• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

විදුරද-මැදුරද?

January 19, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
විදුරද-මැදුරද?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නව රජය පත් වී තවමත් ගතවී ඇත්තේ ඉතාම කෙටි කාලයකි. මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින් නව රජය සඳහා ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ අතර නව රජය සඳහා පත් කළ රාජ්‍ය ඇමැතිවරුන් ගණනද ඉතා සීමිත විය. කෙසේ නමුත් පසුගිය සතියේ ප්‍රචාරය වූ පුවතකින් අනාවරණය වූයේ ඒ සුළුතර ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු වන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවය. ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේද ඇමැතිවරයාමය. ඇමැතිවරයකු ඉල්ලා අස්වීම ශ්‍රී ලංකාව තුළ ඉතා විරල සිදුවීමක් බැවින් ඇමැතිවරයාගේ ප්‍රකාශය ජනතාව තුළද දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.
මීට පෙර ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් ඉල්ලා අස්වී ඇත්තේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ ඇතිවූ විරසකයන් නිසාය. එසේත් නැතිනම් ඇමැතිධුරයේ කටයුතු කරමින් සිටින අතරතුර සිදුවූ යම් මතභේදාත්මක සිද්ධීන් නිසාය. එහෙත් විදුර වික්‍රමනායක මහතා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමට හේතු වී තිබුණේ එවැනි ආකාරයේ කරුණක් නොවීමද විශේෂත්වයක් විය. ඒ සඳහා හේතු වී තිබුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ ඩී. පී. ජේ. ගොඩනැගිල්ලෙන් ඉවත් කොට බත්තරමුල්ලේ ගොවිජන මන්දිරය වෙත නැවත ගෙන යෑමට මෙතෙක් කටයුතු නොකිරීම පිළිබඳ ගැටලුවය.
“එක්තරා කණ්ඩායමක් පමණක් මේකට විරුද්ධව ඉන්නවා. සමහරවිට මේ ගොඩනැගිල්ල අයිති එක්කෙනත් එක්ක ඒගොල්ලෝ ඩීල් එකක් දාලද දන්නේ නැහැ. මට එහෙම හිතෙන්න හේතුවක් තියෙනවා. මීට මාසෙකට විතර කලින් අපි අමාත්‍යංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළා. මේ ගොඩනැගිල්ල පිළිබඳ ගිවිසුම මට ලබා දෙන්න කියලා. ගරු අමාත්‍යවරයා ඉදිරිපිටදීමයි මම ඒ ඉල්ලීම කළේ. දෙන්නම් කියලා කිව්වා. ඒත් දුන්නේ නැහැ. තොරතුරු දැන ගැනීමේ පනත අනුව මේක ලබා දෙන්න කියලා මම පසුගිය සතියේ ලිපියක් ලිව්වා. තාම ඒකටත් උත්තරයක් නැහැ. අපි බලමු මොකක්ද ඒකට ගන්න පියවර කියලා. දැන් මේ වෙද්දී ගොවිජන මන්දිරය සුද්ද කරගෙන යනවා. අපි තීරණයක් අරන් තියෙනවා 20න් පස්සේ වගේ අපේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය එතැනට ගෙනයන්න. මේ ආකාරයට කකුළෙන් අදිනවානම්, කකුල් මාට්ටු දානවා නම් මේ තනතුරුවල අපි ඉන්න ඕනේ නැහැ. අපි මේවගෙන් හරි හම්බ කර ගන්නේ නැහැ. අපි දේශපාලන හිඟන්නෝ නෙවෙයිනේ. මේවා නිලධාරීන් දැන ගන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම කරනවා නම් ඊට වැඩිය හොඳයි අපි ඉල්ලා අස්වෙලා මන්ත්‍රිවරයෙක් විදියට කරන්න පුළුවන් දෙයක් කරගෙන ඉන්න එක. අපිට වැඩ කරන්න දෙන්නේ නැත්නම් ඒක විතරයි අපිට ගන්න තියෙන් තීන්දුව. මෙන්න මේ වගේ කණ්ඩායමක් එක්කයි මේ ගමන යන්න වෙන්නේ කියන එක අපි රටට කියනවා. ඒ වගේම මේ ගමන එතුමටත් යන්න දෙන්නේ නැහැ කියලා අපි රටට කියනවා. මේ ගිවිසුමට පොලිය ගෙවනවා විතරක් නෙවෙයි. ඒ අයට නඩත්තුව සඳහාත් අපි මුදල් ගෙවනවා. පිරිසුදු ගෙවීම්වලටත් ගෙවනවා. හැබැයි මේකෙ ප්‍රභූන් වෙනුවෙන් තියෙන විදුලි සෝපානය වැස්ස දවසටත් නවත්තලා. මොකද ඒක වැස්සට තෙමෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මේ ගොඩනැගිල්ලේ තියෙනවා.” තමා ඉල්ලා අස්වීමට හේතුව වික්‍රමනායක මහතා පැහැදිලි කළේ එසේය.
බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පවත්වා ගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ ඩී. පී. ජේ. ගොඩනැගිල්ල වෙත ගෙන යනු ලැබූයේ යහපාලන රජය පත්වූ මුල් කාලයේදීමය. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යෑම සඳහා ඩී. පී. ජේ. ගොඩනැගිල්ල සඳහා ගෙවන මාසික කුලිය රුපියල් මිලියන 21ක් බවද අනාවරණය විය. කෙසේ නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත වරක් ගොවිජන මන්දිරය වෙත ගෙන යා හැකිදැයි සොයා බැලීමට 2015 සැප්තැම්බර් 21 වන දින එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක නොවූ බවද පසුව වාර්තා විය. මේ වන විට ඒ සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් කෝටි 86කට අධික බවද සඳහන්ය.
