දිවයිනේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානය (කේන්ද්‍රය) මෙන්ම ඉහළ මට්ටමේ ජනඝනත්වයකින් හෙබි නගරයද කොළඹයි. මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේද කොළඹිනි.
කොවිඞ්-19 උග්‍ර බලපෑමක් ඇති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දැනට පවත්නා හුදකලා කිරීමේ නීති රීති ක්‍රමිකව ඉවත් (ලිහිල්) කිරීමේ විදා්‍යානුකූල ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජා කායික වෛදා්‍ය වෘත්තිකයන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුගිය විසි හය (26) වැනිදා සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
එම සංදේශයේ මෙසේ දැක්වේ.
කොළඹ නගරය පිළිබඳ කෙටි හැඳින්වීම
කොළඹ නගරය දිවයිනේ ආර්ථික කේන්ද්‍රීය ස්ථානයයි. එමෙන්ම ලංකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නගරයයි. සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන අන්දමට නගර සීමාවේ වෙසෙන ජන ඝණත්වය හය ලක්‍ෂ පනස් දහසත් (6,50,000) හත් ලක්‍ෂ පනස් දහසත් (7,50,000) අතර වේ. මේ හැරෙන්නට දිනපතා නගරයට අවතීර්ණය වන සංක්‍රමික පිරිස පන්ලක්‍ෂයකට (5,00,000) අධිකය.
නාගරික බල සීමාවේ ස්ථිර පදිංචිකරුවෝ විවිධ ජාතික ආගමික සහ විවිධ සංස්කෘතිවලට අයත් වූවෝය. මේ පිරිස අතරින් වැඩි දෙනා සිංහල වේ. ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ ශ්‍රී ලාංකික ඉස්ලාම් භක්තික ප්‍රජාව ද සෙසු ප්‍රජාව අතර ප්‍රමුඛ වේ.
නාගරික බල ප්‍රදේශය වර්ග කිලෝමීටර් තිස් හතකි (37). එම ප්‍රදේශය මැතිවරණ කොට්ඨාස වශයෙන් වෙන්කර එයිනුදු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය කොට්ඨාස හතළිස් හතකට (47) පරිපාලන කටයුතුවල පහසුව සඳහා බෙදා වෙන් කර තිබේ.
2020.04.24 වැනි දින වන විට කොවිඞ්-19 වෛරසය ආසාදිත වූ පිරිස හැටියට ශ්‍රීලංකාවේ දී හඳුනාගත් තුන්සිය තිස් හතර දෙනා (334) අතරින් අනූ එක් දෙනකුම (91) සොයාගනු ලැබුණේ කොළඹ නාගරික බල ප්‍රදේශයෙනි.
අපේ රටේ (ශ්‍රීලංකාවේ) ප්‍රධානම වාණිජමය නගරය වන කොළඹ නගරයේ අද්විතීය තත්ත්වය පිළිබඳව දෙවරක් සිතා පවත්නා තත්ත්වයෙන් ප්‍රදේශය මුදවා පෙර පැවති තලයටම පැමිණවීම අත්‍යත්තයෙන්ම නොවළහා කළ යුතු කාර්යභාරය වේ. භයානක කොවිඞ්-19 මාරයාගේ ලොකුම ගොදුර වී ඇති කොළඹ යනු මේ තත්ත්වය යටතේ විශේෂ සැලකිල්ලට ගත යුතු ප්‍රදේශයක් බව අමුතුවෙන් කිව යුත්තක්ද නොවේ.

කළ යුතු ප්‍රධාන කාර්යය භාරයන්- 1. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම, 2. මහජන දෛනික ජීවිතය (කටයුතු) යථා (සාමාන්‍ය-පෙර පැවති) තත්ත්වයට පැමිණවීම, 3. ආර්ථිකය ස්ථාපනය කිරීම.
