• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

සීසීටීවී නැද්ද! භූමිතෙල්-ලයිටර් ආවේ කොහොමද! බාල වයස්කාරියක්ද! අතවර වුණේ කවදද! බදුර්දීන්ගේ ගෙදර සැඟවුණු රහස් CID SPECIAL

July 31, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ඉෂාලිනී යළි ගොඩ එයි!
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ සේවයේ නිරතව සිටි මෙහෙකාරියගේ මරණය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන්නක් බවට පත්ව හමාරය. අද රටේ එම මරණයට එරෙහිව ගොඩනැගී ඇත්තේ දැවැන්ත විරෝධයකි. වතුකරයේ මෙන්ම උතුරේත් දකුණේත් එම මරණයට වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන්නැයි ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ නොමැති දිනක් නැති තරම්ය.

බදියුදීන්ගේ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසේදී මෙසේ රටම කලඹවමින් ගිනි ගැනීමකින් මියයන්නේ ඉෂාලිනී නමැති 16 වියේ පසුවුණු දැරියකි. ඇය මියයන්නේත් දින ගණනාවක් කොළඹ ජාතික රෝහලේ ජීවිතයත් මරණයත් අතර වේදනාකාරී සටනක නිරතවීමෙන් අනතුරුවය. ඇගේ මරණය දෙබරයට ගල්ගැසුවාක් මෙන් සමාජය අතර දැඩි සංවාදයකට ලක්වෙමින් මෙවන් විරෝධයක් ගොඩනැගෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ඇය දූෂණයට ලක්වී ඇතැයි සඳහන් කිරීම හේතුවෙනි. එකී අධිකරණ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඇය දූෂණය වන්නේ කලක සිට බවය. ඔහුගේ අනුමානය වන්නේ අවුරුදු 12 -13 සිට ඇයට ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති බවකි. ඇය වයස අවුරුදු 16 තැනැත්තියක් වූවත් ඇගේ සිරුරේ ලක්ෂණ අවුරුදු 30ක පමණ තැනැත්තියකගේ මෙන් බවද අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණය විය. මේ දේවල් කියන්නේ හිතළු‍වට නොව, විද්‍යාත්මක පදනමක් ඇතිවය. මේ අධිකරණ වෛද්‍යවරයා ලංකාවේ සිටින නමගිය අධිකරණ වෛද්‍යවරයෙකි. මේ දේවල් ඔහුගේ නිරීක්ෂණයට ලක්වූවත් කිසි විටකත් ඇය ගිනිගැනීමට පෙර මෑතකදී දූෂණය වී තිබේදැයි හෝ ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවක් කියන්නේ නැත. ඒ ගැන පොලීසිය ඇසුවත් ඊට පිළිතුරක් දුන්නේ නැත. ඔහු කීවේ දීර්ඝ කාලයක් තිස්සේ ඇය ලිංගික ප්‍රවේශයකට ලක්ව ඇති බවකි. එය කැමැත්තෙන්ද අකැමැත්තෙන්ද යැයි අධිකරණ වෛද්‍යවරයා කීවේද නැත.

බදියුදීන්ගේ නිවෙසේ පිලිස්සී මියගිය බාල වයස්කාර මෙහෙකාරිය දූෂණයට ලක්වෙලා. ජන මාධ්‍ය ඒ බව එසේ වාර්තා කරන විට බදියුදීන් සමග දැඩි වෛරයෙන් පසුවන රටේ බහුතරයක් වූ’ජනතාව ඔහුට එරෙහිව පෙළගැසෙන්නට ගත්හ. ඒ පාස්කු ප්‍රහාරයට පවා ඔහුගේ නම ඈඳී ඇති බැවින් ඒ ගැනද යම් වෛරයක් ඇතිව තිබුණු බැවිනි.

