• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කසාද පස්සට අදින චණ්ඩාල යෝගය

January 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කසාද පස්සට අදින චණ්ඩාල යෝගය
Share on WhatsAppShare on Facebook

බඳිමුද?
බඳින්න කෙනෙක් නැද්ද?
කැමැතිද?
කැමැති වෙන කෙනෙක් නැද්ද?
කසාද බඳින්නත් කැමැති වෙන කෙනෙක් මෙලොව සිටිය යුතු වෙයි. යොවුන් වියට පිවිසෙන සැමදෙනාම ප්‍රාර්ථනා කරන්නේ තමන්ට ඉතා සුදුසු ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමටයි. සුදුසු හා ගැළපෙන යන වදන් තුළ තම සිතට ගැළපීම හා චරිතය හා ජීවන මාර්ගය යන කරුණු පිළිබඳ විශේෂිත අවධානයක් යොමුවේ. මේ අතර කෙතරම් ධනය, බලය, රූපය හිමිවුවද නිසි වයසේ පසුවුවද විවාහයට මඟ ඇහිරී නිවෙසේම හුදකලා වන අවස්ථා දක්නට ලැබෙයි.

ධනය, බලය, රූපය නිසිව නොපිහිටියද නිසි කල තම අභිමතයටත් වඩා ඉහළින් ලද සහකරුවකු හෝ සහකාරියක සමඟ විවාහ දිවිය සාර්ථකව ගත කරන තරුණ පිරිස්ද අප අතර ඇත. යමකුගේ විවාහයට හරස් වන්නේ කවරහුද? පමණට වඩා උසස් විවාහයක් පැතීමද විවාහය ප්‍රමාද වීමට හේතුවක් බව යමකුට තර්ක කළ හැකිය. දුගී පැලක සිට රාජ කුමාරයකු හෝ කුමාරියක පැතීම නිෂ්ඵල ක්‍රියාවකි. සිහින ලෝකවල සහ අතීත ප්‍රේම කතා තුළ ප්‍රේමයට උස් පහත් හෝ ජාති, ආගම්, කුල භේද බලනොපෑ බව කියැවෙයි. අතරින් පතර ඉහතින් සඳහන් කළ පරිදි ධනය, බලය රූපයද නොමැතිව සාර්ථකව යුග දිවි ගමන් ඇරැඹි පිරිස්ද දකින්නට අසන්නට ලැබෙයි.

වාසනාව, අවාසනාව හෝ ලැබීම පිළිබඳ විවිධ වූ තර්ක විතර්ක තමනටම අනුගත කර ගනිමින් විවාහය ප්‍රමාදයෙන් සුසුම්ලන තරුණ පිරිස්ද අපමණය. මේ අතර කල වයස ඉක්මවූ විවාහය පිළිබඳ සුබ සිහින අත්හළ විශාල පිරිසක්ද සිටිති. විවාහය ප්‍රමාද වන හෝ විවාහය මඟහැරුණු සියල්ලන්ටම එයට හේතු වූ සාධකය විමසුම් කර බලනු වටියි.
ජ්‍යොතිෂයෙන් විවාහය ප්‍රමාද වීම පිළිබඳ මූලික වූ සාධකය කියැවෙයි. එයට ජන්ම පත්‍රයේ ග්‍රහ රටාවන්ගේ සොබාවය හඳුනාගත යුතුය. ලග්න දොළසින් කුමන හෝ ලග්නයකට ජන්මියා සතු උපන් බලය හිමිවුවද හත්වැනි භාවයේ සඳු දුර්වලව පිහිටීම විවාහය ප්‍රමාදයට හේතුවකි.
සඳු සහ සෙනසුරු යෝගම හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීමද විවාහය පමාවට හේතුවෙයි.