කොවිඞ්-19 වෛරසය පැතිරීම ආරම්භවූ මුල් දිනවලම ආසාදිතයින් හඳුනා ගැනුණු තොටළඟ නාගලගම්වීදිය සහ ගුණසිංහපුරය යන ප්‍රදේශ මේවනවිට ආරක්‍ෂිත (ආසාදිතයින් නැති) බව දැනගන්නට තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයන් අනුව කොළඹ තත්ත්වය
සෞඛ්‍ය අංශ විසින් කොළඹ කොවිඞ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කරනු ලැබ ඇත. පරීක්‍ෂාවෙන්, විමර්ශනයෙන් රෝගී තත්ත්වය හඳුනාගෙන හුදකලා කිරීමෙන්ද තත්ත්වය මර්දනය කර ඇත. වෛරසය පහසුවෙන් ආසාදනය විය හැකි ස්ථානවල අවදානම අවම කර ඇත. පාසල්, වැඩ පොළවල් සහ වෙනත් අවශ්‍ය ස්ථානවල සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කර තිබේ. මාර්ගෝපදේශ සපයා ඇත. පාසල් පැවැත්වීමක් නැත. විදේශයන්ගෙන් වෛරසය පැමිණිය හැකි මාර්ග අවුරා තිබේ.
එහෙත් ප්‍රජාව සම්පූර්ණයෙන්ම දැනුවත් කිරීම සහ පවත්නා වර්තමාන තත්ත්වය යටතේ දෛනික කටයුතු කිරීම ගැන මහජනයා බලගැන්වීම පිළිබඳව නම් එතරම් සෑහීමකට පත්විය නොහේ.
කොවිඞ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු සමස්ත දිස්ත්‍රික්කය පුරා සිටින කොවිඞ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සතිය වන විට වර්ධනයවී ඇත. පවුල් අතරට පමණක් සීමාවූ තත්ත්ත්වය මේවන විට ග්‍රාමීය මට්ටමටද පැතිර තිබේ. එහෙත් වෛරසය ආසාදිතයන් සහ ආසාදිතයන් සම්බන්ධතා පැවැත්වූවන් පවා පරීක්‍ෂාවෙන්, විමර්ශනයෙන් හඳුනා ගෙන හුදකලා කිරීමෙන්ද රෝගී තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශවලට හැකිවීම මහත් භාග්‍යයකි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඉමහත් ජනාකීර්ණ පරිසරයක් පමණක් නොව වෙනත් ප්‍රදේශවලින් පවා විශාල සංඛ්‍යාවක් (දෛනිකව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්) පැමිණ සංසරණය වන කේන්ද්‍රීය ස්ථානයකි. එබැවින් ආසාදිතයින් සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූවන් අඳුනා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර පෘථුල ජන සමාජය අතරට රෝගය පැතිරයාමේ තත්ත්වය පාලනය කිරීමද ඉතාම අවශ්‍ය කරුණකි.

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩුආදායම් ලාභීන්ගෙන් වාර්තාවූ ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකත්වය එක් වරක් පරීක්‍ෂාවට භාජනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුහු නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට ලක් කළ යුත්තෝය. ලැබෙන සෑම අවස්ථාවකදීම එනම් වැඩපොළේ දී හෝ සේවා ස්ථානයේ දී හෝ එසේ පරීක්‍ෂාවට ලක් කිරීමේ හැකියාව ඇත්තේ නම් නොවැරදීම එසේ කළ යුත්තේමය. කොවිඞ් වෛරසය පිළිබඳව ඉහළ මට්ටමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල ඒ අන්දමේ පරීක්‍ෂණ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
මහ නගර සභාවේ කොට්ඨාසවල අවදානම බැරෑරුම්, මධ්‍යම සහ අවම යන තලවලට වර්ග කර ඇත. ඒ අනුව පහත දැක්වෙන ගුණාංග හෝ ලක්‍ෂණ හෝ පාදක කර පරීක්‍ෂණ කිරීම යෝග්‍ය වේ. ගෙවුණු දින විසිඅට (28) තුළ වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව, එම කාල සීමාව තුළ මූලික සහ ද්වීතිය වශයෙන් සම්බන්ධතා පවත්වා ඇති සංඛ්‍යාව. භූගෝලීය වශයෙන් “වතු ප්‍රජාව” (විශේෂයෙන් සීමිත ඉඩකඩක) බුරුතු (පොකුරු) වශයෙන් පදිංචිවී සිටින අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ඒවායේ පදිංචි පවුල් සංඛ්‍යාව, වසංගතය පාලනය කිරීමේ අනුකූලතාවය පිළිබඳව පදිංචි කරුවන්ගේ තින්දුව.
