• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හූ ‌කෝච්චිය හූ…

December 2, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
හූ ‌කෝච්චිය හූ…
Share on WhatsAppShare on Facebook

මේ කතාව ගිය අවුරුද්දට කී පාරක් ඇහුවද? එන අවුරුද්දට කී පාරක් අහන්න වෙයිද? ඇත්තටම ලංකාවෙ දුම්රිය සේවය අයිති කාටද? දුම්රිය සේවකයො හිතාගෙන ඉන්නෙ දුම්රිය අයිති ඒ අයට කියලා. කෝච්චි ගේදොරවලින් ගෙනැල්ලා කියලා. දුම්රිය නැවැතුම්පොළවල් හදලා තියෙන්නේ උන්ගෙ අම්මලෑ අප්පලෑ ඉඩකඩම්වල කියලා. ඒ නිසාම ඒ අය හිතුණ හිතුණ විදිහට වැඩ කරනවා.
සමහර දවසක දවාලෙ දුවපු කෝච්චි හැන්දෑවෙ නතර කළා. ඒ කාලේ ගෙවල්වල හිටපු මිනිස්සු කොළඹට ගෙනැල්ල දාලා. විශේෂයෙන්ම ඒකට මේ අය තෝරගන්නෙ සිකුරාදා. මොකද දුම්රිය මගීන් වැඩි ගානක් ගෙවල්වල යන්නෙ එදාට කියලා ඒ අය දන්නවා.
මේ මිනිස්සු පසුගිය කාලෙ සතියක් විතර එක දිගට වැඩ නතර කළා. මිනිස්සු යන එන මං නැතුව අසරණ වුණා. ඒ අතර අකුරට වැඩ කරනවාය කියලා නාඩගමක් නැටුවා. විදුලි සංඥා පුවරු කැඩුවා. ඒවා කැඩුවෙ කවුද කියලා ඇහුවම දුම්රියෙ උන්දැලා කියන්නෙ “අනේ දන්නෑ” කියලා. හැබැයි ඉතින් කෝච්චි පාරෙ ලයිට් කඩන්න පිටින් එනකල් පඩි ගන්න දුම්රිය ආරක්ෂක සේවය අරක මේක බම්බු ගහනවද කියලයි අපිට අහන්න වෙන්නෙ. කොහොමහරි පසුගිය රජයත් එක්ක සාකච්ඡා කරලා,
“හා… එහෙනම්”
කියලා ඇවිල්ලා එළියෙදි,
“බෑ අපි වැඩවර්ජනය කරනවා”
කියපු මේ මිනිසුන්ට වුවමනා වෙලා තිබුණෙ මොකක්ද කියලා දන්න අය දන්නවා දැන් ඕවා කතා කරලා වැඩක් නෑ. වෙච්ච දේ වුණා.
“දැන් කෝච්චිය දුවනවනෙ” කියලා හිත හදාගන්න බෑ. මොකද තවමත් ලංකාවෙ දුම්රිය ගාස්තු වැඩිවෙලා මාස ගානක් ගිහිල්ලත් හරි ගාන මුද්‍රණය කරපු ටිකට් එකක් ගහන්න බෑ
ඒත් අපි කටපියාගෙන උන්නා. හැබැයි මේ වතාවෙ කටඅරින්න වුණේ අපිට කලින් දුම්රිය සේවයෙ ඉන්න අයමත් ෆේස්බුක් එකේ කට ඇරලා තිබුණ නිසා.
කෙනාගෙ නම ගම වැඩක් නෑ. දුම්රිය සේවයේ ඉන්න කෙනෙක්ම ෆේස්බුක් එකේ සටහනක් තියලා තිබුණා. දුම්රිය ටිකට් වෙන් කිරීම ගැන.
“පාන්දර හතරෙ ඉඳලා පෝලිම්වල දුක් විඳපු මිනිස්සු කෝච්චි බුකින් කරගන්න බැරිව අපිටත් එක්ක බැනලා යනවා. ඒ වෙනකොටත් ඔක්කොම බුක් කරලා බුකින් කරන්න බෑ.”
කියලා. ඒක සටහන තවත් සවිස්තරාත්මකයි. හැබැයි ඒකෙ තියෙන සාමාන්‍ය අදහස ඕක. දැන් අපිට අහන්න තියෙන්නෙ මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
“එතකොට මේ බුක් කරන්නෙ අපිද?”
