• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

අන්තිම ‌තත්පරේදී IMF එක දාපු අලුත්ම කොන්දේසියෙන් ලංකාවම හිරවෙයිද? රාජ්‍ය රහස් EXCLUSIVE

April 2, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

චමල්ට ලැබුණු උපදෙස!

පොහොට්ටුවේ ලොක්කො නැතිව පොඩ්ඩො කොළඹදී රැස්වෙලා!

සජිත් කළු කොටියව හොයන්න යාලට රිංගයි!

අපි විතරක් හෙළිකරපු IMF රහස්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක මුදලක් ලංකාවට ලැබීමත් සමග බොහෝ දෙනා සිතා සිටින්නේ ‘දැන් ඔක්කොම හරි’ යැයි කියාය. ‘දැන් රටේ ප්‍රශ්න ඉවරයි’ යැයි කියාය. ‘රටේ ඩොලර් ප්‍රශ්නය ඉවරයි’ යැයි කියාය. රටේ බොහෝ මාධ්‍යද මේ වන විට හැසිරෙන්නේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමත් සමග රට සාමාන්‍ය අතට පත්ව ඇති ගානටය. රටට කප්රුක පහළ ඇති ගානටය. නමුත් වගකිව යුතු මාධ්‍යයක් ලෙස ‘මව්රට’ රාජ්‍ය රහස් තීරයත්, ‘මව්රට’ වෙබ් අඩවියත් නිරතුරුවම මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලත්, එහි පසුපස ඇති අසීරු කොන්දේසි පිළිබඳවත් දිගින් දිගටම රටට කරුණු පෙන්වා දුන්නේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටිය යුතු වීම නිසාය. රටේ ජනතාව නිවැරදි තොරතුරු දැනගත යුතු වීම නිසාය. එහිදී අප විශේෂයෙන්ම පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලංකාවට හිමි වුවද ඉදිරියට යෑමට ඇති ගමන් මග ඉතා අසීරු එකක් බවය. පළමු අදියරේදී මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකළ යුතු බවත්, දෙවැනි අදියරේදී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බවත්, මෙම ක්‍රියාවලියේ ඉතා අසීරුතම කොටස එය බවත්, චීනය පවා එම අවස්ථාවේදී විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අපි එහිදී සඳහන් කළෙමු. එමෙන්ම තවත් මාස හයකින් අනතුරුව මූල්‍ය අරමුදල විසින් ලංකාව සම්බන්ධයෙන් සමාලෝචනයක් (රිවිව්) සිදුකිරීමට නියමිත අතර, යම් හෙයකින් එම කාලය අතරතුර ලංකාව අදාළ කොන්දේසි ඉටු නොකර තිබුණහොත් මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන කඩාකප්පල් වීමට ඉඩ ඇති බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු.

මූල්‍ය අරමුදලට හතරවටෙන් බලපෑම්!

ඒ අනුව අප මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් තවත් අතිවිශේෂ කරුණු කිහිපයක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන්ට හෙළිකිරීමට සූදානම්ය. ඉන් පළමුවැන්න වන්නේ ලංකාව මුල් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබීමය. මෙසේ මූල්‍ය අරමුදලට බලපෑම් කිරීමට පියවර ගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව ඇමෙරිකාවත්, යුරෝපා කොමිසමට අයත් රටවල් කිහිපයකුත්ය. එහිදී ඔවුන් මූලය අරමුදලට පෙන්වා දී ඇත්තේ ලංකාවේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බවකි. විශේෂයෙන්ම නියමිත කාලයට මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වෙමින් පැවතීම, දැඩි මර්දනයක් රට පුරා දියත් කොට තිබීම, අධිකරණයට පවා බලපෑම් කිරීමට පියවර ගෙන තිබීම මේ අතරින් ප්‍රධානය. එවැනි තත්ත්වයක් යටතේ ලංකාවට මූල්‍ය ආධාර කිරීම පිළිබඳ දෙවතාවක් සිතා බලන ලෙස ඔවුන් මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවක් දැනගන්නට ඇත.

මූල්‍ය අරමුදලත් වෙනස්වෙයි!

සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල ඕනෑම රටකට ණය ලබාදීමේදී රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා විනා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමුකරන්නේ නැත. නමුත් මේ වන විට ලංකාව මුල් කරගෙන දිගින් දිගටම එල්ල වන බාහිර බලපෑම් හේතුකොට ගෙන මූල්‍ය අරමුදලද ඊට ප්‍රතිචාර දැක්වීමට තීරණය කොට ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේදී මූල්‍ය අරමුදල විසින් ලංකා ආණ්ඩුවට අතිවිශේෂ පණිවුඩයක් එවීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන්ද මේ වන තෙක් කිසිදු මාධ්‍යයක් වචනයක් හෝ කතා කර නැති අතර, එම රහසද පළමු වතාවට අප හෙළිදරව් කරන්නට යන්නේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.

විශේෂ කණ්ඩායමක් ජුනිවල ලංකාවට!

මෙම පණිවුඩයෙන් කියැවුණේ වෙන කිසිවක් නොව ලබන ජුනි මාසයේ මුල් සතිය ඇතුළත ඉහළම මට්ටමේ මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට තීන්දු කර ඇතැයි කියාය. එහි ඇති බරපතළම සංඥාව වන්නේ ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට පෙර මෙම කණ්ඩායම ලංකාවට පැමිණීමට නියමිතව තිබීමය. ඔවුන් එසේ පැමිණෙන්නේ බාහිර පාර්ශ්වයන් පෙන්වා දී ඇති පරිදි ලංකාව තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සිදුවන්නේද යන්න සැක හැර බලාගැනීම සඳහාය.

අමෙරිකාවත් වැඩේට සෙට් වෙලා!

මීට අමතරව වෙනත් කිසිදු දිනක සිදු නොවුණු ආකාරයට ඇමෙරිකාවද ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුකර ඇති ආකාරය දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජුලි චන්ග් මහත්මිය සැලකෙන්නේ ජනතාවගේ මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති තැනැත්තියක් ලෙසය. පසුගිය කාලය පුරාම ඇය ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝන සිදුවීම්වලදී ඊට එරෙහිව නොබියව අදහස් දැක්වීමටත්, නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන තිබිණි. ඒ අනුව ජුලි චන්ග් පසුගිය සතියේ මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව තිබෙන ප්‍රධාන චරිත දෙකක් මුණගැනීමට පියවර ගත්තාය. ඒ, විදේශ අමාත්‍ය අලි සබි්‍ර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනය. සබි්‍ර ආන්දොල්නයට තුඩු දී ඇත්තේ නව ත්‍රස්ත පනත මුල්කරගෙනය. මහින්ද සිරිවර්ධන ආන්දෝලනයට තුඩු දී ඇත්තේ අධිකරණ නියෝගයක් ලබා දී තිබියදීත් මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් නිදහස් නොකිරීම මුල්කරගෙනය. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඇය සඳහන් කර තිබුණේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මොවුන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තා යැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙහිදී සිදුකෙරුණු අදහස් හුවමාරුවලදී මැතිවරණය කල්දැමීම, අධිකරණයට ඇඟිලි ගැසීම, නව ත්‍රස්ත පනතේ ඇතුළත් වගන්ති පිළිබඳ දීර්ඝව සාකච්ඡා වී ඇති බවකි. එමෙන්ම එම සාකච්ඡාවේදී ඇමෙරිකානු රජයේ අතිවිශේෂ පණිවුඩයක් රාජ්‍ය තාන්ත්‍රික ආකාරයට ඇය විසින් ආණ්ඩුවට ලබාදී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඇයි ඉන්දියාවෙන් ආරාධනා නැත්තේ!