ඉහත දැක්වෙන කරුණුවලට වැඩිමනත් වශයෙන් පහත සඳහන් අංශ ගැනද සලකා බලනු වටී.

- ගර්භණී මාතාවන් සංඛ්‍යාව
(අ) නිදන්ගත රෝග වැලඳී ඇති සංඛ්‍යාව - වයස අවුරුදු හැට පහට (65) වැඩි සංඛ්‍යාව
- මහ නගර සභා බල ප්‍රදේශයේ එක් එක් කොට්ඨාසයක වෙසෙන පුහුණු සහ නුපුහුණු (වෙන් වෙන් වශයෙන්) ශ්‍රම බලකාය
- ඉතාම වැදගත් සේවා ස්ථාන සහ කර්මාන්ත පිහිටි ස්ථාන පිළිබඳ විස්තර
කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා ගැනුණු මැදිහත්වීම් සහ කටයුතු අඛණ්ඩව තහවුරු කෙරෙමින් එක් එක් ප්‍රදේශය පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනාගත් අවදානම් තත්ත්වය ගැන සංක්‍ෂිප්ත සටහනක් අනුව අඳුරු නීතිය ඉවත් කිරීම/ක්‍රියාත්මක කළ ප්‍රමාණයන් /ක්‍රමික ආකාරයකට පියවරින් පියවර ක්‍රියාත්මක කළ යුතු වාරණ.
තෙ (තුන්) ආකාරයේ අවදානම් තත්ත්වයන් ගෙන් බැහැරවිමේ ක්‍රමෝපාය
අනතුර (අවදානම) වැඩි ප්‍රදේශ සඳහා අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වාරණ මධ්‍යම ප්‍රමාණයේ තත්ත්වයට මධ්‍යම ප්‍රතිපත්ති, අවම අවදානමට ලිහිල් වාරණ. ක්‍රමෝපායේ ශුභදායී මෙහෙයුම් කටයුතු නිසි කලට ලබාගත යුතු ප්‍රතිඵල උදෙසා කොට්ඨාස මට්ටමින් රැස් කළ වසංගත විද්‍යානුකූල සහ ජෛව අවකාශමය දත්ත ඉතා මහෝපකාරි වේ. බැහැරවීමේ ක්‍රමෝපාය කාලානුරූපද විය යුතුය. කිසියම් වෙනස්කමක් සිදුවිය යුත්තේ ඉස්මතුවන්නා වූ ප්‍රාදේශීය වසංගත දත්ත පාදක කර ගෙන වේ. එසේ සංශෝධනය කළ යුතු වන්නේද අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රාඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක සාකච්ඡාවකට භාජනය කිරීමෙනි.
වාර්ගික සැලකිලි
භූගෝලීය ප්‍රදේයේ අවදානම් තත්ත්වය නොතකා පහත දැක්වෙන සේවා පවත්වා ගෙන යා යුතුය.
ඉතා අවශ්‍ය මූලික සේවා
(1) සෞඛ්‍යය, ප්‍රවාහනය, ජලය, විදුලිය, ගෑස්, තැපෑල, ඉන්ධන, දුරකතන, වරාය, වාහන අලුත්වැඩියා, මාර්ග නඩත්තු, වාරිමාර්ග.
