දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරීම තුළින් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ.
ඔහු මේ බව කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමේ සැළැස්මක් පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් කළ ප්‍රකාශයකට පැහැදිලි කිරීමක් ලෙසයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන්නේ නම් ආර්ථික න්‍යායන් භාවිත කරමින් ඒවාට අදාළ විශ්ලේෂණ සිදුකළ යුතු බව මහාචාර්යවරයාගේ අදහසයි.
මෙම අනාවරණය අප ඉකුත් මාර්තු 21 වන දින අනාවරණය කිරීමට කටයුතු කළා.