මෙහිදී සමාජය බරපතළ ලෙසම ප්‍රශ්න කරන්නට ගත්තේ බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ සිටි මේ සේවිකාව බාල වයස්කාරියක් බැවින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවටය. මුලදී පොලීසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරන්නට ගත්තේ ඇය මේ නිවෙසේ සේවයට එන විට අවුරුදු 16ට මාසයක් අඩුවෙන් සිටි බවකි. පහුගිය අවුරුද්ද වන තුරුම අපේ රටේ ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් නීතිය පැවැතියේ අවුරුදු 14 ලෙසිනි. මෙහෙකාර සේවයේ යෙදවිය නොහැකි වූයේ අවුරුදු 14ට අඩු දරුවන් පමණි. අවුරුදු 14, 15 කුඩා දරුවන් කොළඹ බංගලාවල සහ වෙළෙඳසල්වල සේවයේ නිරතව සිටිනු අපිට දක්නට ලැබුණේ එබැවිනි. කටේ කිරි සුවදවත් නොගිය ඒ දරුවන් නැති බැරිකටම මෙහෙකාර සේවයට භාර දෙන්නේද මවුපියන්ය. මේ තත්ත්වයට වැඩි වශයෙන් මුහුණදී සිටියේ වතුකරයේ දරුවන්ය. ගිය අවුරුද්දේ ඒ වයස් සීමාව කම්කරු අමාත්‍යාංශය වෙනස් කරන්නේ අවුරුදු 14 සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දමමිනි. මේ වයස් සීමාව ගැනත් ඇත්තේ ගැටලුවකි. ඒ වෙන කිසිවක් නිසා නොව. අවුරුදු 16 කියන්නේද දරුවෙක් වන බැවිනි. එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලට අනුව සහ ලෝක ළමා ප්‍රඥප්තියට අනුව ළමයා යනු අවුරුදු 18ක තැනැත්තෙක් හෝ තැනැත්තියකි. එකී ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට පවා අත්සන් තබා ඇති අප රට අවුරුදු 16ත් 18ත් අතර දරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීමට නීතියෙන්ම ඉඩ ලබාදී ඇත. එම ප්‍රඥප්තිවලට අනුව බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී මියයන්නේ දරුවෙකි. අපේ රටේ නීතියට අනුව ඇය දරුවෙක් නොවන්නේ පසුව කළ විමර්ශනවලින් ඇය මේ නිවෙසේ සේවයට එන්නේ අවුරුදු 16 සම්පූර්ණ වී ඇති නිසාය. මුල් අවස්ථාවේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස යොදාගත් බදියුදීන්ගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පොලීසියට හැකියාවක් නොලැබෙන්නේ එබැවිනි.

සමාජ විරෝධතා එන්න එන්නම තීව්‍ර වීමත් සමග පොලීසියටද ගැලවිල්ලක් නොවීය. අවසානයේදී නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් පතන්නට සිදුවිය. එහිදී මේ දැරියට බදියුදීන්ගේ පවුලේ උදවියගෙන් සිදුවූ’හිරිහැර ගැන ඇගේ මවගෙන් යම් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට හැකියාවක් ලැබුණේය. ඇය කියන්නට වූයේ සිය දියණිය මාස 08ක් ඒ නිවෙසේ සිටියද ඇය සමග කතාබහ කිරීමට අවස්ථාවක් දුරකතනයෙන්ද ලැබුණේ මාසයකට වරක් දෙවරක් පමණක් බවකි. එසේම ඒ අය පහරදෙන බවක්ද ඇය කී බව මව පවසන්නට විය. පොලීසියට පොටක් පෑදෙන්නේ එවිටය. මෙහෙකාර සේවය 16 වැඩි පිරිස්වලට නීතියෙන්ම ඉඩ සලසා ඇතත් ළමයා යනු 18ට අඩු අය බැවින් ඒ අයට පහරදෙන්නට හිරිහැර කරන්නට කෲර ආකාරයට සලකන්නට නීතියෙන් ඉඩක් නැත. කෲරත්වය යන වචනයෙන් පවා සිදුවිය හැකි බැවින් එයත් සැලකෙන්නේ නීතිය ඉදිරියේ වරදක් ලෙසිනි. එහෙත් මව කී පලියට ඇයට පහරදුන්නේ යැයි නීතිය ඉදිරියේ පොලීසියට සනාථ කරන්නට සාක්ෂියක් නැත. දියණිය මියගොස් ඇති බැවින් ඇගෙන් ඒ ගැන අසන්නටද බැරිය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වත් පහරදීමක් ගැන සඳහනක් නැත. මෙවන් තත්ත්වයක් මත බොරැල්ල පොලිස් ස්ථානයෙන් පරීක්ෂණ ගලවා කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙන්ත්‍රතන්ත්‍රී විමර්ශන කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයට පවරනු ලැබු‍වේය. එම අංශයේ නිලධාරීන් බදියුදීන්ගේ නිවෙසට ගොස් ඇය ගිනි ගැනීමට ලක්වූ කාමරය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එම කාමරයේ විදුලි බුබුළු අක්‍රියව පවතින බවකි.

