• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇන්ජි ඇන්ග්‍රි කරපු බංගලි ගොං අලි I Sri Lanka Latest News

November 16, 2023
in Exclusive, News, Sports
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු ගානක ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු වතාවට අංක 40 නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ 40 නීතිය තමයි ටයිම් අවුට්, නැත්නම් කල් ඉකුත්වීම නිසා දැවීයෑම. මෙතැනදී 40/1 වගන්තිය අවුට් ඔෆ් ටයිම් අවුට් ලෙස සඳහන් වෙලා තියෙනවා ක්‍රිකට් නීති පොතේ. 40/1 වගන්තියෙ අංක 1 කොටසේ තියෙනවා කඩුල්ලක් දැවීයෑමෙන් තොරව ක්‍රීඩකයෙක් පිටියෙන් ඉවත්ව යෑම කියලා. පිටියට පැමිණෙන ක්‍රීඩකයා සූදානම් වෙලා ඉන්න ඕනෙ.(Sri Lanka Latest News)

ඒ වගේම ඔහුට ඊළඟ පන්දුවට මුහුණ දෙන්න ඔහු විනාඩි 3ක් ඇතුළත සූදානම් වෙන්න ඕනෙ. දැවීයෑමෙන් හෝ ඉවත්ව යෑමෙන් පස්සේ. මේ කටයුත්ත හරියට නොකළොත් ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරන බව සඳහන් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ප්‍රමාදවීම හෝ දැවීයෑම හෝ යන කුමන හෝ කරුණක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ 16/3 වගන්තිය ක්‍රියාත්මක කළ යුතු බව 40/1 දෙවැනි කොටසේ සඳහන් වෙලා තියෙනවා. මේ නීතිය විනාඩි 3ක් ලෙස තමයි මෙල්බන් ක්‍රිකට් ක්ලබ් 2017 ලිපියක් යටතේ පළකරලා තියෙන්නේ. මෙම දැවීයෑමේ ගෞරවය කිසිම පන්දු යවන්නකුට හිමි නොවන අතර, කඩුල්ල දැවීගිය කඩුල්ලක් ලෙස සඳහන් කරනවා.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ලෝක කුසලාන තරගයේදී සිද්ධ වුණේ මෙන්න මේ සිද්ධිය. මොකද මැතිව්ස්ගේ කඩුල්ල දැවී යන්නේ ඔහු පිටියට ඇවිල්ලා පන්දුවට මුහුණ දීම සඳහා නියමිත වෙලාව තුළ සූදානම් නොවීම හේතුවෙන්. මේකෙ ගැටලු කිහිපයක් තියෙනවා. ක්‍රික් ඉන්ෆො එක දක්වනවා මේ සඳහා මැතිව්ස්ට විනාඩි 2ක කාලයක් ගතවෙලා නෑ කියලා. ඒ වගේම මැතිව්ස් පිට්ටනියට ඇවිල්ලයි ඉන්නේ. ඔහු පන්දුවට මුහුණ දීම සඳහා සූදානම් වෙලයි ඉන්නේ. ඔහු සූදානම් වුණාට පස්සේ ඔහුගේ හෙල්මට් එකේ තියෙන එක්තරා කොටසක් ගැලවිලා ඉවත් වෙලා යනවා.

ක්‍රිකට් ක්‍රීඩකයකුට පන්දුවට මුහුණ දීම සඳහා නිශ්චිත උපාංග භාවිත කළ යුතු බවට නීතියක් තියෙනවා. ඒ නීතිය ඇතුළේ අවධානයට ලක්වෙන්නේ ඔහුගේ කඩුල්ල නෙවෙයි, ඔහුගේ ජීවිතය. අපි දන්නවා බංග්ලාදේශය වගේ කණ්ඩායමක් මේ වගේ පොඩි පොයින්ට් එකකින් ක්‍රීඩකයෙක් දවාගන්න අවශ්‍යයි කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔවුන් ඔළුවට හරි බෝලෙ දානවා. එතකොට ක්‍රීඩකයෙක්ගෙ මරණය පවා සිද්ධ විය හැකියි. ෂකීබ් උල් හසන් වගේ ගුණාත්මකව ක්‍රීඩාවේ නොයෙදෙන නායකයෙක් යටතේ කණ්ඩායමක ඉලක්කය සමහර වෙලාවට එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද ක්‍රීඩකයෙක් මියගියත් ඔවුන්ට තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක්.