“ඒ කියන්නෙ සාමාන්‍ය ජනතාවද?”
“නැත්නම් දෙයියොද? ඍද්ධි බලෙන් බුකින් දාලා සිරිපාදෙ යනවද?”
දුම්රිය ලොක්කො නම් වඩාත් කැමැති වෙයි අන්තිම කතාවට. අර දෙයියො ගැන කියන එකට මොකද යක්කුන්ට, මළ පෙරේතයන්ට දෙයියො වෙන්න හම්බවෙන නිසා. හැබැයි අපි දන්නවා සෙල්ලම මොකක්ද කියලා. ඇත්තටම මේ පාසල් නිවාඩු කාලයෙ දුම්රිය වෙන් කරගන්නවා වැඩියි. මේක කාල නැත්නම් ඔය වගේම වෙන් වෙනවා අප්‍රේල් කාලෙත්. සාමාන්‍යයෙන් දුම්රිය වෙන් කරන්න පුළුවන් මාසෙකට කලින්.
උදාහරණයක් මෙහෙමයි. දෙසැම්බර් තිස් වැනිදා දිනය වෙන්කරන්න පුළුවන් වෙන්නෙ නොවැම්බර් තිහෙන් පස්සෙ. ඒ නිසා මේක ඒ දිනයට ඇවිල්ලා වෙන් කරනවා. ඒකට සකස් කරපු සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. පෝලිමේ ඉඳලා කටුකාලා මිනිස්සු කෝච්චි වෙන්කර ගන්නවා. හැබැයි දැන් ඉඳලා පාන්දරම අදෘශ්‍යමාන බලවේගයකින් බුකින් ඉවර වෙනවා. කරපු කෙනෙක් නෑ.
හැබැයි සෙල්ලම පටන් ගන්නෙ ඊට පස්සෙ. ටිකට් එක ගාන ඩබල්, ත්‍රිබල් වෙලා හොර පාරෙන් විකිණෙනවා. ටුවරිසම්වලින් හම්බකරන් කන රටේ එහෙම ගේමක් ගැන එවුන්ට පාඩුවෙන්න නෑ. වැඬේ නැඟලම යනවා. සාමාන්‍ය මිනිසුන්ට වැඬේ කරන්න බෑ. කරනවා නම් ඒත් හොර පාරෙන් අත යටින් තමයි. හැබැයි දුම්රිය සේවයට එකෙන් ලැබෙන්නෙ අපවාදයක් විතරයි. විශේෂයෙන්ම ලංකාවට එන යන විදෙස් සංචාරකයො දැන් දන්නවා මෙහෙ ඉන්න එවුන් අනාදියො කියලා. ඒ නිසා මේ බුකින් සෙල්ලම වැඩි දවසක් කරන්න බෑ. ඒ වගේම මිනිසුන්ට මේ වෙලාවෙ බුකින් නැත්නම් ඉදිරියටත් වැඩක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ජනවාරි මාසෙන් පස්සෙ බුකින් නෙමෙයි ගමන් බිමනුත් ඉවරයි. ඒක තමයි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම සංචාරයෙ විදිය. ඒ නිසා මේ වෙලාවෙ යට ගේම් ගහලා තම තමන්ම හම්බකරගන්නයි ඕන. මොකද මේ අයට ජීවත් වෙන්න ඇතිවෙන්න වැටුපකුත් ලැබෙනවා.
කොහොම නමුත් අපි මේ ගැන දිගින් දිගටම හෙව්වා. ඒ වගේම ඊට අදාළ ප්‍රධානීන්ගෙන් ඇහුවා. අපි දන්න විදිහට සාමාන්‍යයෙන් මේ බුකින් එකකට ජාතික හැඳුනුම්පත් අංක යොදන්න ඕන. එහෙම එක දිගටම වැරැදි විදියට දුම්රිය පෙට්ටි වෙන් කරලා තියෙනවා නම් ඒකත් ඒ කවුද කින්ද මන්ද කියන එකත් පෙන්නන්න බැරි නෑ. මොකද ඔය දුම්රිය සේවකයො කෝච්චි පෙට්ටිවලින් නුවරඑළි, බදුලු, බණ්ඩාරවෙල, යාපනෙ ගිහිල්ලා පෙයාස්, මිදි, ලූනු එහෙම ගේන්නෙ නෑනෙ නේද?
බලමු මේ සෙල්ලම ඉස්සරහටත් වෙනවද කියලා. මහත්තුරුනි, අපි ඉන්නෙ ඇහැරිලා.

