• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රන්ජන් පොලිස් සේවයට

August 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
රන්ජන් පොලිස් සේවයට
Share on WhatsAppShare on Facebook

සිංහල සිනමාවේ සුපර් හීරෝ රන්ජන් රාමනායක සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් පසුගිය සතියේ අන්තර්ජාලය තුළ සැරිසරන අයුරු දක්නට ලැබෙණා. ඉන් කියැවුණේ රන්ජන් රාමනායකගේ ක්‍රියාදාම වැඩක් ගැනයි. ඉතින් මේ ගැන වැඩි විස්තර සොයාබැලීමට අපි ජනප්‍රිය රංගන ශිල්පි රන්ජන් රාමනායක සහ චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සම්බන්ධ කරගත්තා.
රන්ජන් විභාගෙ ලියල ඉවරද?
ජීවිතයම ඉගෙනීමක් තමයි. මම මේ පාර උසස් පෙළ විභාගය ලියනවා. ඒ නීති විභාගය කිරීම සඳහා. අවශ්‍ය සුදසුකම් සපුරා ගන්න. නීතිඥවරයකු වීමේ ආශාවක් හිතේ තිබෙනවා. මම යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් කෙනෙක්. අනෙක් කාරණය මම විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පවා හදාරලා තියෙනවා. ඉතින් මේ විභාගයත් මම කොහොම හරි ගොඩදාගන්නවා.
කාලෙකින් රන්ජන් රාමනායකව සිනමාවෙන් දැක්කේ නැහැ. හැබැයි දැන් අලුත් වැඩක් ගැනත් කතාවක් යනවා නේද?
අවුරුදු හතරකින් විතර මම චිත්‍රපටයක රඟපෑවේ නැහැ. හැබැයි නිර්මාණවලින් නම් මට ආරාධනා අඩුවක් නැහැ. ඒත් මට දෙයක් කරන්න තිබුණොතිත් විතරයි මම චිත්‍රපටයක වැඩ භාරගන්නේ. ඔයැ ඨ්පැ කියලා අලුත් චිත්‍රපටයකට මට ආරාධනා කළා. මම ආශාවෙන් නිර්මාණය භාරගත්තා.
‘ද ගේම්’ චිත්‍රපයට ගැන කතා කළොත්?
ඒ ගැන මම දැන්ම කතා කරන්න කැමැති නැහැ. සිනමා ශාලාවට ගිහින් බැලුවම තේරෙයි චිත්‍රපටය මොන වගේද කියලා. මෙය සුරංග ද අල්විස් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මම සුරංග එක්ක වැඩ කරන දෙවැනි අවස්ථාව මේක. මෙයට පෙර ඔහුගේ රජ හොරු චිත්‍රපටයේ වැඩ කළා. මේ චිත්‍රපටයත් ආදායම් වාර්තා බිඳින සුපිරි ක්‍රියාදාම වැඩක් වෙයි. ඒ වගේම මෙය ලංකාවේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරින් සැකසුනු නිර්මාණයක්.
අපට ආරංචි විදියට ද ගේම් කියන්නේ කොපියක්ලු නේද?
චිත්‍රපටය බැලුවම තේරෙයි මොන වගේ වැඩක්ද කියලා. මම පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. සමහරු කියයි මේක මලයාලම්, තෙලිඟු චිත්‍රපටයක් කියලා. අපි මොකටද විදේශීය පොලිස් චරිත කරන්නේ. සිංහල බෞද්ධ, නීතියට ගරු කරන පොලිස් නිලධාරීන් අපේ රටෙත් ඉන්නවා. එවැනි චරිත අපේ රටේ ඕනෑ තරම් තිබෙනවා.
මෙයට කලින් ඔබ පොලිස් චරිත ජීවමාන කළාද?
මම චණ්ඩි රැජින චිත්‍රපටයේ පොලිස් චරිතයක් කළා. හැබැයි සුළු චරිත. ඒ කාලේ ඉතින් අතිරේක රංගන ශිල්පීන්ට තමයි මමත් රඟපෑවේ. පොලිස් චරිතයක් රඟපාන ප්‍රධාන අවස්ථාව ඔයැ ඨ්පැ චිත්‍රපටයේ තමයි. චිත්‍රපටය හොඳ කතාවක්. ඉතින් මේ චිත්‍රපටයට මාව තෝරාගැනීම එක ගැන මම සතුටු වෙනවා.
ඔබ සිංහල සිනමාවේ ප්‍රේම කුරුල්ලා කියලා පැවසුවොත් නිවැරැදියි. ජනප්‍රිය නවක රංගන ශිල්පිනියන් ගණනාවකගේ පෙම්වතා වුණා. ද ගේම් චිත්‍රපටයේ පෙම්වතිය ගැන කතා කළොත්?
මම හිතන්නෙත් දැන් ජනප්‍රියම තලයේ ඉන්න රංගන ශිල්පීන් අතර සේමිනී ඉද්දමල්ගොඩ, දිල්හානි ඒකනායක, සසන්ති ජයසේකර වැනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය කුමාරිකාවන් සමගම මම පෙම් ජවනිකා රඟපෑවා. ඔවුන්ගෙන් ලොකු සහායක් මට ලැබුණා. ඔයැ ඨ්පැ චිත්‍රපටයේ මගේ පෙම්වතිය තරින්දි ප්‍රනාන්දු ඇයත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙනුත් ලොකු සහායක් මට ලැබෙයි චිත්‍රපටය පුරාම.
මාධ්‍ය හරහා අප දුටුවා ඔබ පැවිදි චරිතයක් කිරීමට සූදානම් වන බව. පසුගිය කාලේ සිදුවුණු මතභේද එක්ක ඔබ පැවිදි චරිතයක් කිරීමේදී ගැටලු මතුවේවිද?
ඔබ ඔය අහන්නේ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ චිත්‍රපටයේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතය ගැන වෙන්න ඇති. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් ඒ චරිතය කරන්න භාර ගත්තේ. මම කතෝලික බැතිමතෙක් වුණත් මම චරිතාංග රංගන ශිල්පියෙක්. ඉතින් ඕනෑම චරිතයක් කරන්න මම සැදී පැහැදී ඉන්නවා. මම හිතන්නැහැ එය ප්‍රශ්නයක් වෙයි කියලා.
ඔබට හිතෙන්නෙ නැද්ද දේශපාලනයෙන් ඈත්වෙලා පූර්ණකාලීනව නැවත කලාවට සම්බන්ධ වෙන්න?
මම කලාවෙන් ඈත්වෙලා නැහැ. අනික මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම තනිකඩ මිනිහෙක්. ළමයි නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව මම සැහැල්ලුවෙන් කලාව වගේම දේශපාලනයත් කරනවා.
ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් කියන දෙයක් තමයි ලංකාවේ රඟපෑමට තැනක් නෑ කියලා. ඉතින් ඔබවත් මෙයට මැදිහත් වෙලා ක්‍රමවේදයක් හදලා දුන්නොත් මතු පරපුරට භාග්‍යයක් නේද?
මම හිතන විදියට ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා රංගන පාසල්වල ඉගෙනගෙන නෙමෙයි සිනමාවේ රජ වුණේ. ඒ විතරක් නෙමේ ජෝතිපාල සරිගම කියන්න බැරි වුණත් එතුමාත් සිනමාවේ හොඳ හඬක් නැඟුවා. මම කියන්නෙ නැහැ රංග පාසල් එපා කියලා. එයින් යම් දෙයක් ලබාගන්න පුළුවන්. හැබැයි තමාගේ දක්ෂතාව තිබුණොත් ගමේ කෙනෙක් හෝ නගරයේ කෙනෙක් හෝ ඒ පිපුණු මල කවදාවත් පරවෙන්නේ නැහැ. බෲස්ලි සටන් වීරයෙක්. ඒත් ඔහුගේ කලාවක් ඒ. දක්ෂතාවයෙන්ම ඉහළට ගත්තා. ලෝකයේ එහෙම තැනකට ආපු හැමෝම පාඨමාලා හරහා ආපු අය නෙමෙයි කියලා මට හිතෙන්නේ.