සොයා බැලීමේදී පෙනීයන්නේ මාසයක් දෙකක් තිස්සේ විදුලි බුබුග පිළිස්සී ගොස් ඇතත් අලු‍ත් එකක් දමා නැති බවය. එසේම කාමරයේ විදුලි පංකාවක් ඇතත් එහි විදුලිය තිබී ඇත්තේ විසන්දි කොටය. කාමරය පිහිටා තිබී ඇත්තේ මුළුතැන්ගෙට යාබදව නිවෙසින් පිටතය. කාමරයට රාත්‍රියට ආලෝකය ලැබී ඇත්තේ මුළුතැන්ගෙයි පිටතින් දමා ඇති විදුලි බල්බයකිනි. මුළුතැන්ගෙයි දොර රාත්‍රියට වසා දැමීමෙන් පසු නැවත විවෘත වන්නේ අලු‍යම් කාලයේදීය. එතෙක් ඇය තට්ට තනිවම එළියේ ඇති කාමරයේ රැඳී සිටිය යුතුය. ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දුටුවේ එය ළමා කෲරත්වයක් ලෙසිනි. ඒ මෙහෙකාරියක් වූවත් ළමයෙක් වූ’ඇය රාත්‍රී කාලයේ නිවෙසින් පිටත අඳුරු කාමරයක තනිකර දැමීම නිසාය. ඒ අනුව එම මෙහෙකාරිය කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් බදියුදීන්ගේ බිරිය, ඇගේ මව, සහ ඇයව මෙම නිවසට රැගෙන පැමිණි තැරැව්කරුවා අත්අඩංගුවට ගත්තේය. ඒ අතර බදියුදීන්ගේ බිරියගේ සහෝදරයාවද අත්අඩංගුට ගත්තේය. ඒ මෙයට පෙර බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාරියක් ලෙස සේවයේ නිරතව සිටි තරුණියකට අවස්ථා දෙකකදී දූෂණය කිරීමක් සම්බන්ධයෙනි. එම මෙහෙකාරියව සොයා ගන්නේ බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයට තමා එකොළොස් දෙනෙක් මෙයට පෙර සම්බන්ධකර දී ඇතැයි තැරැව්කරු කළ හෙළි කිරීමකට අනුව එම මෙහෙකාරියන් සොයා යමින් සිටියදීය. ඒ එක් මෙහෙකාරියක් වන්නේ එම තැරැව්කරුගේ දියණියකි. ඇය බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර රැකියාව අතහැරියේ යැයි කියන්නේ විවහාය වෙනුවෙනි.

බදියුදීන්ගේ බිරියගේ සහෝදරයා අතින් දූෂණය වූයේ යැයි කියන මෙහෙකාරිය වැඩි කාලයක් බදියුදීන්ගේ නිවෙසේ සේවය කළ තැනැත්තියකි. බදියුදීන් ඇමැතිවරයාව සිටියදී ඇය සේවයේ නිරතව සිට ඇත්තේ බදියුදීන්ගේ නිල නිවෙසේය. ඇයව දූෂණය වූයේ යැයි කියන්නේ එහිදීය. ඇය එකල මේ ගැන කිසිවකුටත් කියා නැත්තේ බදියුදීන්ට තිබුණු දේශපාලන හයි හත්තිය නිසා බියටය. දැන් ඇය සියල්ල කියනවා පමණක් නොව, ඒ නිවෙසට ගොස් ඒ ස්ථානද පෙන්වන්නේ දැන් බියවන්නට කිසිදු කාරණාවක් නොමැති බැවිනි. බදියුදීන්ගේ බිරියගේ මේ කියන සහෝදරයා සිටින්නේ අනුරාධපුර පැත්තේය. ඇයව දූෂණය කර ඇත්තේ ඉඳහිට කොළඹ පැමිණි අවස්ථාවලදීය. එම සහෝදරයා ඇයට පමණක් නොව, එම නිවෙසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙක්ටම බැල්ම හෙළා ඇත. ඇස් ගසමින් ඒ අයව තමන් වෙත නම්මා ගැනීමට උත්සහ දරා ඇතත් ඒවා ව්‍යර්ථව ඇත්තේ එම මෙහෙකාරියන්ගෙන් ඊට අනුබලයක් නොමැති වූ තැනය. ඒ බව මේ වන විටත් මෙහෙකාරියන් කිහිප දෙනෙක්ම ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්ට පවසා ඇත්තේය.

