• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රටවල් ඇරපු හැටි මෙන්න

May 4, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
රටවල් ඇරපු හැටි මෙන්න
Share on WhatsAppShare on Facebook

‘කොරෝනා ලෝක කරුමය’ පටන්ගත්දා සිටම දවස පුරාම අන්තර්ජාලයෙහි දක්නට ලැබුණේ ඉතාමත් සිත කලබලයට පත්කරවන හෝ සිත ශෝකබරිත කරවන හෝ පුවත් සහ ඡායාරූප දස දහස් ගණනකි. එහෙත් පසුගිය දිනක සයිබර් අවකාශය තුළ හදිසියේම දක්නට ලැබුණේ ඉතාමත් අපූරු සේයාරුවකි. යම් ලෙසකින් සිත් සනසන සේයාරූ පෙළක් අතරින් මේ සේයාරුව සැබැවින්ම සුවිශේෂී එකක් විය. එහි තිබුණේ අවුරුදු 7-8ක පමණ පිරිමි දරුවකු පොළොවෙන් අඩි තුනක් පමණ අහසට විසිවී (පැන) මහත් සතුටකින් සෙල්ලම් කරන ආකාරයක්ය. එළිමහනක සිටින මේ දරුවා මහත් සතුටකින් සිටියත් ඔහුගේ සිනහව දක්නට ක්‍රමයක් නැත. සුදු පැහැති මුඛ ආවරණයකින් ඒ කුඩා මුව වැසී ඇත. මෙම සේයාරුව දුටු සැණින් මෙය කුමන කාල වකවානුවක ගත් එකක් දැයි වහා අවබෝධ වන්නට විය. මෙම සේයාරුව යටින් ඇති ඉංග්‍රීසි බසින්වූ සේයාරූ විස්තරය මෙසේ කියයි.
Spain’s Children are allowed out to Play for the First time in six weeks (සති 6කට පසුව පළමු වතාවට ස්පාඤ්ඤයේ දරුවන්ට සෙල්ලම් කිරීමට ඉඩ ලැබෙයි.) යන්න එහි අරුතයි. කොරෝනා මාරයාගේ කුරිරුකම් හමුවේ සති 6ක කාලයක් (මාස එකහමාරක්) පූර්ණාව සියලු නගර වසා දැමුණු ස්පාඤ්ඤයේදී මෙයට දින කිහිපයකට ඉහතදී එම සේයාරූ දසුන දක්නට හැකි විය. කොවිඞ්-19 වසංගතයේ ඉතාමත් දරුණු ලෙස බිලිගත් යුරෝපයේ ප්‍රධානතම රටක් වන්නේ ස්පාඤ්ඤයය. එනම් එය කෙතරම් බියකරු වීද යත් මේ වන විට ස්පාඤ්ඤයේ කොරෝනා රෝගීන් 2,33,000 පමණ වාර්තා වී ඇති අතර, මරණ 24,000ක් පමණ වාර්තා විය. ස්පාඤ්ඤයේ වත්මන් අගමැති පෙඞ්රෝ සැන්චෙස්ගේ බිරිය පවා කොරෝනා ආසාදිතයකු විය. කෙසේ හෝ එම රජය විසින් සති 6ක් පුරා මුළු රටම පාහේ වසා දැමුණු අතර, කොරෝනා මැඬලීමට ක්‍ෂණිකව පියවර ගත්තේය. එම කර්කශ කාලය දැන් සෙමෙන් ගෙවී ගොස් පසුගිය අප්‍රේල් 27 වැනිදා සිට ස්පාඤ්ඤයේ නගර විවෘත කිරීමට අගමැති පෙඞ්රෝ සැන්චෙස් පියවර ගත්තේය. එහෙත් සෞඛ්‍යමය සහ ආරක්‍ෂිත පියවර කිහිපයක් මධ්‍යයේ එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතියි.

(AP Photo/Emilio Morenatti)

පසුගිය සතිය ලොවට ඉතාමත්ම වැදගත් සතියක් ලෙස වාර්තා වන්නේ, කොරෝනා නිසා මෙතෙක් තදබල ලෙස වසාදමා තිබුණු රටවල් රැසක්ම තමන්ගේ දොරටුවල දොරගුළු විවෘත කිරීමේ හේතුව නිසාවෙනි. මෙයින් ප්‍රධානතම දේශයන් තුනක් වන්නේ ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය වෙයි. මෙම රටවල් තුනෙහිම පුද්ගල මරණ 75,000කට අධික ප්‍රමාණයක් වාර්තා වූ අතර, එනම් එය එක් රටක් බැගින් 25,000ක් පමණ වෙයි. ලෝකයේ මෙන්ම යුරෝපයේදී කොරෝනා විනාශය සිදුවුණු ප්‍රධානතම රටවල් තුන වන්නේ ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශයයි. ඒ හෙයින් අද එම රටවල් විවෘත කිරීමට පියවර ගෙන තිබීම සුවිශේෂී කරුණකි.