මේ තරගයේදී ඇත්තටම මැතිව්ස් නොකළ දේ තමයි ඔහු ඇවිල්ලා ඉන්න ලබාගෙන පන්දුවට මුහුණ දීමට සූදානම් බව ඇඟෙව්වා නම්, මෙහි යම් නීතිමය කාරණාවකින් නිදහසක් තිබෙන බව අපිට දැනගන්න ලැබෙනවා. සනත් ජයසූරිය පහුගිය දවසක කරපු සාකච්ඡාවකදී ඒ බව කියලා තිබුණා. නැත්නම් ඔහු එක පන්දුවකට හෝ මුහුණ දුන්නා නම් ඔහුගේ දැවීයෑම සිද්ධ වෙන්නේ නෑ. කොහොම වුණත් මේ සියල්ලම සිද්ධ වුණේ මේ කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාගේ මතය සහ ඉල්ලීම මත. ඔහුගෙන් දෙවරක්ම විනිසුරුවරුන් අහනවා මේ කඩුල්ල ඔබට අවශ්‍යද, නැත්නම් අපට ආපහු ඔහුව කැඳවන්න පුළුවන් කියලා. නමුත් ඔහු වසර එකසිය ගණනක ක්‍රිකට් ක්‍රීඩාවේ අපකීර්තිමත්ම ක්‍රීඩකයා බවට පත්වෙමින් ඔහු ඒ තීරණය ආපහු ගන්නේ නෑ.

මේ විදියට ෂකීබ් උල් හසන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට නොගැළපෙන හැසිරීම් කිහිපයක්ම අපි පහුගිය කාලෙ පුරා දැක්කා. මේ වගේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාව තහනම් නොකරන්නේ ඇයි, ඔවුන්ට තවදුරටත් ජාත්‍යන්තර පිටියට බහින්න ඉඩ දෙන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු වසර ගණනාවක් තිස්සේ ලෝකෙ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා. ඔහුට සම කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් මේ ලෝකෙවත් නෑ. නමුත් ඔහු තරම් තුට්ටු දෙකේ ක්‍රීඩකයෙක් මේ ලෝකෙ නෑ කියන එකත් අපට කියන්න සිද්ධ වෙනවා මේවා දැක්කට පස්සේ. නමුත් අපිට මේ තරගයේ පරාජයේ වගකීම ෂකීබ්ගේ තීරණයට හෝ මැතිව්ස්ට භාරදෙන්න බෑ.

මේ වෙන කොට මැතිව්ස් දැවීයාම ගැන ලෝකයම කතාකරන තැනට පත්වෙලා තියෙන්නෙ. මේ ගැන විවේචනය කිරීම සම්බන්ධයෙන් වසීම් අක්‍රම්ට සහ රසල් ආනල්ඩ විරුද්ධව බංග්ලාදේශ අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් මේ වෙන කොට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙලා කියලත් ආරංචියි. ඇන්ජලෝ මැතිව්ස්ගේ Timed Out සිදුවීමේදී ඔහු ෂකීබ් අල් හසන්ව දැඩි විවේචනයට ලක්කර තිබුණා.

‘මහත්තුරුන්ට ඉන්න පුළුවන් මහත්තුරු එක්ක විතරයි’ කියලා මේ ගැන කියන තැන්වල සඳහන් වෙලා තිබුණා.

මැන්කාඩ් කිරීම හෝ පන්දු රැකීමට බාධා කිරීම වැනි දවාගැනීම් නිරන්තරවම සාකච්ඡාවට ලක් වෙනවා. එක්තරා අවස්ථාවක කිරන් පොලාඩ් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයො ධනිෂ්ක ගුණතිලකව දවාගැනීමත් මේ විදියටම කතාබහට ලක්වුණා. මේ සියල්ලම නීතිමය වශයෙන් නිවැරදි වුණත් ක්‍රීඩාවේ ජීව ගුණය අභියෝගයට ලක්වෙන අවස්ථා. මේ කොහොම වුණත් ලිපිය ලියන මොහොත වෙන කොට ඇන්ජි ක්‍රීඩාවෙන් සමුගෙන අවසන්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්තරා පරිච්ඡේදයක්. තරගයක් කර මත තියාගෙන ගිහිල්ලා ජයගන්න පුළුවන් ශක්තියක් ඔහුට තියෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙ බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙක්. පරම්පරා කීපයක නියෝජනයක්.

ඉතිං ඇන්ජි මේ වෙලාවෙ දුකෙන් වුණත් කියන්න තියෙන්නෙ, ස්තූතියි, ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් කරපු හැම දේටම.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල් පොහොට්ටුවේ මුදල් ඇමැති නෙමෙයි! එතුමා ජාතික නායක! අද‌ සමහරු කතා කරන්නේ මේවා අමතක කරලා! වජිර පාර්ලිමේන්තුවේදී උත්තර දුන්නේ නාමල් කියපු කතාවටද? VIDEO I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.