දුම්රිය ‌දෙපාර්තමේන්තුව කියපු ‌දේ…

ශ්‍රී ලංකා දුම්රිය සේවය මඟින් ක්‍රියාත්මක වන ශීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන්කර ගැනීම මාසයකට පෙර සිදුකළ යුතු අතර එසේ ආසන වෙන්කර ගැනීමේදී ඇතැම් සේවක මාෆියාවක් මඟින් ආසන වෙන්කර විදේශිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ඇතැයි මගීහු පවසති.
මෙසේ ආසන වෙන්කර ගැනීමේදී අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත් අංකයද ලබාදිය යුතු නමුදු එම හැඳුනුම්පත් අංකයට නියමිත දිනයේ ටිකට්පත රැගෙන දුම්රිය ආසනවල වාඩිවී සිටින්නේ විදේශිකයන් මෙන්ම හැඳුනුම්පත් අංකයට අදාළ පුද්ගලයන් නොවන බවද හෙළිවී තිබේ.
බදුල්ල, මඩකළපුව, යාපනය දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන්කර ගැනීම සඳහා සෑම මාසයකම අන්තිම දිනයේ දුම්රිය මගීන් අලුයම සිට අදාළ දුම්රිය ස්ථානවල පෝලිම් ගැසෙන නමුදු ඔවුන්ගෙන් අඩකටවත් දුම්රිය ආසන වෙන්කර ගැනීමට නොහැකිව ආපසු යෑමට සිදුවී ඇති බව දුම්රිය මගීහු පවසති.
කොළඹ කොටුව ඇතුළු දුම්රිය ස්ථාන 40කින් පමණ ශීඝ්‍රගාමී දුම්රිය සහ මාසයකට පෙර ආසන වෙන්කිරීම සිදුවන අතර දුරකතන සේවා කීපයක් මගින්ද ආසන වෙන්කරවා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි රංජිත් පද්මලාල් මහතා පැවැසීය.
ඊළඟ මාසයේ දුම්රිය ගමන සඳහා කලින් මාසයේ අවසන් දිනට පෙර දිනයේ ආසන වෙන්කිරීම කාලයක් තිස්සේ පවතින ක්‍රමයක් නිසා එම ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ආසන වෙන්කර ගැනීමේ සිදුවෙතැයි කියන අක්‍රමිකතා මැඬපැවැත්වීම සඳහා තවත් පියවර කීපයක් ඉදිරි දිනවලදී ගන්නා බව ඔහු සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න -ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කෝටි ගාණක් විනාශ කරමින් ‌මෛත්‍රී නටපු නාඩගමක් අහුවෙයි

Next Post

විපක්ෂ නායක ‌තෝරන්නේ නැතිව රනිල් ‌මොං‌ගෝලියා යන්න සූදානම්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.