• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොක්කන්ගෙ වරදින් ශ්‍රී ලන්කන් අවුලෙන් අවුලට

January 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ලොක්කන්ගෙ වරදින් ශ්‍රී ලන්කන් අවුලෙන් අවුලට
Share on WhatsAppShare on Facebook

රාජකාරි අවස්ථාවේදී කොරෝනා රෝගය වැළඳෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් යොමු කිරීමට නිසි මධ්‍යස්ථානයක් සකස් කරන ලෙසට ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ශ්‍රී ලන්කන් පාලනාධිකාරියෙන් කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම ඉවත දැමීම හේතුකොට ගෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ගුවන් නියමුවන් තීන්දු කර ඇත.

මෙම සංසදයේ ලේකම් ප්‍රධාන ගුවන් නියමු ගෙහාන් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන්හි සේවය කරන ගුවන් නියමු සාමාජිකයන්ගෙන් මෙම ඉල්ලීම කොට ඇත.

ඒ අනුව රොස්ටරයට අනුව නිවාඩු ලබාදී ඇති දිනවල පියාසර නොකිරීම, එම කාලසීමාව තුළ රාජකාරි වෙනස්කම් සඳහා ඉල්ලුම් කිරීම හෝ ලැබෙන ඉල්ලුම් පිළිනොගැනීම, ස්ථාවර රාජකාරි වේලාවෙන් පිටත ගුවන් ගමන් භාර නොගැනීම හා රාජකාරි දිනවලදී පවා විකල්ප රාජකාරි භාර නොගැනීමට කටයුතු කරන ලෙසට මෙම ලිපිය මඟින් ගුවන් නියමුවන්ට දැනුම් දීමක් කර තිබේ.

ඔවුන් විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ලබන 21 වැනි දිනට ගුවන් තොටුපොළවල් සියල්ල විවෘත කිරීමට රජය විසින් තීන්දුවක් ගෙන තිබියදීය.

මේ හේතුවෙන් බොහෝ විට ගුවන් යානා පියාසර කරවීමට නියමු හිඟයක් ඇති විය හැකි බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම ගුවන් නියමු සංසදයේ ඉල්ලීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන විපුල ගුණතිලක මහතා යවා ඇති පිළිතුරු ලිපියත් සමඟ තත්ත්වය තරමක් බරපතළ වී ඇති බව දැනගන්නට තිබේ.

හෙතෙම එම ලිපිය මඟින් සඳහන් කොට ඇත්තේ ඇතැම් සේවකයන් වෛරසයට නිරාවරණය වී ඇත්තේ වෛරසය සමාජයේ පුළුල්ව පැතිරී පවතින හෙයින් බවකි.

මේ අතර මේ වන විට ප්‍රධාන ගුවන් නියමු සිවුදෙනකුට රාජකාරි අවස්ථාවේදී කොරෝනා රෝගය වැළඳී ඇති බවද තහවුරු වී තිබේ.

මේ වන විට ඔවුන් ඉරණවිල පිහිටි කොරෝනා මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇති බවත්, එහි මූලික පහසුකම් අවම මට්ටමක පැවැතීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියකට පත්ව ඇති බවත් දැනගන්නට තිබේ.

මේ හේතුව මත ගුවන් නියමු සංසදය පෙන්වා දෙන්නේ මෙරට ප්‍රධාන සමාගම් කිහිපයක්ම ඉතා ඉහළ මට්ටමේ කොරෝනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන හෙයින් එවැනි විශේෂිත මධ්‍යස්ථානයක් සකස් කොට ශ්‍රී ලන්කන් ගුවන් සේවකයන්ට සහනයක් සලසන ලෙසටය.

SendShareShare
Previous Post

දුමින්ද නිදහස් කරගන්න විමලුත් සටනට බහී

Next Post

ඉන්දීය විදේශ ඇමැති ලංකාවේ සිටිද්දී වරාය කාටවත් නොදෙන බව මහින්ද පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.