ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වෙනුවෙන් පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.
මෙම කමිටුවේ සාමාජිකයන් වන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යි.
කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේ දී මිට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි කියන්නේ.
මෙම කමිටුව මඟින් IMF ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බවයි කියන්නේ.
ඊට අමතරව IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැන ද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතු වෙනවා.










