ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ (BASL) සහයෝගිතාවයෙන් ලංකා ෆයිට් ලීගය (LFL) සමග එක්වන පළමු වැනි පිරිස සහ කාන්තා බොක්සිං තරගාවලිය අප්‍රේල් 27 වැනිදා සවස 5ට MAS ROYAL ARENA හිදී ඇරැඹෙයි. (Sri Lanka Latest News)
ලංකා ෆයිට් ලීගය (LFL) යනු ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව සඳහා පරිවර්තනීය දැක්මක් මූර්තිමත් කරන ශ්‍රී ලංකාවේ විප්ලවීය නව ලීගය වන අතර, ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් කිරීමට සහ එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමට දැඩි කැපවීමකින් මෙහෙයවනු ලැබේ. අපගේ මූලික මෙහෙවර ඉතා පැහැදිලිය. රට පුරා සිටින බොක්සිං සහ එහි වෘත්තිකයන්ගේ පරිපූර්ණ සංවර්ධනය සඳහා කැපවූ ප්රමුඛ බොක්සිං ලීගයක් පිහිටුවීම මෙසේ සිදුකෙරිණි.
BASL හි සභාපති ඩයන් ගෝමස් මහතා ප්‍රකාශ කළේ ‘BASL සහ Lanka Fight League අතර සහයෝගිතාවට මම අතිශයින් කෘතඥ වෙමි. අපි ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාව නගාසිටුවීමේ කැපීපෙනෙන ප්‍රගතියක් ලබමින් සිටින්නෙමු. මෙම හවුල්කාරීත්වය අපගේ ජාතික බොක්සිං කුසලතා පෝෂණය කිරීමට ප්‍රභල වේදිකාවක් නිර්මාණය කරයි. ඔවුන් බැබළීමට සවිබල ගන්වයි. එය සහයෝගිතාවයේ පරිවර්තනීය බලය පිළිබඳ සාක්ෂියක් වන අතර, අපගේ ඒකාබද්ධ උත්සාහයන් තුළින් ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය ඇදහිය නොහැකි තරම් දීප්තිමත් බව මට විශ්වාසයි…’ යනුවෙනි.
ප්‍රියන්ත හෙට්ටිගේ