මීට අමතරව අපි ඉකුත් සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් ජනාධිපතිවරයා ලබන අගෝස්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පණිවුඩයක් යවා ඇති බව දැනුම් දී සිටියෙමු. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල අප කලින් කීවාක් මෙන් ආර්ථික කරුණු මිස දේශපාලන කරුණුවලට මුල් තැන නොදුන්නද ලංකාව සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේදී ඔවුන් මේ වනවිට විවිධ අයුරින් දේශපාලන කරුණුවලට මුල් තැන දී කටයුතු කරන ආකාරයක්ද දැකගන්නට ඇත. ඉන් එක් සිදුවීමක් වන්නේ ජනාධිපතිවරයා ධුරය භාරගැනීමෙන් පසු මේ වන විට මාස 10කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඉන්දීය අගමැතිවරයා හමුවීමේ අවස්ථාවක් ජනාධිපතිවරයාට ලබා නොදීමට ඉන්දියාව පියවර නොගත්තේ මන්ද යැයි කියාය. මීට අමතරව ඇමෙරිකානු රජයෙන් තවමත් ජනාධිපතිවරයාට සුබ පතමින් නිවේදනයක් නිකුත් වී නැත්තේ මන්ද යනුවෙනුත් ඔවුන් එහිදී ප්‍රශ්න කොට ඇති බවක්ද නොනිල වශයෙන් දැනගන්නට ඇත. ඒ හරහා ඔවුන් නොකියා කියා තිබූ පණිවුඩය වූයේ තවමත් ජනාධිපතිවරයාට නිල වශයෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී නොමැති බවකි. ඒ ආකාරයටම මූල්‍ය අරමුදල මේ වන විට මැතිවරණය සම්බන්ධයෙන්ද, රටේ යහපාලනය සම්බන්ධයෙන්ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවක් දැනගන්නට ඇත.

අන්තිම මොහොතේ විශේෂ වගන්තියක්!

එහි ප්‍රතිඵලයක් වී ඇත්තේ ලංකාවට ණය මුදල් නිදහස් කළ යුතු බවට මූල්‍ය අරමුදල තීන්දු කළ මොහොතේ තවත් විශේෂ වගන්තියක්ද ගිවිසුමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබීමය. ඒ, රට ඇතුළේ යහපාලනය ක්‍රියාත්මක කරනවාද යන්න සොයාබැලීම සඳහා මූල්‍ය අරමුදලට සිවිල් සංවිධාන සමග ඍජුව සම්බන්ධ වීමේ අවස්ථාව ගිවිසුමට ඇතුළත් කිරීම හරහාය. එය සිදුවූ ආකාරය පසුපසද විශේෂ කතාවක් තිබේ. මූල්‍ය අරමුදල ලංකාවට ණය ලබාදීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සිටින සිවිල් සංවිධාන රැසක් මූල්‍ය අරමුදලට දැඩිව දැනුම් දී තිබුණේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කරන බවය. එවැනි ආණ්ඩුවකට ආධාර කරන්නේද යන්න පිළිබඳ ඔවුන් බරපතළ ලෙස මූල්‍ය අරමුදලෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ අවසන් මොහොතේ එම කණ්ඩායමට සවන් දීමට මූල්‍ය අරමුදල තීන්දු කිරීමය. ලංකාවට ණය මුදල් නිදහස් කිරීමෙන් පසු යහපාලනය සම්බන්ධයෙන් රට ඇතුළේ ඇති සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවට විශේෂ වගන්තියක් මූල්‍ය අරමුදල සිය ගිවිසුමට ඇතුළත් කළේ ඒ අනුවය. බොහෝ දෙනා කියා සිටින්නේ ඇමෙරිකාවේ සහ යුරෝපා කොමිසමේ ප්‍රබල බලපෑම හමුවේ මූල්‍ය අරමුදල මෙම වගන්තිය ගිවිසුමට නිල වශයෙන් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. ඒ අනුව ලංකාවට පැමිණෙන මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඉදිරියේදී මෙරට සිවිල් සංවිධාන නියෝජිතයන් සමග යහපාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරනු ඇත.

ක්ෂමා සංවිධානයක් කරුණු කියන්න සූදානම්!

මෙහි තවත් පියවරක් වූයේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) විශේෂ නියෝජිත කණ්ඩායමක් පසුගිය සතියේදී ලංකාවට පැමිණීමය. ඒ ආකාරයටම මූල්‍ය අරමුදලට සම්බන්ධ විශේෂ පිරිසද ඉදිරියේදී ලංකාවට පැමිණ මෙරට තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කොට විශේෂ වාර්තාවක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට නියමිතය. එවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් මැතිවරණ නොපවත්වා අධිකරණයට බලපෑම් එල්ල කරමින් ඉදිරියට යෑමට ආණ්ඩුව කටයුතු කළහොත් රට බංකොලොත් වූවාටත් වඩා බරපතළ තත්ත්වයකට රට වැටීම වැළැක්විය නොහැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේ වුවහොත් ලබන සැප්තැම්බර් මාසයේ මූල්‍ය අරමුදල විසින් පැවැත්වීමට නියමිත සය මස් සමාලෝචනයේදී ලංකාව ණය වැඩසටහනේ තවදුටත් ඉදිරියට යෑමට නුසුදුස්සන් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යළිත් මෙම ක්‍රියාවලිය මුල සිටම ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

පුංචි ඡන්දය තියන දිනය?

