• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ආදරෙන් I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News, Sports
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආදරණීය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සෙනෙහසින්…(Sri Lanka Latest News)

මේ ලියමන ලියන්න හිතුවේ ශ්‍රී ලංකාවේ දහස් ගණන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ක්‍රිකට් නරඹන්නන් වෙනුවෙන්. ක්‍රිකට්වලට ප්‍රේම කරන්නන් වෙනුවෙන්. බොහෝ විට ලියුම් එහේ මෙහේ වෙමින් තියෙන කාලයක මේ ලියුමට සත පහකවත් වටිනාකමක් නොලැබිය හැකියි. මක් නිසාද යත් මහේල, අරවින්දට ලියූ ලියුමක් ගැනත්, ප්‍රමෝද්‍ය රටට ලියූ ලියුමක් ගැනත් තැනින් තැන කියවෙන නිසාවෙන්.

මේ මොහොත මා විශ්වාස කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය ආන්දෝලනාත්මක මොහොත ලෙසය. 1996 හෝ 2014ට වඩා මේ මොහොතේ ක්‍රිකට් ගැන කතාකරමින් ඉන්නවා. ක්‍රිකට් ගැන උනන්දු වූවන් සහ ක්‍රිකට් ගැන උනන්දු නොවූවන් මේ මොහොතේ එකිනෙකා සමග සටනට බැහැලයි ඉන්නේ. ක්‍රිකට් කණ්ඩායම් කීයක් ලංකාවේ තියෙනවද කියලා කල්පනා කරලා බලද්දී ලියුම්කරුට හිතෙනවා ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් තියෙනවා කියලා. ඒ නිසයි මේ ලියමන ලියන්නේ.

මගේ දැනුම අනුව නම් ලංකාවේ ඉන්නවා ෂම්මි සිල්වාගේ කණ්ඩායම, රොෂාන් රණසිංහගේ කණ්ඩායම සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ කණ්ඩායම. මේ කණ්ඩායම් තුනම එකම එක තරගයකට සම්බන්ධ වෙමින් ඉන්නේ. රොෂාන් රණසිංහගේ කණ්ඩායමේ නායකත්වයට ගැළපෙනම ක්‍රීඩකයා වන්නේ අර්ජුන රණතුංග වෙනකොට, ෂම්මි සිල්වාගේ කණ්ඩායමට මහේල ජයවර්ධනගේ නායකත්වය ගැළපේ යැයි අපි විශ්වාස කරනවා. ප්‍රමෝද්‍යගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කවුද කියන එක ඒ තරම් පැහැදිලි නෑ. මේක හරියට අයි.පී.එල්.වලට හදිසියේ පාන්ඩ්යා නායකයා කරලා ටීම් එකක් ගෙනාවා වගේ.

ඉතින් මේ ටීම් එකට ප්‍රමෝද්‍යට පුළුවන් නායකත්වය දෙන්න. ප්‍රමෝද්‍යට ඕනෙ නම් පුළුවන් කණ්ඩායම් දෙකකට බෙදිලා ගිහිල්ලා වෙන වෙනම සෙල්ලම් කරන්න. කෝප් කමිටුවට ගියපු වෙලාවේ අහන ප්‍රශ්නවලට දෙන උත්තරත්, ප්‍රමෝද්‍ය දෙන උත්තරත්, රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ කියන කතාත්, අර්ජුන රණතුංග ප්‍රවෘත්ති සාකච්ඡාවලදී කියන කතාත්, අරවින්ද ද සිල්වා යූටියුබ් වීඩියෝවේ කියන කතාත්, මහේල ජයවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියන කතාත් සියල්ල අසා සිටි පසු දක්නට ලැබෙන ප්‍රධානම කාරණය වන්නේ ක්‍රිකට් බැලුවාට සමාවෙන්න යැයි ඔබට දැන්විය යුතු බව.

