එජාපයේ කැරැලිකාර කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පැවැති සාකච්ජාවලදී දෙපාර්ශ්වය යම් එකගතාවයන් ඇති කරගත්තද සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය නොහැකි බව අගමැතිවරයාෙගේ පාර්ශ්වය අවධාරණය කර ඇත.
ඒ අනුව අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් මුල්කරගෙන ආරම්භ කර ඇති විනය ක්‍රියාමාර්ග දිගටම පවත්වන බව අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇති බව දැනගන්නට තිබේ.
මීට පෙර වාර්තා වී තිබුණේ අජිත් පෙරේරා මහතා පක්ෂයෙන් නෙරපා හැරිය යුතු තරමට පක්ෂ විනය කඩවන ආකාරයට හැසිරී ඇති බවකි.