පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ චෝදනා ලැබ සිටි රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මාස 5කට පසුව චෝදනා නැති බව කියමින් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.
පොලිසියේ ‘විශේෂ විමර්ශන ඒකකය’ (SIU) මගින් මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් අදාළ නිදහස් කිරීමෙන් පසු ඊයේ (04) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.
බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමටද පියවර ගෙන ඇත.