අධ්‍යක්ෂ – සුරංග ද අල්විස්
ඔබ ලංකාවේ සිද්ධවුණු ඛේදවාචකයක් මුල් කරගෙන චිත්‍රපටයක් සකසන බව ආංචි වුණා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

පසුගිය අප්‍රේල් 21 ලංකාවේ පල්ලි තුනක් මූලික කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා. පස්සේ රටේ ලොකු භීතියක් ඇතිවුණා. අදටත් ඒ භීතිය, කුතුහලය මිනිසුන්ගේ සිත් තුළ නැතුවා නෙමෙයි. හැබැයි ඔවුන් උත්සාහ කළේ පල්ලි තුනට එහා රටේ වගකිවයුතු පුද්ගලයකු ඝාතනය කිරීමටයි. අන්න ඒ සිද්ධි මාලාව මූලාශ්‍රයෙන් තමයි නිශාන්ත වීරසිංහ සහ මම එකතු වෙලා චිත්‍රපටයේ තේමාව සකස් කළේ. අනුර සමරජීව තමයි ගේම් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ.
කොයි වකවානුවලද ‘ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුකරන්නේ?
සැප්තැම්බර් මාසයේ සිට චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගන්නවා. කොළඹ අවට ප්‍රදේශවල තමයි චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවන්නේ.
‘ද ගේම්’ චිත්‍රපටයට රන්ජන් තෝර ගැනීමට විශේෂත්වයක් බලපෑවාද ?
මෙහෙමයි. රන්ජන් රඟපාපු චිත්‍රපටයක් දැන් තිරගත වෙන්නෙ නැහැ. මේ චිත්‍රපටයේ තිර කතාව හදනකොටම අපේ ඔළුවට ආවේ රන්ජන්. මොකද මේ චරිතය 100%ක්ම කරන්න පුළුවන් කෙනකුට ඉන්නේ ඔහු විතරයි. රන්ජන් මෙයට පෙර මගේ රජ හොරු චිත්‍රපටයේ රඟපෑවා. මම හිතන විදිහට ඇක්ෂන් සහ කොමඩි චරිතයක් කරන්න පුළුවන් කෙනෙක් විදහට අපට ඉන්නේ රන්ජන් විතරයි.
අන්තර්ජාලයේ සැරිසරන ඡායාරූප එක්ක බහුතරයක් අදහස් කළේ මෙය මලයාලම් කොපියක් කියලයි?
‘ද ගේම්’ චිත්‍රපය කොපියක් නෙමේ. බෝම්බ පිපිරීම් වුණේ ලංකාවේ විතරක් නෙමේ. පොලිස් චරිත තියෙන්නෙ විදේශීය නිර්මාණවල විතරක් නෙමේ. ඉන්දියාවත් චිත්‍රපට කොයි කරලා හදනවා. පම්පෝරි ගහන අයට නෙමේ මම චිත්‍රපට හදන්නේ. රසිකයා වෙනුවෙන් සත්‍ය කතාවක් අපි නිර්මාණය කරන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨාට එරෙහි සටනට සුදුස්සා කව්ද? තීන්දු කරන්න කලින් කියවන්න

Next Post

ලෝකයේ ළාබාලතම කෝටිපතිනිය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.