• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පෙන්ෂන් නැතිව ‌පෙන්ෂන් යන 60 ‌දෙනා ‌මෙන්න

March 1, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
දෙපැත්තෙම ‌හොරු පරද්දන අලුත්ම වීඩියෝ එක ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැප වන දේශපාලනඥයන්ට හිමි වන වරප්‍රසාද ඉතා ඉහළ බව බොහෝ දෙනාගේ මතයය. පාර්ලිමේන්තුවට තේරී පත් වූ දින සිට ඉන් විශ්‍රාම ගන්නා තෙක් මෙන්ම විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන වරප්‍රසාද ප්‍රමාණය ඉතා විශාලය. විශ්‍රාම ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන ප්‍රධාන වරප්‍රසාදය වනුයේ විශ්‍රාම වැටුපය.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපට හිමිකම් කීම සඳහා මන්ත්‍රීවරයකු වසර පහක කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතුය. නමුත් ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවහොත් නවක මන්ත්‍රීවරුන් හැට දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වීමේ අවදානමක් මතු වී ඇත. එම නවක මන්ත්‍රීවරුනට විශ්‍රාම වැටුප සඳහා හිමිකම් කීමට නම් අගෝස්තු 17 වැනි දින දක්වා පාර්ලිමේන්තුව පැවැත්විය යුතුව ඇත. මීට පෙර 2015 වසරේදීද පාර්ලිමේන්තුව විසුරවූයේ නියමිත කාලයට වඩා මාස දහයකට පෙරය. එබැවින් එම අවස්ථාවේ සිටි නවක මන්ත්‍රීවරුනටද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි විය. එමෙන්ම මීට පෙර 2018 වසරේ සිදුවූ හදිසි ආණ්ඩු මාරුව අවස්ථාවේදීද පාර්ලිමේන්තු විසුරුවීමේ සූදානමක් පැවතුණු අතර ඒ සඳහා පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව නවක මන්ත්‍රීවරුන් විරුද්ධ වන ආකාරයද දක්නට හැකි විය.
පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවහොත් විශ්‍රාම වැටුප අහිමි වීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙසේය. ජේ. සී. අලවතුවල, ආනන්ද අළුත්ගමගේ, වසන්ත අළුවිහාරේ, ඉඳුනිල් තුෂාර අමරසේන, හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත, තාරක බස්නායක, ශාන්ත බණ්ඩාර, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, තාරානාත් බස්නායක, නාලක ප්‍රසාද් කොලොන්නේ, සිරිනාල් ද මෙල්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පියල් නිශාන්ත, ඩී. වී. චානක, මයන්ත දිසානායක, සාරතී දුෂ්මන්ත, චන්දිම ගමගේ, පද්ම උදය ශාන්ත ගුණසේකර, කනක හේරත්, ඉන්දික අනුරුද්ධ හේරත්, සිසිර ජයකොඩි, අනුරුද්ධ ජයරත්න, මලිත් ජයතිලක, නලින්ද ජයතිස්ස, හේෂා ජයවර්ධන, ආශු මාරසිංහ, එස්. එම්. මරික්කාර්, සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ, කරුණාරත්න පරණවිතාන, සුජිත් සන්ජය පෙරේරා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නිරෝෂන ප්‍රේමරත්න, මුජිබර් රහුමන්, හර්ෂණ රාජකරුණා, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සන්දිත් සමරසිංහ, ෂෙහාන් සේමසිංහ, චතුර සේනාරත්න, තේනුක විදානගමගේ, බේරුගොඩ විජිත, ජානක වක්කුඹුර, විජේපාල හෙට්ටිආරච්චි, කාංචන විජේසේකර, චමින්ද විජේසිරි, හෙෂාන් විතානගේ.
කෙසේ නමුත් මේ ආකාරයෙන් විශ්‍රාම වැටුප අහිමි වීම සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් තුළ අකැමැත්තක් නොමැති බව පෙනී යන්නේ ඔවුන්ගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමේදීය. පක්ෂ බේදයකින් තොරව අප සමඟ අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ තමන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකරන බවය.