තවද මෙම රටවල් තම නගර වසා, රටවල්ද වසා දමා තිබුණේ සති 6-7ක කාලයක් සඳහා පමණි. එම රටවල්වල කොරෝනා නිසා අහිංසක මිනිසුන් මැරි මැරී වැටුණු ආකාරයට, එම දේශයන් මෙතරම් ඉක්මනින්ම යම් ආකාරයට යථා තත්ත්වයකට පත්වූයේ කෙසේ දැයි සිතා ගැනීමට හෝ නොහැකිය. සැබෑ ලෙසම එය විශ්මිතය. එහෙත් කෙසේ හෝ මෙම රටවල් නැවැත විවෘත කර ඇත්තේ දැඩි ආරක්‍ෂිත ක්‍රමවේද කිහිපයක් හරහාය. ස්පාඤ්ඤයේ වයස අවුරුදු 14ට අඩු දරුවන්ට දිනකට පැයක කාලයක් පිටත ඇති සෙල්ලම් පිටිවලට පැමිණ සෙල්ලම් කළ හැකි වුවත්, ඔවුන්ගේ පාසල් ඇරැඹීම තවත් මාස කිහිපයකට කල් දමා ඇත. මේ හෙයින් එරට දරුවන් දැන් සිටින්නේ මහත් ප්‍රීති ප්‍රමෝදයෙනි. වැඩිහිටියන්ටද එළිපෙහෙළියට පැමිණ තමන්ගේ කටයුතු සිදු කළ හැකි වුවත්, තවද ඔවුන්ගේ කාර්යාල සහ රාජකාරි කටයුතු ඇරැඹීමට අවසර ලැබී නොමැත. යුරෝපයේ කොරෝනා වසංගත කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකුණු ඉතාලියද මෙම සතියේ සිට තම නගර රැසක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. එනම් මැයි 4දා සිට එසේ සිදු කෙරෙයි. මේ අතර කොරෝනා ප්‍රහාරය ඉතා දරුණු වූ ප්‍රංශයද මෙම ඉදිරි සතියේදී වසා දමා ඇති තම රටේ නගර විවෘත කිරීම සිදු කරනු ලබයි. ඉහත එම රටවල් තුන ගැන මෙහිදී මුලින්ම කතා කරන්නට සිදුවූයේ, ඒ රටවල්වල ඇති වී තිබුණු බිහිසුණු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. ඉතාලියේ පමණක් පසුගිය කාලයේ වෛiවරුන්ම 150ක ප්‍රමාණයක් කොරෝනා ආසාදිතව මියගියේය. මෙය අතිශයින්ම ශෝකජනක තත්ත්වයක් විය. එහෙත් අද මේ රටවල් තුනෙහිම ආසාදිතයන් ප්‍රමාණයත්, මරණ සංඛ්‍යාවත් ඉතාමත් අවම ප්‍රමාණයකට පත්ව ඇත. මෙසේ කොරෝනා මර්දනය කරගැනීම පුදුමසහගත වන අතර, ඒ සඳහා ඔවුන් ක්‍රමවේද කිහිපයක්ම අනුගමනය කළේය. එම පියවර මෙසේ දැක්වෙයි.
– නගර සහ රට වසා දැමීමේ (ලොක් ඩවුන්) ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකින් සිදුකිරීම.
– විශාල පෞද්ගලික රෝහල් පවා නීතියෙන් ජනසතු කිරීම. ස්පාඤ්ඤයේ සියලුම පෞද්ගලික රෝහල් මේ ආකාරයෙන් රජයෙන් ජනසතු කර කොරෝනා රෝගීන්ගේ පූර්ණ භාවිතය සඳහා ලබා ගත්තේය.
– ප්‍රධානතම සෞඛ්‍ය ක්‍රමවේදයක් වූ කොරෝනා රෝගීන් වේලාසනින්ම හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්‍ෂණයන් ඉතාමත් සාර්ථකව සහ පුළුල්ව සිදුකිරීම.
– සෞඛ්‍ය සහ සාමාජයීය නීති රීති කඩකරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම.