පැවිදි වීමට හෝ විවාහ නොවීමටද මූලික වන යෝග යෙදෙයි. සඳු සිටින රාශියෙන් හතර, හත, එකොළහ යන ස්ථානයක සෙනසුරු සිටීම ගිහි ජීවිතයෙන් ඈත්වීම, විවාහය ඈත්වීම ආදී කරුණුවලට මූලික වෙයි. සෙනසුරු, කුජ සංයෝගව හත්වැන්නේ සිටීම හෝ හත්වැන්න දැකීම විවාහය ප්‍රමාද කිරීමට හේතුවෙයි. මෙම ග්‍රහ රටාව වෙනත් ග්‍රහ සංයෝගයකින් දැක්මකින් දුර්වල කර විවාහය සිදුවිය හැකිය. එහෙත් විවාහය අතරමඟ කඩාකප්පල් වීමට හෝ අසාර්ථක වීමට ඉහත කී ග්‍රහ බලපෑම මූලික විය හැකිය.

රවි, සෙනසුරු, කුජ, සිකුරු චතුරශ්‍රව හෝ සම සප්තමව සිටිමින් එම යෝගවලට අයහපත් සඳුගේ දැක්මද යොමුවීම විවාහ බාධකයකි.

ගුරු හෙවත් බ්‍රහස්පති සුබ ග්‍රහයෙක් බව පොදු පිළිගැනීමයි. එහෙත් හත්වැන්නට ගුරු යෝග වීම විවාහය ප්‍රමාද වීමට හේතුවන බව කියැවෙයි. හත්වැන්නට ගුරු යෝග වූ ජන්මියා විවාහයේදී සීමාව ඉක්මවා ඇතැම් කරුණු සොයා බැලීමට යෑමෙන් විවාහය ප්‍රමාද වෙයි.
පළමු විවාහය දෙදරා යෑමට හෝ වෙනස් වීමට හත්වැන්නේ ගුරුගේ සොබාවය ඉවහල් වන බව පැරැණි ජ්‍යොතිෂ ආචාර්යවරුන්ගේ මතයයි.

හත්වැන්න තුළ බුධ ග්‍රහයා තම බලය පතුරුවන විට එම ජන්ම පත්‍රය හිමි ජන්මියා ලිංගික ශක්තියෙන් දුර්වලයකු වන බව කියැවෙයි. වෙනත් සුබ ග්‍රහයකුගේ දැක්මක් හත්වැන්නට යොමු නොවන්නේ නම් එය හත්වැන්නේ බුධ හිමි ජන්මියාගේ විවාහය ප්‍රමාද වීමකි. ගුරු, රාහු යෝගයද හත්වැන්නට ඉතා අසුබ පිහිටීමකි. එම යෝගය ‘චණ්ඩාල යෝගය’ යනුවෙන් හඳුන්වනු ලැබේ.

උෂ්ණකාරී ග්‍රහයකු වන රවි ග්‍රහයා හත්වැන්නට යහපත් නැත. රවි හතේ යෙදීමෙන් වකුගඩු, මුත්‍රා, අර්ශස් වැනි රෝගාබාධ ඇතිවේ. එය ලිංගික රෝග ඇතිවීමටද සාධකයකි. රවි හතේ යෙදීමෙන් විවාහය ප්‍රමාද කරයි. අවුල් කරයි. රවි හතේ ජන්මියාට හිමිවන සහකරු, සහකාරිය හිතුවක්කාරය. මාන්නාධිකය. යටත් වීමට අකැමැතිය. පුරුෂයකුගේ රවි හතේ නම් ඔහුට හිමිවන සහකාරිය තුළ ඇත්තේ පිරිමි ගතිගුණය. ඇය දබරකාරී, කලබලකාරී ස්ත්‍රියකි. අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ සොබාවයන් අනුව පලාපල වෙනස් විය හැකිය. දෙදෙනකුගේ ලග්න දෙක එකිනෙකට තුන, පහ, නවය හෝ එකොළහට සිටීම දෙදෙනාගේ විවාහය සාර්ථක වීමකි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

Marina Square – Uptown Colombo චීනයේ LPS Shanghai 2019 ප්‍රදර්ශනයට එක්වෙයි

Next Post

තිලංග නිසා රන්ජන්ගේ ඉල්ලුම අහස උසට යයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.