මැතිවරණ කොමිසම් සභාව මනාප අංක නිකුත් කළද තවමත් මැතිවරණය පවත්වන දිනයක් ප්‍රකාශ කර නොතිබීම බරපතළ ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අද (10) දින බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී හෙතෙම මෙම අදහස්ද පළ කළේය.
ඊයේ (09) දිනයේ දී සියලු පක්ෂ විපක්ෂ සියලු දෙනාට මැතිවරණ කොමිසම විසින් මනාප අංක නිකුත් කළා. අද කොරෝනා වසංගත තත්වය ඉතා හොඳ පාලනයකට ගෙනල්ලා තිබෙනවා. මේ මොහොතේ රට යළි පිපිදෙන රටක් හැටියට නිර්මාණය වී තිබෙනවා. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි රට විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ හා මහජනතාවගේ ද කැපකිරීම්වලට අපගේ ස්තූතිය පුද කර සිටිනවා.
මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදී රටක සර්වජන ඡන්ද බලය තුළින් ජනතාවට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මේ රට ඉදිරියට ගෙන යන්න වගකියන පාර්ලිමේන්තුවක් අවශ්‍යයයි. ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් තැබීමේ වගකීම මැතිවරණය කොමිසම සතුයි. අපි හිතුවේ අධිකරණ තීන්දුවෙන් පස්සේ දිනයක් ලැබෙයි කියලා. තවත් මනාප අංක දුන් දවසේ දෙයි කියලා බලාන හිටියා.
යහපාලන ආණ්ඩු කාලයට පෙර තමයි මැතිවරණ කොමසාරිස්තුමා හිටියේ. 19 වන ව්‍යවස්ථාවේ අනුව මැතිවරණ කොමිෂන් සභාව කියලා හඳුන්වලා දුන්නා. මැතිවරණ කොමිසමේ තනි පුද්ගලයාට තියෙන බලය පෙර තිබුණාට වැඩිය ස්වාධින තීන්දු තීරණ ගන්නා බවය අසා තිබුණේ.
පළමු සැකය නම් කොමසාරිස් බලය 19 වන සංශෝධනයෙන් කොමිසමක් හඳනවා කියලා. කොමිසම ආව ගමන් පළාත් පාලන මැතිවරණය අවුරුදු 03කට කල් ගියා. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් වන එතුමාගේ වචන වලින් කිව්වොත් පළාත් සභා අතුරුදහන් වී ඇත කියලා. මැතිවරණ කොමිසම් සභාවේ අය මොකද කලේ. කලින් පියවර ගන්න තිබුණා.
ජනාධිපතිවරණයේදී අපි දුටුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක ලෙස සිටි අවධියේ ඇමරිකානු පුරවැසිභාවය හා නොයෙකුත් චෝදනා එල්ල කරමින් කටයුතු කළා.
දැන් ඒ අතරේ ඉදිරියේ මැතිවරණයක් තියාගෙන කියනවා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කියනවා ශි්රී ලංකා පොදුජන පෙරමුණ අභියෝගයක් වෙලා කියලා. කවුද මේ නියෝජිතයෝ තෝරා පත් කර ගන්නේ. මේ තෝරා ගැනීම් පක්ෂග්රාහි අයුරින් සිදුවන බවට පැහැදිලිව සැක මතු කරනවා. විවිධ වු අනිකුත් කොමිසම්වල සිටින පිරිස ගැනද දැන් සැක මතු වෙනවා.
දැන් විපක්ෂය ඡන්දයක් තියන්න කැමතිම නැහැ. හරියට ගැරඩියාට භූමිතෙල් ගහලා වගේ හතරඅතේ දුවනවා. ජනතාව වෙනුවෙන් වැඩ කළානම් ජනතාව ඉදිරියට යන්න බැරි කමක් නැහැනේ.
දැන් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මැතිවරණ කොමිසමේ සුදු හුණු ගාන කටයුත්තක නියැළෙමින් සිටිනවා. අනුර කුමාර දිසානායක මහතා කියනවා මැතිවරණ කොමිසමේ වැරැද්දක් නැහැ වැරැද්ද අපෙයි කියලා.
අපි අහන්න කැමතියි මැතිවරණ කොමිසමෙන් බාලගිරි දෝෂය අද නොවෙයි හෙට ද කියලා. දැන් හැමදේම තිබුණත් දිනයක් තවම නැහැ. අපි ප්‍රාර්ථනා කරනවා මැතිවරණ තියන්න අවශ්‍ය වරම මැතිවරණ කොමිසමට ලැබේවා කියලා.
අද වන විට යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර මහතා කියනවා ඔහුගේ මනාප අංකයට ඡන්දය දෙන්න එපා කියලා. තරග කරන්නේ නැහැ කියලා. සමහරු මෙවැනි අවස්ථාවක ඡන්ද කටයුතු සම්බන්ධයෙන් නොයෙක් උපක්රමයන් යොදනවා විය හැකියි. මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙලා වෙනම දේශපාලන වැඩපිළිවෙළකට ගමන් අරඹන බව කියනවා. එසේනම් හොඳම වන්නේ විදේශ එජාන්තවරයෙකු වීමයි. මොකද පසුගිය කාලය පුරාවට එතුමාගේ කය මෙහේ හිත ජත්යාන්තරයට මුහුණලා තිබුණේ. දැන් එතුමාට දිට්ඨ ධම්මවේදීනිය කර්මය පළ දී ඇති , ඔහු විසින් ගරුතර මහා සංඝරත්නයට ගරහපු පුද්ගලයෙක් වනවා.
අපි මැතිවරණයකට සුදානම්. මේ මැතිවරය සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණයක් බවට පත් කර ගන්නවා.
අපේක්ෂක අජිත් සුබසිංහ මහතා

හැමදාම අපි ආණ්ඩු බලයට එනකොට විපක්ෂයක් විදිහට කෑ ගහන එක්සත් ජාතික පක්ෂය අද සටන් පාඨ නැතුව අනාථ වෙලා සිටින්නේ. විජේපාල හෙට්ටිආරච්චි මහතා කියනවා විපක්ෂයට මඩ ගහනවා කියලා. අපි අහන්න කැමතියි මඩ ගහන්න විපක්ෂය අද ඉතුරු වෙලා තියෙනවාද කියලා. කැඩුණු බැදුණු දියාරු වු විපක්ෂයක් දැන් තිබෙන්නේ. ඩඞ්ලි සේනානායක මහත්තයලා, ඩී එස් සේනානායක මහත්තයලා , ව්‍යවස්ථා වෙනස් කරමින් හැමදාම බලයට එන්න කටයුතු කරපු ජේ ආර් ජයවර්ධන මහත්තයලා හීනෙන්වත් හිතුවේ නැුතුව ඇති එක්සත් ජාතික පක්ෂයට මෙහෙම වෙයි කියලා.
අද මංගල සමරවීර මහතා අද නාමයෝජනා වලින් අයින් වෙලා වෙනත් උපක්‍රමයකට ලැහැස්තී වෙනවා.
අනුර දිසානායක මහතා කියනවා සටන් පාඨ නැතුව මළ මිනි උඩින් මේ මැතිවරණය ගෙනියන්න හදනවා කියලා. එතුමාට අමතක වෙලා 88/89 කාලවලදී බලයට එන්න ආවේ මළමිනි උඩින් තමයි. පැහැදිලිවම කියන්න අවශ්‍යයි අපි කිසිසේත්ම ජනතාව පිඩනයට ලක් කරන්න . අපිට හොඳ ආණ්ඩුවක් හා හොඳ නායකත්වයක් තියෙන්නේ.










