හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කොට ඇත.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත මෙසේ මහේස්ත්‍රාත්වරිය නියෝග කොට ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.











