ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
මනෝහර් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ කළමනාකාරිත්වය සමඟ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
ලෝක ටෙස්ට් ශූරතා තරඟයක් වන කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගය නැරඹීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.