Muslim Aid ආයතනය සහ බි්‍රතාන්‍ය කවුන්සිලය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මේ යටතේ අනුරාධපුර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ‘තරුණ ප්‍රජා ප්‍රත්‍යස්ථිති වැඩසටහන’(Youth Community Resilience Programme) ක්‍රියාවට නැංවෙනු ඇත. මෙම දිස්ත්‍රික්කවලින් තෝරාගනු ලබන තරුණ තරුණියන්ට British Council Active Citizens වැඩසටහන් රාමුව යටතේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමට එම අධිකාරිය සහ Muslim Aid ආයතනය අස්සන් තබන ලදී.
මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ තරුණ තරුණියන්ට තම ප්‍රදේශවල සමාජ සාධාරණත්වය, ප්‍රජා ප්‍රත්‍යස්ථිතිය සහ සමාජ සහයෝගීත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය හැකියාව ලබාදීමයි. මෙහිදී සාමය, සංහිඳියාව, සමාජ සාධාරණත්වය සහ ආයතනික ශක්තිය යනාදී අංග සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් යොමුකෙරේ. මෙය තිරසාර සංවර්ධන ඉලක්කවල 16 වැනි ඉලක්කයට සමගාමීව සාමය සහ සහයෝගීතාව තහවුරු කිරීම සඳහා Muslim Aid ආයතනය දක්වන දායකත්වයේ එක් වැදගත් අදියරකි.