මේ තත්ත්වය මත බදියුදීන්ගේ බිරියගේ සහෝදරයාගේ අතින් මියගිය මෙහෙකාරියට අනතුරක් නොවූවා යැයි කියන්නට බැරිය. එසේම බදියුදීන්ගේ බිරියගේ තවත් සහෝදරයෙක් සම්බන්ධයෙන් මේ වන විට හෙළිදරව්වක් සිදුවෙමින් ඇත. එනම් එම සහෝරයා දැරියක් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් වරදකරු වෙමින් 2007 වසරේ මැයි 29 වැනිදා වසර 15ක සිරදඬුවමක් හිමිවූ’අයෙක් බවය. ඒ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඩ් හනීෂ් නමැති ඔහු වසර 15ක් යන්නට මත්තෙන් 2016 වසරේ හිරෙන් නිදහස් වූ බවද එම තොරතුරුවල සඳහන්ය. දඩුවම් කාලයට පෙර සිදුවූ ඔහුගේ නිදහස ගැනද දැන් ඇතිව තිබෙන්නේ කතාබහකි.

මේ තත්ත්වය මත ළමා අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති එසේම කිසිදු දේශපාලන බලපෑමකට නතු නොවී රාජකාරි කරන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේවත් ස්ත්‍රී දූෂණ ගොන්නකටම හිරේ යැවූ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්තද විමර්ශන සඳහා මාතර සිට කොළඹට කැඳෙව්වේය. මෙහිදී ඇගේ මරණය ගැන පමණක් නොව, ඇයව දූෂණය කළ අයද සෙවීම ඇගේ වගකීම වී තිබේ. මේ දිනවල වතුකරයේම වැඩි කාලයක් ගතකරන ඇය බොහෝ තොරතුරු රැස්කරගෙන ඇත්තේ හෙට අනිද්දා ලොකු හෙළිදරව් ගොන්නක්ම කරන්නට සූදානමිනි.

ඊට තවත් සාක්ෂි අවශ්‍යය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ ඇතැම් සාක්ෂි ඊට ප්‍රමාණවත් නැත. එසේම මියගිය මෙහෙකාරියගේ මවද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයා ගැන සැකයක් මතුකර තිබුණාය. ඒ එම අධිකරණ වෛද්‍යවරයා මුස්ලිම් තැනැත්තෙක් වීම නිසාය. ඒ සියල්ලටම විසඳුම් දෙන්නට තීරණය වන්නේ භූමදානය කළ ඇගේ දේහය නැවත ගොඩගෙන දෙවැනි පශ්චාත් පරීක්ෂණයකට ලක්කරන්නටය. ඒ නීතිපතිවරයාගේද ඉල්ලීමකට අනුවය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට විශේෂඥ මණ්ඩලයක් නම් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන අය ඒ අතර විය. 30 වැනිදා ඇගේ සිරුර ගොඩගෙන ඒ අය විසින් නොවිසඳුණු කරුණු සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවතත් සිදුකරනු ඇත. ඇයට පහරදීම් සිදුව තිබේද? ගිනිගැනීම සිදුවූයේ කෙසේද? ආදී බොහෝ කරුණු එහිදී හෙළිකර ගනු ඇත.

කෙසේ වෙතත් ඇගේ මරණය සිදුවී ඇතැයි කියන්නේ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනිතබා ගැනීමකිනි. එය සියදිවි හානිකර ගැනීමක්ද ඝාතනයක්ද යන්න මේ වන විටත් සමාජයේ ඇත්තේ දැඩි කතාබහකි. බොරැල්ල පොලීසිය පැත්තෙන් නම් කියැවෙන්නේ ඇගේ කාමරයේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් හමුවූ’බවය. එම බෝතලයේත් ලයිටරයේත් ඇඟිලි සලකුණු ගිනි තබාගැනීම සිදුවූ’දිනම ඇඟිලි සලකුණු විශේෂඥයන් ගෙන්වා පරීක්ෂා කළ බවද පොලීසිය කියයි. එහෙත් එහි ඇඟිලි සලකුණු තිබී නැත. ඒ යැයි කියා ඒවා පොලීසිය එම නිවෙසේ දමාවිත් නැත. සොකෝ නිලධාරීන් ඒවා සිය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස සුරක්ෂිතව තබාගෙන සිට ඇත. එසේම රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනිගැනීම් සම්බන්ධ විශේෂඥයන්ද එදාම ඒ නිවෙසට පැමිණ ගින්න ගැන පරීක්ෂණයක් කර ඇත. ඒ විතරක් නොව. නිවෙසේ ආරක්ෂක කැමරා පද්ධතියද පරීක්ෂාකර බලා ඇත. කැමරා කිහිපයක් අක්‍රියව තිබුණත් ඇය කාමරයේ සිට ගිනි ගනිමින් දිව එන අයුරු මෙන්ම ඇගේ සිරුරට ඇවිළෙන ගින්න රෙද්දක් දමා නිවැසියන් නිවා දමන අයුරු මෙන්ම නිවෙසේ රැඳීසිටි 19 වියැති පිරිමි මෙහෙකරුවා අසල නිවෙසක රැඳී සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ව කැඳවාගෙන එන අයුරු මෙන්ම 1990 ගිලන් රථයක් පැමිණ ඇයව රැගෙන යන අයුරු පවා එම කැමරාවල සටහන් වී තිබෙන බව කියති. ඒ පද්ධතියම ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානය භාරයේය. එම දත්ත පද්ධතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ අතටද වැඩිදුර පරීක්ෂණ සඳහා පත්වනු ඇත. එහිදී තවත් බොහෝ තොරතුරු ඒ තුළින් එළියට එනු ඇත.

