ඉකුත් ජනාධිපතිවරණ සමයේ කී පරිදි එම්.සී.සී. ගිවිසුම ඉරා දමනවාද එසේත් නැතිනම් අධ්‍යයනය කරනවාද යනුවෙන් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග නායක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටී.
ඒ මහතා පෙන්වා දෙන්නේ අධ්‍යයනය කරනවා යනු මෙම ගිවිසුම අස්සන් කිරීමට උත්සාහයක නිරත වන බවකි.
එමෙන්ම මෙම ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව හේතුසාධක සොයමින් සිටින බවද කිරිඇල්ල මහතා කීය.
ආණ්ඩුව මේ වනවිට මාස 6ක් ගතකොට ඇති බවත්,නමුත් කළ කිසිවක් නති බවත්, ආණ්ඩුවේ ප්‍රගති වාර්තා ඍණ බවත් ඒ මහතා කීය.
එමෙන්ම කරුණා අම්මාන් මේ වනවිට හමුදා සාමාජිකයන් මැරූ බවට ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් ඊළග පියවර ලෙස වහාම ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කිරිඇල්ල මහතා අවධාරණය කළේය.











