ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දින පවත්වන බව මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතා අතර අතිශය තීරණාත්මක හමුවක් ඊයේ (18) රාත්‍රියේ පැවැත්වී ඇත.
ඒ අනුව ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව රාත්‍රියේදී හමුවිය හැකි බව ජනාධිපතිවරයා දැනුම් දී ඇත. එම දැනුම් දීමට අනුව රාත්‍රී 9.55ට ජනාධිපතිවරයාගේ නිවෙසට ගොස් ඇති රාජපක්ෂ මහතා පැය එකහමාරක් පමණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කොට ඇත.
මෙහිදී රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහාය දැක්වීමට කටයුතු කරන ලෙසටය.
නමුත් රාජපක්ෂ මහතාගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කිසිසේත්ම පොහොට්ටුව ලකුණට සහාය පළ කළ නොහැකි බවත්, වෙනත් ලකුණකින් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් අවධාරණය කොට තිබේ.
ඒ අනුව මෙම සාකච්ජාව කිසිදු එකගතාවකින් තොරව අවසන් වී ඇත.
කෙසේවෙතත් අද (19) උදෑසන ජනාධිපතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දීර්ඝ දුරකතන සංවාදයක් සිදුව ඇත. මෙහිදී සාකච්ජාවට ලක්වූ කරුණු මොනවාද යන්න දැනගන්නට නැතත් හදිසි කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන්නේ එම සාකච්ජාවෙන් අනතුරුවය.