ඒ අනුව ජනාධිපතිවරයා ලබන අගෝස්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවට මූල්‍ය අරමුදලට නිල නොවන ආකාරයට දැනුම් දී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එමෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද මේ වන විට සූදානමින් සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ගෙන්වා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එහිදී අගෝස්තු මාසයේ මැතිවරණය පැවැත්වීමට කොමිසම සමග එකඟතාවක් ඇතිකර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධානත් දැනටමත් මීට සිය විරෝධය පළ කොට තිබීම නිසා අගෝස්තු මාසයට මෙපිටින් වන අතරමැද දිනයක පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසියම් එකඟතාවක් ඇති කරගැනීමට දෙපාර්ශ්වයට සිදුවනු ඇත. ආණ්ඩුව මෙසේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින යොදාගැනීම සැලසුම් කිරීම පසුපස ඇත්තේද මෙසේ මූල්‍ය අරමුදලෙන් ලංකාවට පැමිණෙන විශේෂ කණ්ඩායම බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

පොහොට්ටුව වෙනම රැස්වෙයි!

පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රධානීන් නොමැතිව පොහොට්ටුවේ විශේෂ රැස්වීමක් කොල්ලුපිටිය විශාඛා පාරේ සුවිසල් මන්දිරයක පැවැත්විණි. මෙම නිවස නිතරම දේශපාලන සාකච්ඡා පැවැත්වෙන නිවසක් ලෙස එදා සිටම ප්‍රකටය. කෙසේවෙතත් ‘පොහොට්ටුවේ ප්‍රධානීන්ගෙන් තොරව’ යනුවෙන් අප මුලින්ම සඳහන් කළේ මෙම සාකච්ඡාව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන සහන් ප්‍රදීප් විසින් කැඳවා තිබීම නිසාය. ඊට කිසිදු රාජපක්ෂවරයකු සහභාගි වී නොසිටි අතර, ජ්‍යෙෂ්ඨයන්ගේ මුහුණුවලින් දැකගන්නට ලැබුණේ ප්‍රසන්න රණතුංගගේ මුහුණ ඇතුළු තවත් අසළොස්සක් වූ මුහුණු පමණි. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අමතරව පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතාටද එම සාකච්ඡාව සඳහා අරාධනා කර තිබූ අතර පොලිස්පති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත්, පොලිසිය සම්බන්ධයෙන් වන ඕනෑම ප්‍රශ්නයක් විමසිය හැකි බවත් මන්ත්‍රීවරුන්ට කල් තියාම දැනුවත් කිරීමට සහන් පියවර ගෙන තිබිණි.

ආරාධනාව පසුපෙළ මන්ත්‍රීවරයකුගෙන්!

සහන් ප්‍රදීප්ගෙන් මෙම ආරාධනාව ලැබීමත් සමග ජනාධිපතිවරයාට හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට කතා කොට කියා සිටියේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා විසින් මෙවැනි ආරාධනාවක් සිදුකොට ඇති බවත්, අලුත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට තීරණය කොට ඇති බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා පෙරළා දැනුම් දී සිටියේ සාකච්ඡාවට ගොස් එහි සිදුවන්නේ කුමක්ද යන්න තමන්ට වාර්තා කරන ලෙසය.

ආවේ මන්ත්‍රීවරු 39යි!

ඒ අනුව මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 39 දෙනකු සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදීද ඔවුන් ටිරාන්ට පෙන්වා දුන්නේ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට කෙසේවත් සේවා දිගුවක් ලබා නොදිය යුතු බවත්, පොහොට්ටුව සහ ඉකුත් කාලයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුව හේතුවෙන් විවිධ චෝදනා එල්ල වී ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරය ලබාදිය යුතු බවත්ය. එමෙන්ම වත්මන් පොලිස්පතිවරයාට චෝදනා රැසක් එල්ල කිරීමටද මෙහිදී පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරු පියවර ගත්හ. ඒ අනුව සාකච්ඡාවට එක්ව සිටි අතිබහුතරයක් මන්ත්‍රීවරුන්ට වැටහී ගිය කාරණයක් වී තිබුණේ සී.ඩී.ට පොලිස්පති ධුරයේ සේවා දිගුවක් නොලැබෙනු ඇති බවත්, නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්වනු ඇති බවත්ය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිප දෙනකුම ජනාධිපතිවරයාට කතාකොට මේ බව දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.

