එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (19) දහවල් 12.00ට කැදවීමට පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළුතර ප්‍රදේශයේ ආගමික රැස්වීමකට සහභාගී වී සිටියදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පාර්ලිමේන්තු කණ්ඩායම කැදවීම විශේෂ සිදුවීමකි.
ප්‍රේමදාස මහතා වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා පුද්ගලිකවම මන්ත්‍රීවරුන්ට කතා කොට මෙම කැදවීම කර ඇති බවද දැනගන්නට ඇත.