රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් කළ අනාවරණයක් මුල් කරගෙන මේ වනවිට රන්ජන් රාමනායක මහතා වෙත ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.
ඒ, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මන්ත්‍රීවරුන් සුමතිපාල මහතා සම්බන්ධයෙන් ඇති හඩපට තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කිරීම හේතුකොටෙගෙනය.
රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේ හිටපු නිලධාරීන් තරග පාවාදීම් කළ ආකාරය, දූෂිත ගනුදෙනුවල නිරත වූ ආකාරය සම්බන්ධයෙන් හඩපට රැසක් පවතින බවත්, නිසි වේලාවට තමන් එම හඩපට එළියට දමන බවත්ය.