කතාව පොලිස්පති ගැන!

එමෙන්ම ඒ වන විටත් විවිධ මාධ්‍ය, සමාජ මාධ්‍ය, පුවත්පත් සියල්ල ඒකාබද්ධව දේශබන්දුව පොලිස්පති කිරීමේ විශාල මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි. ඇතැම් මාධ්‍ය ඍජුවම කියා සිටියේ ඊළඟ නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවකි. ඒ අනුව ජනාධිපතිවරයා ටිරාන්ටත්, දේශබන්දුටත් පසුගිය සිකුරාදා (24) තමන්ව මුණගැසීමට ජනාධිපති නිල නිවෙසට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබිණි. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ එම රැස්වීමට දේශබන්දුටද කැඳවීමක් ලැබුණු නිසා නියත වශයෙන්ම නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇතැයි කියාය. නමුත් එහිදී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. නියමිත වේලාවට පිරිස හමුවට පැමිණි ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී සිටියේ ඉතා කෙටි වාත්‍ය දෙකක් පමණි.

රනිල් කිව්වේ වාක්‍ය දෙකයි!

‘සී.ඩී.ත් එක්ක ඔය කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑනේ? එයත් එක්ක දිගටම වැඩ කරගෙන යන්න ලෑස්ති වෙන්න…’ යන්න ජනාධිපතිවරයාගේ එම කෙටි වාක්‍ය දෙක විය. ඒ අනුව පසුගිය සඳුදා වන විට සී.ඩී.ගේ සේවා දිගුව දැක්වෙන ලිපිය නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. දැන් එම ලිපිය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කොටය. එහි අනුමැතිය ලැබුණු සැණින් සී.ඩී. තවත් මාස කිහිපයක් ලංකාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

පිටරටින් නිවේදන ගලාගෙන එයි!

පසුගිය සති කිහිපයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් තවත් සිදුවීමක් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පවසමින් එම තීන්දුව දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ ආණ්ඩුවේ උත්සාහයය. මේ සම්බන්ධයෙන් පළමුව පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළකරමින් යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතාය. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඊට සමස්ත විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ගේ පවා දැඩි විරෝධය පළවීමක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර ඔවුන් පෙන්වා දුන්නේ මෙය අධිකරණයට සහ විනිසුරුවරුන්ට කරන අනවශ්‍ය බලපෑමක් සහ ඔවුන්ගේ ස්වාධීනත්වයට කරන හානියක් ලෙසටය. එමෙන්ම නීතිඥවරුන්ද ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව පාරට බැස දැඩි විරෝධය පළකරන ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙරට නීතීඥ සංවිධාන පමණක් නොව ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ සංවිධානද එය හෙළාදකිමින් නිවේදන නිකුත් කළ ආකාරයක්ද පසුගිය සති කිහිපය පුරා දැකගන්නට ලැබිණි.

චමල්ට ආ උපදෙස!

ආණ්ඩුව මේ ආකාරයෙන් යෝජනාවක් ගෙනැවිත් විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන ඒමට සැලසුම් කළද වරප්‍රසාද කමිටුවේ සාමාජිකයන් අතරද මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් බෙදීමක් හටගෙන ඇති ආකාරයක් පසුගිය සතිය වන විට වාර්තා විය. බොහෝ දෙනෙක් නොදන්නවා වුවද මේ වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ තවත් රාජපක්ෂවරයෙකි. ඒ, රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන චමල් රාජපක්ෂය. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුද මෙම වරප්‍රසාද කමිටුවේ සිටිති. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂත්, විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාත්ය. මීට අමතරව පක්ෂ විපක්ෂ නීතිඥවරු රැසක්ද වරප්‍රසාද කමිටුවේ සාමාජිකයෝ වෙති. ඒ අනුව අධිකරණයත් සමග ඍජුවම ගනුදෙනු කරන මෙම පිරිස ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිටියද අධිකරණ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, පසුගිය පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදීය.

