කරන්නේ ඒ උමතුව නිසාමය. සචින් තෙන්ඩුල්කාර්, රවී ශාස්ත්‍රි, සුනිල් ගවස්කාර්, මොහොමඞ් අසරුදීන් යන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්දියානුවනට ජාතික වස්තූන් වැනිය.
කපිල් දේව් ද ඒ අතර සුවිශේෂී චරිතයකි.

1983 ලෝක කුසලාන ඉන්දියාවට ගෙන දෙන්නට කපිල් දේව් මූලික කණ්ඩායම කළ මෙහෙවර ඉන්දියානුවන්ට කිසිසේත්ම අමතක නැත. ලෝක කුසලානය සඳහා ඉන්දියාව සූදානම් වන සෑම මොහොතකම ‘83 ලෝක කුසලානය දිනාගත් විවිධාකාර ස්ලෝගන් ඉන්දියානු මංමාවත් ඔස්සේ තවමත් දිස්වන්නේ කපිල් දේව්ගේ ජයග්‍රාහී රුව සමඟය. ක්‍රිකට් පිස්සන් සිටින ඉන්දියානුවන්ට 1983 ලෝක කුසලාන තේමාවක් කරගත් චිත්‍රපටයක් තිළිණ කරන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ කබීර් ඛාන්ට සිතුණේද එවැනි ස්ලෝගන් එකක් මුහුණ පොත ඔස්සේ දුටු විටකය.ඉන්තේරුවෙන්ම එය මුදල් උපයන උල්පතක් වන බව කබීර් ඛාන්ට ද ඒත්තු ගියේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා කිහිප දෙනකුම තමා හමුවේ පෙළ ගැසුණු නිසාය.

චිත්‍රපටයට මූලික වන්නේ ‘ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්ගේ’ චරිත කතාවය. එයින් අනතුරුව එය 1983 ලෝක කුසලානය සමඟ ඉතා සොඳුරු සම්බන්ධතාවකට මුල පුරන්නේ සිත් අලවනසුලු රූප රාමු සමඟය. ප්‍රවීණ උතුරු ඉන්දීය නිළියකව සිටි සරීකාගේ චරිතය මෙයට සම්බන්ධ කරන්නේද යන්න ගැන කබීර් ඛාන් තවම සිතුවේ නැති බව ඔහුගේ ට්විටර් ගිණුමෙහි සඳහන්ව ඇත.

සරීකා සමඟ කපිල් දේව්ගේ බැඳීම එවකට ඉතා ප්‍රේමනීයව තිබිණි. ‘කමල් හසන්’ පැත්තකින් සිට ජයග්‍රාහී උඩ පන්දුවක් ලෙස කපිල් දේව් වෙතින් ඈව උදුරා නොගත්තා නම් ඒ සුන්දර ප්‍රේමය සාගරය තුළ කපිල් අදටත් කිමිදෙන්නට තිබිණි.
කපිල් දේව්ගේ චරිතය සඳහා කබීර් තෝරා ගත්තේ ‘රන්වීර් සිංග්’වය. ඔහු එය භාරගෙන තිබුණේ ඉතාම ගෞරවනීය ලෙසය.

චිත්‍රපටයට තවමත් නමක් යොදා නොතිබුණත් ඒ වෙනුවෙන් පසුබිම සැකැසීම ආරම්භ වී ඇත. රන්වීර් සිංග් මේ දිනවල සිටින්නේ නවදිල්ලියේය. හැමදාමත් උදේ – හවස කපිල් දේව් හමුවීමට යන රන්වීර් කපිල්ගේ හැසිරීම්, අංග චලනයන්, කතා-බහ සමඟ ක්‍රීඩා ශෛලිය ගැනද වියත් දැනුමක් ලබමින් සිටියි.
කපිල් දේව් පිටියට පැමිණෙන ආකාරය, පිත්ත හැසිරවීම, පන්දු යවන අන්දම, උඩ පන්දුවක් රැකගන්නා අන්දම ගැන රන්වීර් ඉතා සියුම්ව ග්‍රහණය කර ගනිමින් සිටින්නේ පරණ ‘ඩීවීඩී’ තැටිද නරඹමිනි.

රූපවාහිනී සාකච්ඡාවකට පැමිණි කපිල් පසුගිය සතියක කියා සිටියේ,
‘තමාටත් වඩා අපූරුවට රන්වීර් තම චරිතය රඟදක්වනු ඇතැයි කියාය.
ඉතා කදිමට ඔහු තව අධ්‍යයනය කරමින් සිටිනවා. තරුණ මිනිසකු ලෙස ක්‍රිකට් සෙල්ලම් කරපු දවස්වල, මා කළ කී දෑ ගැන ඔහු මගෙන් ඇසූ ආකාරය හරිම අපූරුයි. සමහර උත්තර සඳහා මට බොහෝ ඈතට යන්නට සහ මනෝභාවයට පත්වන්නට සිදුවුණා.
රන්වීර් පිත්ත හැසිර වූ ආකාරය ගැන මට පුදුමත් හිතුණා. ඇත්තෙන්ම කබීර් ඛාන්ගේ තේරීම හරිම අපූරුයි. චිත්‍රපටය ගැන කිසිම අඩුවක් පාඩුවක් කියන්නට කාටවත්ම රන්වීර් ඉඩ නොතියන බව විශ්වාසයි.’

කපිල් දේව් කීවේ තිර හඬකිනි.
කපිල්ගේ තරුණ බිරිය ‘රෝමී’ ලෙස රන්වීර් සමඟ රඟන්නේ දීපිකා පදුකෝන්ය.
එය හරිම අපූරු සංකලනයක් බව සනාථ කරවමින් මුහුණ පොත හරහා අසීමිත ප්‍රතිචාරයක් ලැබී ඇත.

රූගත කිරීම් ආරම්භ වූ සැණින්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ චිත්‍රපටයට විවිධ පැසසුම් ගලා එමින් තිබේ. ප්‍රේක්‍ෂකයන් මේ පිළිබඳව දැඩි උන්මාදයට පත්ව සිටින්නේ, කඩි ගුලක් ඇවිස්සුණු ආකාරයටය.

‘2020 අප්‍රේල් 10 වැනි දින මම ඔබේ පවස නිවා දමමි,’ යනුවෙන් රන්වීර් සිංග් තමා වෙත ලැබෙන ට්විටර් පණිවුඩ හමුවේ ප්‍රතිචාර දක්වා ඇති අතර,
‘කපිල් දේව්’ යනු මහා ශ්‍රේෂ්ඨයෙකි. ඔහු වැනි වෙනත් අයකු සොයා ගැනීම අපහසුයැ’
යනුවෙන්ද ගෞරවනීය සටහනක් ඒ සමඟ එක්කර ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෛත්‍රී නිදහස් උත්සවයට ‌ආපු නැති හේතුව ‌හෙළිවෙයි

Next Post

සණස ලයිෆ් හා ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් ගල්කන්ද පුරාණ විහාරයට පරිත්‍යාගයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.