ඔබේ ක්‍රීඩාවක් වූ, ඔබ විසින් කරන්නා වූ, ඔබේම වැඩක් කිසිම අදාළත්වයක් නැති අපි බලා සිටීම වරදක්. මට දැනෙන්නේ දැන් හරියට අලුතෙන් විවාහ වෙච්ච යුවළකගේ කාමරයට එබී බැලීමෙන් පසු ලැබෙන්නා වූ ලැජ්ජාව හා සමාන හැඟීමක්. ඒකට හේතුව ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඔයාලා කාමරය ඇතුළේ රණ්ඩු වුණාට අපට ප්‍රශ්නයක් නෑ. මොකද ඒකෙන් අපිට හානියක් වෙන්නේ නෑ. ඒක ඔයාලගේ වැඩක්. ඔයාලගේ ප්‍රශ්නයක්. ෂම්මි සිල්වාලා අයි.සී.සී. එකට ගිහිල්ලා ක්‍රිකට් තහනම් කරගන්නවා කියන්නේ ඒක නිසයි. මොකද ගෙදර ප්‍රශ්නයක් වුණාට පස්සේ විවාහය කටුගා ගන්න ගෙදර මිනිස්සුන්ට පුළුවන්.

අල්ලපු ගෙවල්වල මිනිස්සු වෙච්ච අපට ඒවා දිහා බලාගෙන සතුටු වෙච්ච දුක් වෙච්ච අපිට ඒවා වැඩක්ම නෑ. ඒක දැන් අපිට තේරෙනවා. මහේලගේ කතාවෙනුත් අපට තේරෙන්නේ ඒක. මහේල කියන්නේ මේක අපේ වැඩක්, උඹලා කට පියාගෙන හිටපල්ලා වගේ කතාවක්. මිනිස්සුන්ට හරිම ආතල් එකක් තමයි මේ මොහොතේ හම්බවුණේ. මොකද අපි කිව්වා මහේල කියන්නේ පුරාවෘත්තයක්, මහේලලා වගේ ක්‍රීඩකයෝ දැන් නැහැ කියලා. අර්ජුන, මහේලට බැන්නාම කට්ටියට හෙනට රිදුණා. ප්‍රේක්ෂකයෝ විදියට අපි කිව්වා එහෙම කියන්න එපා කියලා.

ඇත්තටම එහෙම කියන්න එපා කියලා අපි තාමත් හිතාගෙන හිටියට මහේල කියනවා ඔයාලට තේරෙන්නේ නෑ ඔය ක්‍රිකට් කියලා. ඉතින් අපිට තේරෙන්නෙ නෑ තමයි මහේල. මොකද අපිට තේරෙනවා නම් අපි කණ්ඩායමට 11 දෙනෙක් දාලා ක්‍රිකට් ගහන්නේ නෑනේ. අපි ක්‍රිකට් ගහන්න යනවනේ. අපි ඉස්කෝලෙ පිට්ටනියේ ක්‍රිකට් ගහන්නයි, ඔයාලා ලෝක කුසලානේ ක්‍රිකට් ගහන්නයි හේතුව තමයි ඒක. ඔයාලට අපිට වඩා ක්‍රිකට් තේරෙන එක. ඒ වගේම අපි පත්තරවලට ලියන්නයි, ඔයාලා ක්‍රිකට් ගහන්නයි හේතුවත් ඒක.

අපි ඔයාලට පත්තරවලට ලියන්න කිව්වොත් ඔයාලට ඒක තේරෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ඉතින් අපි ඔයාලට පත්තරවලට ලියන්න කියලා කවදාවත් නොකියන්නේ ඔයාලට තේරෙන්නේ ක්‍රිකට් නිසා. හැබැයි දැන් ඔයාලට වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ හිතාගෙන ඉන්නේ ක්‍රිකට් දන්නේ අපි, ක්‍රිකට් ගැන කතාකරන්න ඕනේ අපි, ක්‍රිකට් ගැන නොතේරෙන තොපි කට පියාගෙන හිටපියව් කියලා. ඒක හරි ගොන් කතාවක්.

අනුන්ගෙ මඟුල් හොයනවට බලනවට අපිට හොඳ වැඩේ. මොකද එයාලට ඕනෙ විදියට තහනම් කරගන්නයි ඕනෑ නම් ගහගන්නයි අරකයි මේකයි පුළුවන් කම තියෙන දේකට මැදිහත් වෙලා වැරැද්ද කළේ අපිනෙ. ඒ නිසා හරි නම් අපිවයි එල්ලන්න ඕනෙ. මහේලලා, ෂම්මිලා එහෙම නොකරන්නෙ එයාලගෙ මනුස්සකමට.

