රජයේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් විනාශ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ අතිවිශාල මුදල් නාස්තියක තොරතුරු අනාවරණය කර ගැනීමට ආණ්ඩුව සමත්ව තිබේ.
ඒ, එජාපය යටතේ තිබූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) විසුරුවා හරිමින් ඒ වෙනුවට ජාතික ආර්ථික කවුන්සිලය (NEC) පිහිටුවීමේදීය.
එහිදී ජාතික ආර්ථික කවුන්සිලයේ භාවිතය සඳහා කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාල අවකාශයේ තට්ටු දෙකක් අත්පත් කර ගැනීමට සිරිසේන මහතා විසින්ම කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබිණ.
නමුත් එදා සිටම එම කාර්යාල අවකාශයේ තට්ටු දෙක භාවිතයට ගෙන නොමැති අතර කොන්ත්‍රාත්තුව වසර 3කට ලබා දී තිබූ බැවින් එම කාලය පුරාම කුලී මුදල් ගෙවීමට කටයුතු කොට ඇත.
එමෙන්ම රුපියල් කෝටි ගණනක් වටිනා නවතම පරිගණක, ස්කෑනර්, ෆොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, ප්‍රොජෙක්ටර්, මුද්‍රණ යන්ත්‍ර සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු වටිනා උපකරණ එදා සිටම අද දක්වා කිසිදු කාර්යයක් නොගෙන තබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
මීට අමතරව නේවාසික නිවාස භාවිතය සඳහා රජයේ බංගලාවක් ද අත්පත් කර ගැනීමට සිරිසේන මහතා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවද වාර්තා වේ.