ඒ දෙන්නත් ඉන්නකොට කතා කරන්න!

එහිදී කමිටුවේ සභාපති චමල් මුණගැසී ඇති මධ්‍යස්ථ මන්ත්‍රීවරුන් මෙන්ම නීතිඥවරුන් රැසක්ම පෙන්වා දී ඇත්තේ මෙය ඉතා බරපතළ ප්‍රතිඵල මතු කළ හැකි කාරණාවක් විය හැකි බවය. එමෙන්ම මේ හරහා චමල්ගේ හොඳ නමටද කැලලක් මතුවිය හැකි බවක් ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.

‘චමල් ඇමැතිතුමා මේක එච්චර හොඳ වැඩක් නම් නෙවෙයි. ආණ්ඩුවටයි රටටයි දෙකටම බරපතළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කාරණාවක්. අනෙක් අතට ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක්. පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියටත් ඔබතුමා කටයුතු කළා. මේකෙන් සිද්ධ වෙන්නේ ඔබතුමාගෙ හොඳ නමටත් කැළලක් ඇතිවෙන එක. මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන් විදියට අධිකරණයත් එක්ක ගනුදෙනු කරන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහත්තයයි, අලි සබි්‍ර මහත්තයයි දෙන්නම දකුණු අප්‍රිකාවේ ගිහින් ඉන්නේ. ඒ දෙන්නා ආවාම ඔබතුමා ඒ දෙන්නත් ඉන්න තැනම ආණ්ඩුවේ මේ යෝජනාව ඉදිරිපත් කරපු දොළවත්තවයි සේමසිංහවයි ගෙනැල්ලා අහන්න මේ තීන්දුවෙන් ඒ අයගේ කඩවුණු වරප්‍රසාද මොකක්ද කියලා. අනෙක තවම පළාත් පාලන මැතිවරණය ගැන අධිකරණය අවසන් තීන්දුවක් දීලා නෑ. අතුරු නියෝගයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක ගැන ඔබතුමා යම් මැදිහත් වීමක් කරන්න….’ යනුවෙන් මන්ත්‍රීවරු පෙන්වා දේදදී චමල්ද මේ වන විට තීන්දු කොට ඇත්තේ විජයදාසත්, සබි්‍රත් සිටින තැනම දොළවත්ත හා සේමසිංහ ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා කිරීමටය.

මුදල් කමිටුවෙත් ප්‍රශ්නයක්!

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවද මේ දිනවල නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබෙන තවත් මාතෘකාවකි. ඊට හේතුවී ඇත්තේ මුල සිටම ආණ්ඩුව මුදල් කමිටුවේ බලය අතට ගැනීමට විවිධ උපක්‍රම දියත් කිරීම හරහා මුදල් කමිටුව පුවත් මවන තැනක් බවට පසුගිය කාලයේ පත්ව තිබීමය.

ආණ්ඩුව මුලින් කරපු දේ!

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්විය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. එය විපක්ෂය විසින් නම්කොට පත්කරගත යුත්තකි. ඒ අනුව පසුගිය කාලයේ එහි සභාපති ධුරය දැරුවේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට පසුගියදා ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග එම කමිටු සියල්ලක්ම අහෝසි වී ගියේය. නව පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු සුපුරුදු පරිදි විපක්ෂය ඊට හර්ෂගේ නම යෝජනා කළද සම්ප්‍රදායට පිටින් යමින් ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන මයන්තගේ නම ඊට යෝජනා කිරීමත් සමග එහි මහත් අර්බුදයක් හටගත් ආකාරයක් දැකගන්නට ලැබීණි. මයන්තද මුලින් එම තනතුර භාරගත්තද පසුව පක්ෂයෙන් ආ බරපතළ විරෝධය හමුවේ මයන්ත ඉන් ඉල්ලා අස්විය.

පනත් සම්මත කරපු හැටි!

හොඳම හරිය දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ අනුව ආණ්ඩුව වරක් වැඩබලන සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත්කොට මුදල් පනත් කිහිපයක්ම සම්මත කරගැනීමට පියවර ගත්තේය. තවත් වරෙක ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඇමැතිවරයකු වන නලින් ප්‍රනාන්දු මහතා සභාපතිවරයා වශයෙන් නම්කොට පනත් කිහිපයක් සම්මත කරගත්තේය. ඒ, ඇමැතිවරයකුට කිසිසේත්ම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නොහැකි බවට වූ සම්ප්‍රදායද බිඳදමමින්ය. එහිදී දැකගන්නට ලැබුණ ුවිශේෂම සිදුවීම වූයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට සිය විරෝධය ඍජුවම ප්‍රකාශ කොට තම විරෝධය ‘මිනිට්ස්’වල සඳහන් කරන ලෙස ප්‍රසිද්ධියේම ඉල්ලා සිටීය.

