උච්චාවචනය වන ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයත්, කාන්තා සනීපාරක්ෂක තුවා මත එකිනෙකට වෙනස් බදු වර්ග ගණනාවක් ක්‍රියාත්මක වීමත් නිසා වෙළෙඳපළේ සනීපාරක්ෂක තුවා මිල, සාපේක්ෂ වශයෙන් ආසියාවේ ඉහළම මිල අගයක් දැරීමෙන් මෙරට කාන්තාවන්, තරුණියන් සහ පාසල් දැරියන් දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
එසේම ඉහළ යන උද්ධමනය, විදුලි හා ප්‍රවාහන වියදම් ඉහළ යාම, අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී ගෙවිය යුතු බදු හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අමතර හේතුද මෙම සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාමට හේතු වී ඇති බව චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය කාන්තාවන්, පාසල් දැරියන් හා තරුණියන් මාස් ශුද්ධිය සිදුවන දිනවලදී රාජකාරී කටයුතුවලට හෝ පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීම මෙරට ආර්ථිකයටද ඍජු බලපෑමක් බව හෙතෙම පෙන්වා දෙයි.