අප ඒ සම්බන්ධයෙන් පළමුව අදහස් විමසුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගෙනි. ඒ පිළිබඳව ඒ මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි. “මම නම් පාර්ලිමේන්තු ආවේ මට ලැබෙන වරදාන, වරප්‍රසාද හින්දා නෙවෙයි. ඒ හින්දා මෙහෙම දෙයක් ගැන මට කිසි දෙයක් හිතිලා නැහැ. මම මේක ගැන කතා කරලත් නැහැ. ඒක මට වෙන පාඩුවක් කියලා මට කොහොමත් හිතිලා නැහැ. මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන එකෙන් දේශපාලන වාසියක් ලැබෙයි කියලා ජනාධිපතිතුමාට හිතෙනවා නම් එතුමා ඒ තීරණය ගනියි. ඒකත් වාසියට අරගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්න තමයි අපි කටයුතු කරන්න ඕනෑ. මම හිතන්නේ එහෙමයි.
අනතුරුව අප ඒ පිළිබඳව අදහස් විමසුවේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගෙනි. මේ ඒ මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස්ය.
“මට ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් මේ තියෙන තත්ත්වය අනුව කොහොමත් ඡන්දයට යන්න ඕනෑනේ. අපි බලමු ඒකෙදි මොකද වෙන්නේ කියලා. අපි දැන් අවධානය යොමු කරලා තියෙන්නේ ඉදිරි මැතිවරණය ගැන විතරයි. විශ්‍රාම වැටුප වගේ දේවල් ගැන මම නම් හිතලා නැහැ. හිතන්නෙත් නැහැ.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එලෙස අදහස් දක්වද්දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගෙන්ද අප මේ පිළිබඳව අදහස් විමසූවෙමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
“මම නම් හිතන්නේ ඒක පින් පඩියක්. අවුරුදු පහක් හිටිය මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපක් දෙන්න ඕනෑ නැහැ කියලයි මම කියන්නේ. අවුරුදු 15ක් 20ක් මහජන සේවය කැපවුණු මන්ත්‍රීවරයකුට නම් ජනතාව සහ රට වෙනුවෙන් කළ සේවය සලකලා එහෙම දීමනාවක් දුන්නට කමක් නැහැ. ඒත් අවුරුදු පහක් හිටපු මන්ත්‍රීවරයෙක්ට ඒක අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ. මම පෞද්ගලිකව සතුටු වෙන්නේ මේ කාලය තුළ කළ සේවය ගැනයි. පසුගිය කාලයේ මන්ත්‍රී වැටුප වැඩි වුණු වෙලාවේ මම ඒක දුප්පත් ළමයි සඳහා අරමුදලකට යෙදෙව්වා. යම් විදියකින් ඔය කියන විශ්‍රාම වැටුප මට ලැබුණත් ඒකත් ඒ වගේ දේකට තමයි යොදවන්නේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද ප්‍රකාශ කළේ විශ්‍රාම වැටුප අහිමි වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවය.
මේ ආකාරයෙන් බැලූ විට පෙනී යන්නේ වසර පහක් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමෙන් පසු මන්ත්‍රීවරුනට හිමි වන විශ්‍රාම වැටුප පිළිබඳව නවක මන්ත්‍රීවරුන්ගේ එතරම් අවධානයක් නොමැති බවය. එසේ නම් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇති මේ වරප්‍රසාදය ඉවත් කිරීමට මූලිකත්වය ගත යුත්තේද මේ නවක මන්ත්‍රීවරුන්මය. එහෙත් ඒ සඳහා පළමු පියවර තබන්නේ කවුද? ජනතාවගේ පැත්තේ සිට බලන අපට ඇති ගැටලුව වන්නේ එයය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හිටියෙ දින 6යි: වාහනේට ‌කෝටි හතරහාමාරයි: අන්තිම ‌මොහොතේ මන්ත්‍රී ‌වෙච්ච මාර සමන්

Next Post

හිතුණු ගමන් ජිනීවාවලින් යන්න ලංකාවට පුළුවන්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.