ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රාජපක්ෂ සොහොයුරන් අතර අද (28) දහවල් 12ට ඉතා තීරණාත්මක හමුවක් සිදුවීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම සාකච්ජාවට මහින්ද, ගෝඨාභය හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් තිදෙනාම සම්බන්ධ වීමට නියමිතය.
ජනාධිපතිවරයා විසින් ඊයේ (27) රාත්‍රියේදී කරන ලද හදිසි දැනුම් දීමකට අනුව මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ සලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ජා කිරීමට නියමිත අතර පොදු ලකුණක් යටතේ කරග කළ යුතු බවට වූ ශ්‍රිලනිපයේ තීන්දුව මෙහිදී ජනාධිපතිවරයා විසින් රාජපක්ෂ සොහොයුරන්ට දැනුම් දීමට නියමිතය.
ඒ අනුව මෙම සාකච්ජාව දෙපාර්ශ්වයටම ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.