දැක්කනෙ කෙළින්ම කිව්වනෙ මේක එයාලගෙ සෙල්ලමක් අපිට වැඩක් නෑ කියලා. ඔය තරම්ම පැහැදිලිව කියලත් තේරෙන්නෙ නැත්නම් අපි මනුස්සයො වෙන්න බෑනෙ. ඒකනෙ ඔය කලිසම් අස්සෙ අත දාන ඒවයි පාරෙ සිගරට් බොන එව්වයි අහවල් වැඩේ කරන්න ගිහිල්ලා ඒකත් කරන පිළිවෙළට නොකරපු නිසා ඇති වෙන ප්‍රශ්නයි අපිට අදාළ නැත්තෙ. සමහර ආගමික කල්ලි ඉන්නවා ඔව්වා අදාළ. සමහර දේශපාලන කොටස් ඉන්නවා අදාළ. සමහර සූදුකාරයො ඉන්නවා අදාළ. ඔයාලා ඕක තේරෙන්න කියලා දෙනකල්ම අපි ඕක තේරුම් ගත්තෙ නෑනෙ මහත්තයෝ. ඒක නම් පට්ටම ගොන්කමක් කියලා දැන් තේරෙනවා. ඒත් ඉතින් ඔව්වා තේරුම් ගන්න පරක්කු වුණාට සමාවෙන්න.

එයාලට වන්ෂොට් බේත් දුන්නලු අරවා මෙව්වා කියනවා. ඒවා ඉතින් අපිට වැඩක් නෑනෙ. ඔයාලට කෝටි ගණන් ලැබෙන එකේ තැන් තැන්වල අඬ අඬා ඉන්නෙ නැතිව බේතක් හේතක් කරගන්න. කොහෙ කරන්නද ඔයාලා දොස්තර නෝනලාටවත් ඉන්න දුන්නෙ නෑනෙ. මතකයි එක්කෙනෙක් මොකක්ද එකකට ක්‍රිකට් එකෙක් සල්ලි දෙන්නෙ නෑ කියලා අඬපු ඇඬිල්ලක්. ඒ වගේම අපි අර නිළියො ගෙනිච්චා අරයා මෙයා ගෙනිච්චා කියලා නිකම් කෑගැහුවෙ දන්නෙ නැතිකමට. ඒක ඔයාලගෙ වැඩක් නිසා ඒවා කමක් නෑ.

සමහරු කියනවා ඔයාලා මැච් විකුණනවා කියලා. ඒකෙ වරදක් නෑනෙ නේද? තමන්ගෙ දේවල් තමන්ට ඕනෙ විදියට විකුණන එක අපිට අදාළ නෑ. ඔය ඕනෑ තරම් ඇඟ විකුණන අය ඉන්නෙ. එයාලගෙන් ඒක ප්‍රශ්න කරන්න ගියොත් කෙළින්ම කියනවනෙ ‘අපි මොනවා වික්කම තොපිට මොකෝ…?’ කියලා. ඒක නිසා ඔව්වා අහන්න යන අපිට නොගහ ඉන්න එකත් ලොකු දෙයක්. ඒ නිසා කමක් නෑ. ඔයාල ඕනෙ මල ඉලව්වක් විකුණගෙන කන්න. සූදුකාරයො අරුං මුං එකතු වෙලා ගේමක් ගහනවා කියලා ආරංචියි. අනේ කමක් නෑ. එයාලා හරි ඕකෙන් වැඩක් ගන්නවනෙ, නේද?

කොහොම වුණත් අවුරුදු ගානක් අපිව සතුටෙන් තිබ්බට බොහෝම ස්තුතියි. අපි ඒක බැලුවා ඒක අපේ වැඩක්. ඒකට ඔයාලා පලිත් නෑ. අපිට ඒකෙන් වැඩකුත් නෑ. ක්‍රිකට් ටීම් එකට රිංගන ආසාවෙන් ක්‍රිකට් ගහන එක වෙනම එකක්. එහෙම වුණාට එහෙම රිංගන්න බෑ කියන එක දැන් අපි දන්නවා. ඒක කියලා දුන්නට ස්තුතියි.

එහෙනම් ජය.
අපි නවතිනවා.
ඔයාලා ඔහොමම කරගෙන යන්න.

මම පොඩි කාලෙ ඉඳලම අනුන්ගෙ මඟුල් හොයලා හෙම්බත් වුණු ක්‍රිකට් රසිකයන් වෙනුවෙන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කෝලි 100 ඒවා 50ක් ගහලා වර්තා පිට වාර්තා තියද්දි ලංකාව තියපු වාර්තා 14 I Sri Lanka Latest News

Next Post

හෙට හවස ඉඳන් අනිද්දා උදේ වෙනකම්ම කොළඹට වතුර නෑ! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.