(2) අත්‍යාවශ්‍ය කර්මාන්ත (සමූහයක් රොක් නොවන) ගොවි කටයුතු, ධීවර, ඉදිකිරීම්. - තෝරා ගත් වෙළෙඳපොළ සහ කර්මාන්ත.
- දෛනික සංක්‍රමණික ප්‍රජාවගේ පැමිණීම පාලනය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා හෝ රාජ්‍ය හෝ පෞද්ගලික හෝ අංශවල සේවා වෙනුවෙන් කොළඹට දෛනිකව පැමිණෙන පිරිස සීමා කිරීම උදෙසා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු වේ. සීමිත කාර්ය මණ්ඩලයකට පැමිණිය හැකි අන්දමට සහ එහි සාර්ථකත්වය නියාමනයට යාන්ත්‍රණයක් සකස් කර ඊට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනද තීන්දු කළ යුතුය.
අධි අවදානම් ප්‍රදේශවල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු තහනම් නියෝග
හුදකලා කළ යුතු ප්‍රදේශ වෙනුවෙන් අඳුරු නීතිය පැය විසි හතර (24) පුරාම බලගැන්විය යුතුය. ජන ඝනතත්වය අධික අඩු ආදායම්ලාභී “වතු” ප්‍රදේශයක ආසාදිතයකු බවට සැක කෙරෙන අයකු ඇත්නම් සෞඛ්‍ය රටාව අනුව සැක කෙරෙන සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යවනු ලැබිය යුත්තෝය. එසේ නොවන පිරිස් හමුදාව සහ පොලීසියේ අධීක්‍ෂණය යටතේ ඔවුන්ගේම නිවෙස්වල රඳවා තැබිය යුතුවේ. මානුෂීය විශේෂ හේතුවකට විනා ප්‍රදේශයෙන් බැහැරට හෝ බැහැරින් ප්‍රදේශයට පැමිණීමේ ඉඩකඩ ඇවිරිය යුතුය. සෙසු වාහන ගමනාගමනයට ඉඩහළ යුතුය.
දැෑත් fදා්වනය, මුඛ ආවරණ පැලඳීම, මීටර් තුනක් දුරින් සිටීම වැනි පෞද්ගලික මට්ටමේ ආරක්‍ෂක ක්‍රමෝපායන් එපරිද්දෙන්ම පිළිපැදිය යුතුය. කිසිදු අන්දමක පෞද්ගලික රාශිවීම් නො හැකිය, බැතිමතුන් එක් රැස්වන සියලු ආගමික ස්ථාන වසා තැබිය යුතු වේ. පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා ඉඩ නොදිය යුතුය. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කාර්යාල වසා තැබිය යුතුය. ගෘහස්ථ භාණ්ඩ සැපයුම් සේවා ප්‍රවර්ධනය කළ යුතුය. පාසල් සහ වෙනත් අධ්‍යාපනික ආයතන වසා තැබිය යුතුය. කුඩා වෙළෙඳ ව්‍යාපාර වසා තැබිය යුතුය. බැංකු ගනුදෙනු කාඞ්පත් හෝ ඔන්ලයින් හෝ ජංගම දුරකථන මගින් හෝ විශේෂයි. ප්‍රවේසම් සහිත අන්දමින් තෝරගනු ලබන කර්මාන්තායතන සියයට පනහක (50%) ශ්‍රම බළකායකින් ක්‍රියාත්මක කළ හැකිය.

