කොරෝනා වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජන්ද සටන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව දඹුල්ල, හොරොව්පතාන, ගම්පොළ, කොත්මලේ, කැකිරාව යන ආසනවල කුඩා රැස්වීම් පැවැත්වීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය බලධාරින් ලබාදී ඇති නියමයන් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් එයට ගැළපෙන පරිදි පුද්ගල සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට මෙහිදි කටයුතු කෙරිණ. එම සහභාගී වු පිරිස වෙනුවෙන් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කීරීමත්, දෑත් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය විෂබීජ නාශක දියර හා මුව ආවරණ අදාළ ස්ථාන වෙත සැපයීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අවශ්‍ය කටයුතු යොදා තිබුණි.
එළඹෙන මහ මැතිවරණයේදී සෞඛ්‍ය බලධාරින් විසින් පනවන ලද නියමයන් අනුගමනය කරමින් මැතිවරණ කටයුතු මෙහෙය වීම පිළිබඳව සහ මැතිවරණ පැවැත්වෙන දිනයේ සහ ඉන්පසුව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කරන ලදී.
ඊට අමතරව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීම පිළිබඳව මෙහිදි අවධානය යොමු කෙරිණ.
දිවයිනම ආවරණය වන පරිදි මුලික වටයේදී හමුවීම් 150කට අධික සංඛ්‍යාවක් පසුගිය දෙදින තුළ පැවැත්විණි.
