මෙහිදී සැකයට තුඩුදෙන කරුණක් නම් භූමිතෙල් බෝතලය ඇගේ කාමරයට ආවේ කෙසේදැයි කියාය. මෙයට පෙර මෙම නිවෙසේ සේවය කළ මෙහෙකාරියන් පවසා ඇත්තේ මේ නිවෙසේ භූමිතෙල් භාවිත කරන්නේ නැති බවකි. එසේම ඒ නිවෙස අවටින් භූමිතෙල් ඇති තැනක් සොයා ගන්නට පවා අසීරුය. ඒ නිසාම පොලීසිය අවට වෙළෙඳසල් පීරා භූමිතෙල්ද සොයා ඇත්තේ යම් තොරතුරක් ඒ තුළින්වත් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි. අඩුම තරමින් ගිනිගැනීමෙන් මියගිය මෙහෙකාරිය කඩේකින් භුමිතෙල් මිලදීගත්තේ යැයි කියාවත් එහිදී සිතන්නට තිබුණේය. එසේම ඇය ගිනි අවුලුවාගත්තේ යැයි කියන කාමරයෙන් හමුවූ’ලයිටරය ගැනද ඇත්තේ ගැටලුවකි. ඒ, එම නිවෙසේ ඊට පෙර ලයිටර් භාවිත කළ බවක් කිසිදු මෙහෙකාරියක් පවසන්නේ නැති නිසාය. ඒ අනුව ඇගේ මරණය පැටලුණු නූල් පන්දුවක් බඳුය. බදියුදීන්ගේ බිරියගේ මව මුල් අවස්ථාවේදී බොරැල්ල පොලිස් ස්ථානයට ලබාදී තිබුණු ප්‍රකාශයකින් කියැවෙන ආකාරයට භූමිතෙල් බෝතලය ඇය රියැදුරකු මගින් ගෙන්වා ගත්තකි. ඒ ඇගේ පාදයේ ඇඟිලි අතර ඇති යම් රෝගී තත්ත්වයක් සඳහ භාවිත කරන්නටය. එහෙත් රෝගී තත්ත්වයන්ට භූමිතෙල් භාවිත කරන බවක් අප අසා නැත. රියැදුරාද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසන්නේ තමන් ඒ නිවෙසට භූමිතෙල් ගෙන ආ බවක් මතකයේ නැති බවය. එසේ නම් ඒ භූමිතෙල් බෝතලය නිවෙසට ආවේ කෙසේද? මෙතෙකේ විසඳී නොමැති ගැටලුවකි. බදියුදීන්ගේ බිරියගේ මව කියා ඇති ආකාරයට අනුව එම භූමිතෙල් බෝතලය මාස හය හතකට පෙර රැගෙන ආ එකක්ය. ඒ නිසාම යම් කාල නිර්ණයක් සඳහා එම භූමිතෙල් බෝතලය පවා දැන් සිදුව ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයාට සහ ඛනිජ තෙල් සංස්ථාවට යොමු කරන්නටය. මේ විමර්ශනය එවන් සියුම් ආකාරයට පොලීසියට කරන්නට සිදුව ඇත්තේ මෙම විමර්ශනය කෙරෙහි රටේ වැඩි දෙනෙකුගේම අවධානය යොමුව ඇති බැවින් සහ සුළු හෝ අඩුපාඩුවක් වුවහොත් මුළු වතුකරයම සිටින්නේ පාරට බසින්නට සූදානමින් බව දන්නා බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)

Next Post

පැරදිලා පැරදිලා දින්නාට කෝටි 2ක්!

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.