මධ්‍යම ප්‍රමාණයේ සීමා – කාලානුරූපීව පැය විසි හතර (24) පුරා අඳුරු නීතිය පනවනු ලැබේ. පොලිසියේ සහ හමුදාවේ දැඩි අධීක්‍ෂණය නිවැසියෝ සිය නිවාසවලම සිටිය යුත්තෝය. මානුෂීය විශේෂ හේතුවකට විනා ප්‍රදේශයෙන් බැහැරට හෝ බැහැරින් ප්‍රදේශයට පැමිණීමේ ඉඩකඩ නැත. දැැත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, මීටර් තුනක් දුරස්ථවීම වැනි පෞද්ගලික මට්ටමේ ආරක්‍ෂක ක්‍රමෝපායන් එපරිද්දෙන්ම පිළිපැදිය යුතුය. කිසියම් විශේෂ කරුණක් අරබයා එක් අයකුට නිවෙසින් බැහැර විය හැකිය. ඒ සඳහා ටෝකන් ක්‍රමයක් හඳුන්වා දියයුතු වේ. ගර්භණී මාතාවන් නිවසෙහිම රැඳී සිටිය යුතු වුවත් වෛද්‍ය සායනවලට සහභාගිවීමට නිවෙසින් බැහැරවීම සඳහා අවසර තිබේ. පහසුවෙන් වින්දිතයන් බවට පත් විය හැකි වයස අවුරුදු හැට පහ (65) ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් නිදන්ගත රෝගීන්ටත් වෛද්‍ය හේතුවකට විනා අන් කිසිම හේතුවකට නිවෙසින් බැහැරවීමට අවසර නැත. අවශ්‍ය නම් ඔවුනට නිවෙසින් බැහැරවිම සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත හැකිය. වෛද්‍ය සායනයේදී ලැබෙන වාර්තාවක් වුවද නිවෙසින් බැහැරවීම සඳහා ඔවුනට අවසර පතක් වශයෙන් භාවිතා කිරීමට හැකිය. පෞද්ගලික සුහද හමුවීමක් වෙනුවෙන් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පස් දෙනෙකි. බැතිමතුන් එක් රැස්වන සියලු ආගමික ස්ථාන වසා තැබිය යුතු වේ. මංගල හෝ අවමංගල හෝ උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව දහ (10) දෙනෙකි. පොදු හෝ පෞද්ගලික හෝ ප්‍රවාහන සේවා සඳහා අවසර නොලැබේ.
රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කාර්යාල වසා තැබිය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට යටත්ව ඖෂධ අලෙවිසල් (ෆාමසි) ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යා හැකිය. පාසල් සහ වෙනත් අධ්‍යාපනික ආයතන වසා තැබිය යුතුය. ආහාර වර්ග සහ සිල්ලර භාණ්ඩ (ග්‍රොසරීස්) ප්‍රවාහනය කෙරෙන ගෘහස්ථ භාණ්ඩ සැපයුම් සේවා ප්‍රවර්ධනය කළ යුතුය. පාසල් සහ වෙනත් අධ්‍යාපනික ආයතන වසා තැබිය යුතුය. බැංකු ගනුදෙනු වඩාත්ම ඔන්ලයින් හෝ ජංගම දුරකථන මගින්ය.
බැංකු ගනුදෙනු කටයුතු දිනකට සැසි දෙකක් වශයෙනි. පෙරවරු හතේ (7.00) සිට මධ්‍යාහ්න දොළහ (12.00) දක්වාත් පස්වරු දොළහයි තිහේ (12.30) සිට පස්වරු පහයි තිහ (5.30) දක්වාත් වේ. එක් ගනුදෙනුකරුවකුට ගනුදෙනු කළ හැක්කේ සතියකට වරක් පමණි.
දෛනික වේතන මත සේවා සපයන ශ්‍රමිකයන්ට සේව්‍යයන්ට පනවා ඇති වාරණවලට අනුව දුරස්ථභාවය සහ සෞඛ්‍ය සුරක්‍ෂිතතාවය සපුරා ගෙන ශ්‍රමය සැපයිය හැකිය. ප්‍රවේසම් සහිත අන්දමින් තෝරගනු ලබන කර්මාන්තායතන සියයට පනහක (50%) ශ්‍රම බළකායකින් ක්‍රියාත්මක කළ හැකිය.
චන්ද්‍රසේන මාරසිංහ











