දයා රජයේ ලිපිකරුවෙක්. ලැබුණු සොච්චම් වැටුප වියහියදම් පියව ගන්නවත් ප්‍රමාණවත් නැති නිසා දයාට රස්සාව එපා වුණා. දයාගේ අතේ මුදල් නැතිවුණත් එකම එක හයියක් දයාට තිබුණා. ඒ තමයි නෝනාගේ සහයෝගය. තමන්ගේ කියලා ආදායම් මාර්ගයක් හදාගන්න හැටි හැමදාම දයා හිතුවා. ඒත් අදහසක් නම් පහළ වුණේ නැහැ. කුඵබඩු එකතු කරලා විකුණුවොත් හොඳයි කියලා ඉනෝකාට සිතුණා. ඉනේකාගේ අදහස තමන්ගේ මහත්තයාට කිව්වාම දයා වැඬේට පස්ස ගැහැව්වේ අතේ එතරම් මුදලක් නැති හින්දා. ඔහු නොසිතූ පරිදි ව්‍යාපාරය ආරම්භයට සැලැකිය යුතු මුදලක් ඉනෝකා දයා අත තබන්නේ අවුරුදු ගණනක් ඉතුරු කළ මුදලින්. නිවාඩු දවසට සාදික්කා, එනසාල්, කරාබු නැටි, ගම්මිරිස්, පුවක් එකතු කළා. වැඬේ නැඟලා ගියා. ටවුන් එකේ ගොඩනැඟිල්ලක් කුලියට අරන් පහළ පැත්තක කුඵබඩු මිලදී ගන්නත්, අනෙක් පැත්තේ හෝටලයක් පටන් ගන්න අදහසෙන් දයා උඩ තට්ටුවේ පදිංචි වුණා. බිස්නස් එක හොඳට දියුණු වුණු හින්දා රස්සාවට දයා සමුදුන්නත් ඉනෝකා තමන්ගේ රස්සාවෙන් නම් අයින් වුණේ නැහැ. තේ ඉඩම්, රබර් ඉඩම් අක්කර ගණනක අයිතිකරුවෙක් වුණ දයා අඩු කාලයකින් පොහොසතකු වුණා. කුලියට ගත්ත ගොඩනැඟිල්ල මිලදී අරගෙන ඊට පිටුපස ඉඩමක අලුතින් තමන්ගෙ ගෙදර හදන්න පටන් ගත්තා. අවුරුද්දක් යන්න කලියෙන් දෙමහල් නිවෙසක් හදලා ගෙදර පදිංචි වෙනවා කියලා හිතුවත් අතේ සල්ලි තිබුණත් අවුරුදු තුනකට වඩා ගෙදර හදන්න ගත වුණා. ගෙදර පදිංචි වෙලා අවුරුදු හතක්, අටක් යද්දී දයාගෙ ජීවිතයේ සිරියාව නැති වෙනවා.
මුලින් ව්‍යාපාර හවුල්කරුවෙක් ලක්ෂ 80ක් අරන් පැනලා යනවා. රට යවන්න ගත්ත කුඵබඩුවල කොලිටි මදි කියලා ඇණවුම් කිහිපයක් ප්‍රතික්ෂේප වෙන්නෙ මේ අතරේ. වගා ඉඩම්වලින් ලැබුණු ආදායම් අඩුවීම දයාට දරාගන්න බැරිවුණා. වියහියදම්, සේවක පඩි නඩි, බේරගන්න බැරිව ණය වෙනවා. අන්තිමේදී ලෝන් ගෙවාගන්න බැරිව ඉඩම් වෙන්දේසි කරනවා. දයාට ඉතිරිවෙන්නේ ඉන්න ගෙදරයි, තේ අක්කර දෙකක් විතරයි. තමන්ටම අයිතිවෙලා තිබුණ හෝටල් ගොඩනැඟිල්ලේ දයා කුලියට හෝටලය කරගෙන ගියා. මුලින් යෝධයෙක් වගේ වැඩකරපු දයා ව්‍යාපාර කඩා වැටුණට පසු ජීවත් වුණේ මළ මිනියක් වගේ. කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි විනාශ වෙලා ඉවරයි. ආයේ නම් ඔඵව උස්සන්න හම්බවෙන්නේ නැහැ කියලා හැම වෙලේම හිතුවා, පුදුමාකාර විදියට ජීවිතය ගැන කලකිරීමකින්. මෙහෙම ගියොත් මහත්තයා දිවිනසා ගනියි නැත්නම් පිස්සු හැදෙයි කියල ඉනෝකාට සිතුණා. මොන ප්‍රශ්න කරදර තිබුණත් වැටිච්ච තැනින් නැඟිට නැවැත දියුණුව ලබන්න පු`ඵවන් කියලා පුදුමාකාර බලාපොරොත්තුවක්, ධෛර්යයක් ඉනෝකාට තිබුණා. හැමදේටම ඉස්සර විනාශයට හේතුව හොයා ගන්න ඇය සිතුවා.
