දීලා තියෙන්නේ සති 4යි! අප්‍රේල් අන්තිම වෙද්දි දේශීය-විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම පෙන්වන්න! IMF එකෙන් තවත් බරපතළ කොන්දේසියක්!

ලබන අප්‍රේල් මස අවසන් වන විට දේශීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කළ යුතු බවට වූ බරපතළ කොන්දේසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇත. අද දින පැවැති මාධ්‍ය හමුවකදී මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපයේ මෙහෙයුම් බාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පීටර් බෲවර් මහතා මේ බව සදහන් කර සිටියේය.