– පොදු ජනතාව දැඩි ලෙස සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම.
– නිරෝධායන කටයුතුද ඉතාමත් සාර්ථකව සිදුකිරීම සහ නිරන්තරයෙන් එය අධීක්‍ෂණය කිරීම.
– කොරෝනා මාරක වසංගතයට එරෙහිව ඉතාමත් සූක්‍ෂ්ම ලෙස සහ බුද්ධිමත් ලෙස සටන් කළ ලොව අංක එකේ දේශය ලෙස මේ වන විට වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවය. එමෙන්ම ආසියානු රටක් වන දකුණු කොරියාව අනුගමනය කළ එම ක්‍රමවේදය මෙතෙක් ලොව බලවත් සහ ධනවත් රටකටවත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. ඒ හෙයින් ඒ ගැන අපගේ අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි.
– දකුණු කොරියාවේද කොරෝනා රෝගීන් 11,000කට අධික ප්‍රමාණයක් සිටි අතර, මරණ වාර්තා වූයේ 250ක් පමණි. සුව වූ සංඛ්‍යාව 9,000ක් පමණ විය. මෙසේ ප්‍රධානතම ලෙස අඩු මරණ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට, ඔවුන් රෝගය හඳුනාගත් දිනයේ සිටම ඉතාමත්ම වේගවත්, බුද්ධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළේය. එය මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
– දකුණු කොරියාවේ ප්‍රධානතම ක්‍රියාමාර්ගය වූයේ ඉතාම කඩිනමින් සමාජය තුළින් රෝගීන් හඳුනා ගැනීමය. ඒ සඳහා ඔවුන් කොරෝනා පරීක්‍ෂණ ක්‍රමවේදය නොහොත් පී.සී.ආර්. (Polymerase Chain Reaction) වෛi පරීක්‍ෂණ ඉතාමත්ම පුළුල්ව සිදුකළේය. එනම් ඔවුන් එම පරීක්‍ෂණ දිනකට 15,000 – 20,000 අතර ප්‍රමාණයක් පරීක්‍ෂණාගාර 650ක ප්‍රමාණයකදී සිදුකරන ලදී. පැය කිහිපයක් ඇතුළතදී මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල ලබාදෙන අතර, රෝගීන් ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර සිදුකිරීම ආරම්භ කළේය.
– පී.සී,ආර්. පරීක්‍ෂණ කිරීම සඳහා ජනතාව තෝරා ගැනීමට ‘පරිගණකමය ආවේක්‍ෂණ ක්‍රියාවලියක්’ Digital Surveillance System ක්‍රියාත්මක කළේය. එනම් දකුණු කොරියාවේ වෙසෙන සියලුම වැසියන්ගේ තොරතුරු සහ සේයාරූ පරිගණක ඩිජිටල් ජාලයකට ඇතුළත් කර ඇත. එය දැනට කාලයක් පුරා එරට ක්‍රියාත්මක වන ආවේක්‍ෂණ ක්‍රියාවලියක් වන අතර, ඒ මඟින් රෝගය බොහෝ ව්‍යාප්තව ඇති ප්‍රදේශවල ජනයා හඳුනාගෙන පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කරයි. මුලින්ම ප්‍රමුඛතාව ලබාදී පරීක්‍ෂණ සඳහා යොමු කළයුතු වැසියන් එහිදී හඳුනාගනිති.
– පළමුවත් පරීක්‍ෂණය, දෙවැනුවත් පරීක්‍ෂණය හා තෙවැනුවත් පරීක්‍ෂණය නමැති උද්වේගශීලී පාඨය භාවිත කරමින් ඉතාමත් ආක්‍රමණශීලී ලෙස රෝගීන් හඳුනා ගැනීම.
– සාමාන්‍ය පුද්ගලයන්ගේ සහ රෝගීන්ගේ පෞද්ගලික දත්ත දැනගැනීම සහ එම තොරතුරු මෙහෙය වීම සඳහා අති නවීන ‘5ජී’ ජංගම දුරකතන තාක්‍ෂණය භාවිත කිරීම.
– සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම සහ එයට අදාළ නීති රීති ඉතාමත්ම තදින් පවත්වා ගැනීම, එම ක්‍රමවේදයන් සඳහා ජනතාවගෙන් ලැබුණු උපරිම සහයෝගය.
