මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ තවත් සේවිකාවන් දෙදෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති අතර යාපනය හා මොනරාගලින් රෝහල්වලින්ද කොරෝනා රෝගීන් දෙදෙනකු හමුවී ඇති බව යුදහමුදාපති ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
එම සේවිකාවන් දෙදෙනාද අදාළ ඇගලුම් කම්හලේ සේවය කර ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙන් කොරෝනා රෝගීන් 73ක් වාර්තා වී තිබේ.