ඉතා අධික වියදමක් දරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ සුපිරි ගොඩනැගිල්ලක් වෙත ගෙන යෑම රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන්ද දැඩි චෝදනාවක් රජයට එල්ල විය. විදුර වික්‍රමනායක මහතා ඇතුළු එකල විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආකාරයට එම දිනවල නිරන්තරයෙන් දක්නට හැකි විය. එක් අවස්ථාවක එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකදී නිවේදනයක් නිකුත් කළ කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියට ගෙන ගියේ පාර්ලිමේන්තු විසින් කරන ලද ඉල්ලීමකට නොවන බවය.
මේ ආකාරයෙන් අධික කුලියක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙන යෑම සම්බන්ධව එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක මහතාටද විශාල චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටීමටද දිසානායක මහතාට සිදුවිය. එමෙන්ම ගොඩනැගිල්ල සහ අමාත්‍යාංශය අතර ගිවිසුම් ගත වීමේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් අස්සන් තැබූ ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියද එම කොමිසම හමුවට කැඳවා සාක්ෂි ලබා ගැනීමට එහි නියෝජිතයෝ කටයුතු කළහ.
කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියෙන් ඉවත් කර නැවත බත්තරමුල්ල ගොවිජන මන්දිරය වෙත ගෙන යා යුතු බවට වන පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේ නව ආණ්ඩුව පත් වූ මුල් දින කිහිපයේදීමය. තමන් විපක්ෂයේ සිටියදී එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ චෝදනා ඒ සඳහා හේතු වන්නට ඇත. නමුත් කැබිනට් පත්‍රිකාව සම්මත වුවද, තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කටයුතු පවත්වා ගෙන යනු ලබන්නේ රාජගිරිය ඩී. පී. ජේ. මන්දිරයේමය.
විදුර වික්‍රමනායක මහතා පවසන ආකාරයට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලය තවදුරටත් රාජගිරියේ පවත්වා ගෙන යෑමට ඇමැතිවරයාගේ කිසිදු සූදානමක් නැත. ඇමැතිවරයාගේ උත්සාහය වන්නේ අඩුම තරමින් කෘෂිකර්ම රාජ්‍ය අමත්‍යාංශ කාර්යාලය හෝ ලබන 20 වැනිදායින් පසු නැවත බත්තරමුල්ල වෙත ගෙන යෑමය. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා විදුර වික්‍රමනායක මහතා ඇමතීමට අප කටයුතු කළ නමුත් ඒ මහතා විදේශ ගතවී සිටීම හේතුවෙන් ඒ සඳහා අවස්ථාවක් නොවීය. නමුත් අප සමඟ අදහස් දැක්වූ විදුර වික්‍රමනායක මහතාගේ ලේකම්වරයා ඒ තොරතුරු සනාථ කළ අතර අමාත්‍යාංශය රාජගිරියෙන් ඉවත් කර ගත නොහැකි නම් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇමැතිවරයා තීරණය කර තිබූ බවද තහවුරු කර සිටියේය. කෙසේ නමුත් මේ මාසය අවසන් වීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙන යෑමට හැකි වෙනු ඇති බවද ලේකම්වරයාගේ විශ්වාසය විය.
මේ සම්බන්ධව අදහස් දැන ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමටද අප කිහිප වරක් උත්සාහ කළ නමුත් ඒ සඳහාද අවස්ථාවක් හිමි නොවීය. දුරකතනයට පිළිතුරු ලබා දුන් නිලධාරිනිය සඳහන් කළේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා විදේශ ගතවී ඇති බැවින් ලේකම්වරයා අතිශය කාර්යබහුල බවය. අප සමඟ අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරිනිය සඳහන් කර සිටියේ අමාත්‍යාංශය නැවත බත්තරමුල්ල වෙත ගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවය. මේ මාසය අවසන් වීමට පෙර එම වැඩ කටයුතු අවසන් කර ගත හැකි වනු ඇති බවද එම නිලධාරිනිය සඳහන් කළාය.
රාජගිරියේ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් වෙත කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඒම සම්බන්ධයෙන් වැඩි චෝදනාවක් එල්ල වූයේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වෙතය. එබැවින් එම චෝදනා සම්බන්ධයෙන් සහ විදුර වික්‍රමනායක මහතා පවසන නිලධාරීන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා අප දුමින්ද දිසානායක අමාත්‍යවරයාටද ඇමතූ නමුත් එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට ඒ මහතාගේ කැමැත්තක් නොවීය. අප ඇසූ පැනයන්ට ඒ මහතා ලබාදුන් එකම පිළිතුර වූයේ “ඒවා මං දන්නේ නැහැ. ඒගොල්ලන්ගෙන්ම අහගන්න.” යන්නය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රන්ජන් පළිගන්න හදයි

Next Post

කොණ්ඩදෙණිය හිමි‌යෝ ගින්දර නැතිව බත් උයපු හැටි ‌චුට්ටේ ‌හෙළි කරයි

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.