ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් අතර අද (17) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම හමුව සවස 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය.
එම සාකච්ජාවට පළමුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සදහන් කරන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන අපේක්ෂකයකුට ඔවුන්ගේ සහාය දක්වන බවට කලින් තිබූ ප්‍රතිපත්තියේම ඔවුන් තවදුරටත් සිටින බවකි.