සජිත්ට යෝජනාවක්!

කෙසේ වෙතත් මෙම මුදල් කමිටුවේ සභාපතිවරයා පත්කිරීම කතානායකවරයා විසින් සිදුකළ යුතු වුවද තවමත් එවැන්නක් සිදුව නොමැති නිසා පසුගිය සතියේ මුදල් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ පිළිබඳ දැනුම් දීමට පියවර ගත්හ. එහිදී ඔවුන් සජිත්ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතානායකවරයාගේ අවධානය යොමුකරවන ලෙසය. මෙම සම්ප්‍රදාය විරෝධී කටයුත්තට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුද සහාය පළකිරීම බරපතළ තත්ත්වයක් බව ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. ඒ අනුව සජිත්ද මේ වන විට සූදානමින් සිටින්නේ එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී මේ පිළිබඳ කතානායකවරයාගේ අවධානය යොමුකරවීමටය.

කළු කොටියා කරලියට!

පසුගිය සතියේ සජිත් හදිසියේම හම්බන්තොට බලා ගියේ සිය පියා වූ හිටපු ජානාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණානුස්මරණයට සමගාමීව පවත්වනු ලබන විශේෂ ‘සක්වල’ වැඩසටහන යටතේ හම්බන්තොට පාසල් කිහිපයකට පරිගණක උපකරණ සහ ස්මාර්ට් බෝඩ් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීම සඳහාය. හම්බන්තොට සිටියදී සජිත්ට එක්තරා විශේෂ පුවතක් මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. ඒ, පළමු වතාවට කළු කොටියකු යාල කැලේ දර්ශනය වී ඇති පුවතය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ කෙටි වීඩියෝවද වහා නැරඹූ සජිත් ඒ මොහොතේම තීන්දු කළේ යළි කොළඹ බලා පැමිණෙන විටදී කෙසේ හෝ යාලටද ගොස් මේ දුර්ලභ කළු කොටියා දැකගන්නටය.

සජිතුත් යාළට රිංගයි!

සාමාන්‍යයෙන් සජිත් සැලකෙන්නේ වනයට සහ වන සතුනට ආදරය කරන දේශපාලනඥයකු ලෙසටය. සජිත් නිවාඩුවක් ලද වහා සිදුකරන්නේද යාල කැලයට ගොස් එහි අසිරිය විඳිමින් වන සතුන්ගේ ඡායාරූප ගැනීමය. ඒ අනුව හම්බන්තොට සිට යළි කොළඹ බලා එන ගමනේදී සජිත් යාලට ගොස් මේ කළු කොටියා දැකගැනීමට පැය 2ක පමණ කාලයක් බලා සිටියද එම අවස්ථාව සජිත්ට හිමිවූයේ නැත. ඒ අනුව කළු කොටියා දැකබලා ගැනීම වෙනත් දිනකට දැමූ සජිත් ගාල්ල බලා පිටත් වූයේ එහි ඒ වනවිටත් සූදානම් කර තිබූ සජබ ආර්ථික වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවයට සහභාගි වීම සඳහාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

IMF කොන්දේසියට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළොත් මෙරට බැංකු පද්ධතියම අවදානමේ! පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා හෙළිකරයි! අපි මේ කතාව කලින්ම කිව්වා!

Next Post

චන්දිම වීරක්කොඩි ආවා! ජයරත්න හේරත් ආවා! තව පෝලිමේ ආණ්ඩුවෙන් එන්න ඉන්නවා! ලක්ෂ 2000ක සූට්කේස් එකට අපේ මන්ත්‍රීවරු යටවෙන්නේ නෑ! හර්ෂයි හිරුණිකායි එක්ක සජිත් කඩුවෙලට එයි! ආණ්ඩුවේ නිව්ස් ප්ලාන්ට්වලට යළි උත්තර දෙයි! VIDEO & PHOTOS

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.