මේ ආකාරයට අද කොරෝනා මාරයා පැරදවීමේ තරගයේ අංක එකට ඉන්නේ දකුණු කොරියාවය. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපති මූන් ජේ. ඉන් මෙම සටන සඳහා නායකත්වය ලබා දුන් අතර, ලොව ජන නායකයන් රැසකගෙන් ඔහුට ප්‍රශංසාවද හිමි විය. එසේම ලොව රටවල් 10ක් පමණ කොරියානු ක්‍රමවේදය ගැන උපදෙස් ලබා ගැනීමද සිදුකළේය. කොරෝනා මධ්‍යයේම එරට මහ මැතිවරණයද පැවැත්වූ අතර, ඉන් මූන් ජේ. ඉන්ගේ පක්‍ෂය සුවිශාල ජයග්‍රහණයක්ද හිමිකර ගත්තේය.
කොරෝනා මාරයාගේ තිඹිරිගෙය වූ චීනය රෝගය දැනගත් සමයේ විවිධ නාඩගම් නැටුවද, පසුව රෝගය මෙල්ල කර ගැනීමට ඉතාමත් සාර්ථකව කටයුතු කළේය.
එනම් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 82,858ක් වූ අතර, මරණ සංඛ්‍යාව 4,650ක් පමණ විය. මෙය අනෙකුත් බටහිර රටවල් හා සංසන්දනය කරන විට ඉතා අඩු අගයකි. චීනය යනු ප්‍රබල නීති, රීති ඇති කොමියුනිස්ට් රාජ්‍ය පාලනයක් ඇති රටකි. ඒ හෙයින් චීනය මෙම කොරෝනා වසංගතය මැඬලීම සඳහා ඉතාමත් තදබල නීති, රීති අනුගමනය කළේය. නිවාස තුළ සැක සහිත රෝගී පිරිස් සිටින විට හමුදාව යොදවා එම පිරිස් බලයෙන් රැගෙන යෑම සිදු කරන ලදී. එමෙන්ම නීති, රීති කඩකරන්නන්ට එරෙහිව අධිකරණ දඬුවම් සහ දඩ මුදල්ද නියම කළේය. කෙසේ හෝ චීනය කොරෝනා මැඬලීම සඳහා දකුණු කොරියාවේ උපදෙස්ද ඉහළින්ම ලබා ගත්තේය. රෝගීන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්‍ෂණ ක්‍රමවේදයන්ද සාර්ථකව ක්‍රියාත්මක කළේය. කොරෝනා යක්‍ෂයා ‘මහගෙය’ චීනය හෙයින් බොහෝ දෙනකු සිතුවේ චීනය ‘නැත්තටම නැතිවේවි’ යැයි කියාය. එහෙත් කිසිවකුත් නොසිතූ අයුරින් චීනය පණගසා ඇවිත් එම රට තුළ ඇති නගර පවා විවෘත කරනු ලැබුවේය. කොරෝනා මහා තෝතැන්න වූ වූහාන් නගරය මෙයට සති දෙකකට පෙර මුළුමනින්ම විවෘත කළේය. චීනයේ අනෙකුත් නගරද මේ වන විට විවෘත කර ඇති අතර, අද එහි මිනිස්සු සෞඛ්‍ය ක්‍රමවේද යටතේ සාමාන්‍ය ජීවිතයක් ගතකරති.
ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව සහ චීනය මෙලෙස තම රටවල් වසා දැමීමේ නීති, රීති ලිහිල් කරමින් මේ වන විට ජන ජීවිතය සාමාන්‍ය අතට පත්කරමින් සිටිති. එසේම රටවල් විවෘත කිරීම නොහොත් ‘ලොක් ඩවුන්’ ක්‍රියාවලිය ලිහිල් කරන ලද තවත් රටවල් රැසක්ද වෙයි. නවසීලන්තය, චෙක් ජනරජය, පෝලන්තය, ජර්මනිය, ඔස්ටි්‍රයාව, ඉරානය, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, පෘතුගාලය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්වීඩනය, ක්‍රොඒෂියාව, ස්ලෝවේනියාව, තුර්කිය, ස්විට්ස්ර්ලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම මේ වන විට තම රටවල් විවෘත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙම සෑම රටකම එම කටයුතු අදියර කිහිපයකින් සිදු කෙරෙනු ඇතිය. කොරෝනා රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින ඇමෙරිකාව පවා මේ වන විට ඔවුන්ගේ ප්‍රාන්ත නගර කිහිපයක වසා දැමීමේ තහනම ඉවත් කර ඇත. එහෙත් ඇමෙරිකාවේ තත්ත්වය තවද අතිශය බියකරුය. එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන්ද කොරෝනා ආසාදිතයකු වූ අතර, දැන් ඔහු සුව අතට පත්ව තම රාජකාරි කටයුතු සඳහාද පැමිණියේය. එහෙත් එරටද වසා දැමීමේ තහනම ඉවත්කර නැත.