ඔවුන්ගේ ජීවිතවල විනාශයෙ මුල හොයන්න තමයි ගෙදර වාස්තු පරීක්ෂා කරන්නෙ. නිවෙස පරීක්ෂා කරද්දී සොයාගත් විනාශයට පාර කපාපු වාස්තු දෝෂ සහ ඒවාට පිළියම් දුන්නෙ මෙහෙමයි.
- ගිනිකොන පිහිටි
ප්‍රධාන දොර
තවමත් බොහෝ දෙනකුට දිශාව නිවැරැදි විදියට නිර්ණය කරන්න දන්නෙ නැහැ. සැමවිටම ප්‍රධාන දිශා 4 ගැන අවධානය යොමු කරනවා මිස අනු දිශාවන් පිළිබඳ අවධානය යොමු කරන්නෙ නැහැ. ඉර පායන විදිය බලලා තමයි බොහෝ දෙනෙක් දිශාව තීරණය කරන්නේ. එය නිවැරැදි දෙයක් නොවේ. පෘථිවියේ අංශක විසි තුනහමාරක ඇලය නිසා අවුරුද්දේ එක් එක් කාලවල ඉර පායන පැත්ත වෙනසක් තිබේ. මෙම නිවෙසේ ප්‍රධානදොර පිහිටා තිබුණේ ගිනිකොන දිශාවටයි. නමුත් නිවෙසියන් සිතා තිබුණේ නැඟෙනහිරට ප්‍රධාන දොර පවතින බවකි. ගිනිකොන දිශාව අග්නිමූලම් ලෙස සංස්කෘත භාෂාවේ හැඳින්වේ. මෙහි අර්ථය ගින්දරේ උපත යන්නයි. යම් නිවෙසක ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටියහොත් ගෘහ මූලිකයා දැඩි ලෙස කායික, මානසිකව පීඩාවට පත් වෙනවා.
අධික ලෙස කෝපයට පත්වීමද සිදුවෙනවා. ගිනි ගොඩක් උඩ ජීවත්වන ආකාරයේ ජීවිත ඇති වෙනවා. කෙටියෙන් කිවහොත් නිවෙසේ සැනසිල්ල නැතිව යනවා. ප්‍රධාන දොර ගලවා ඊසාන දිශාවේ සුබ පාදයකට තබන ලදී. - දකුණ- නිරිත දිශාගත
ඉඩමේ බස්නාව
මෙම නිවෙස පිහිටි ඉඩමේ වැහි වතුර බස්නාව පැවැතියේ දකුණු දිශාවට සහ නිරිත දිශාවටයි. මෙය ඉතාමත් අසුබ පිහිටීමකි. යම් ඉඩමක මෙලෙස පිහිටියහොත් හදිසි මරණ, විපත්, නිතර දුක් කරදර ඇතිවෙයි. සියල්ල විනාශ වී අවසානයේ ඉඩම් දේපොළ විකිණීමට සිදුවෙයි. ඉඩමේ බස්නාව බස්නාහිර දිශාවට සකස් කිරීමෙන් දෝෂ භංග කළේය. - ප්‍රධාන නිදන කාමරය සමචතුරශ්‍ර වී
එහි බ්‍රහ්ම පාදය පිහිටීම.
වාස්තු දෝෂ දෙකක සංකලනයක් වූ මෙම දෝෂය භයානක ප්‍රතිඵල ඇති කරයි. ජීවිතයේ සතුට නැති කරයි. සමචතුරශ්‍ර බ්‍රහ්ම පාදය සහිත කාමරයක දිවිගෙවන්නන් සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹේ. එතරම්ම ජීවිතය කලකිරීමට සිදුවන සිදුවීම්වලට මුහුණ දෙයි. දිනෙන් දින ජීවිත පිරිහී ගොස් බංකොලොත් බවට පත්වීමෙන් මළ මිනිසුන් වැනි ජීවිත නිර්මාණය වෙයි. නිදන කාමරයේ එක් බිත්තියක් ඉවත් කර කාමරය සාලයට විවෘත කර දෝෂ නැති කළා.
සියලු දොස් ඉවත් කිරීමෛන් පසු දයාගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වී දියණිය, බිරිඳ සමඟ සතුටින් ජීවත් වෙයි.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











