බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,214 ක් දින 14ක නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයන් හදුනාගෙන ඇති බව පොලිසිය සදහන්බේ කරයි.
මේ අතර, කෙරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (29) සවස 3ට කඩවත නගරයේ දී පැවැත්වීමට නියමතය.