මෙවැනි රටවල් රාශියක් ගැන කතා කරගෙන යෑමේදී තොරතුරු සොයා බැලිය යුත් එක් විශේෂිත රටක්ද වෙයි. එනම් ඒ ඕස්ටේ්‍රලියාවය. ඕස්ටේ්‍රලියාවද කොරෝනා මාරයාගේ දත් අතරේ සිරවී සිටි රටක් වන අතර, එරට ආසාදිතයන් 7,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වූ අතර, මරණ 90ක් පමණ වාර්තා විය. ලෝකයේ රටවල් බහුතරයක් කොරෝනා නිසා තම රටවල් වසා දමද්දී ඕස්ටේ්‍රලියාව එය සිදුකළේ නැත. මෙය විටෙක මහා බියකරු ක්‍රියාවක් ලෙස පෙනුණත්, එරට පාලකයන් කළේ දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් මිනිසුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යෑමය. කෙසේ හෝ දැඩි අවදානමක් ගෙන සිදු කළ එම ක්‍රියාවලිය ඉතාමත්ම සාර්ථක විය. ඔවුන් කොරෝනා රෝගය මෙල්ල කරගත්තේය.

කෙසේ හෝ ලොව වටා රටවල් මෙසේ කොරෝනා වෙනුවෙන් ‘කළ දේ’ හා ‘නොකළ දේ’ මොනවාදැයි දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේ නම් අපගේ මේ කුඩා ශ්‍රී ලංකාව දැන් කළ යුත්තේ කුමක්ද? අපගේ රටේ යම් බහුතරයක් ප්‍රදේශවලට ජන ජීවිතය ගෙනයෑම සඳහා යම් සහනයක් ලැබී තිබුණද, තවත් රටේ ප්‍රධානතම ප්‍රදේශයක් මේ වන විටත් මුළුමනින්ම වසා දමා තිබෙයි. එනම් දැනට මාස එකහමාරකට වඩා කාලයක් එම තහනම පැනවී තිබෙයි. මෙය නිමවන්නේ කෙදිනකද? මේ ප්‍රදේශවල මිනිසුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කවදාද? කෙසේ හෝ පසුගිය කාලයේ කොරෝනා ආනිශංසයෙන් අප යම් යහපත් තැනක සිටියද අද එම තත්ත්වය නැවැත කණපිට හැරී ඇත. මේ නිසා තිබෙන ‘අඳුරු වළාව තුළ රිදී රේඛාවක්’ දක්නටම නොහැකිවී ඇත. අපගේ රටේ පාලන තන්ත්‍රය, සෞඛ්‍ය අංශය සහ ආරක්‍ෂක අංශය ඉතාමත්ම දැඩි කැපවීමකින් කටයුතු කළද, අද විටෙක එම උත්සාහය ‘ගඟට කැපූ ඉනි’ දැයි සැකයක් පවතී. කොරෝනා රෝගීන් සොයා ගැනීම සඳහා අප රට තුළ සිදු කෙරෙන ආවේක්‍ෂණ ක්‍රියාවලිය දුර්වල මට්ටමක තිබෙන බවට සමහර වෛi පාර්ශ්ව චෝදනා නඟති. එනම් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්‍ෂණ ධාරිතාව ඇත්තේ ඉතාමත්ම අවම ප්‍රමාණයක බව ඔවුන්ගේ මතය වී තිබේ. දැනට දිනකට එම පරීක්‍ෂණ සිදුකෙරෙන්නේ 1,200ක පමණ ප්‍රමාණයක් වන අතර, තිබෙන සම්පත්වල අවමභාවය හේතුවෙන් එම තත්ත්වය උද්ගතවී ඇත. ලෝකයේ අනෙක් රටවල් තත්ත්වයට යෑමට අපට නොහැකි වුවත්, අඩුම තරමේ දිනකට පී.සී.ආර්. පරීක්‍ෂණ 5,000ක්වත් සිදුකළ යුතු යැයි විද්වත් මතයයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තාත්තා වෙනුවෙන් තාත්තගෙ රෝහලට පුතාගෙන් තෑග්ගක්… (VIDEO & PHOTOS)

Next Post

ලංකාව අරින්න යන හැටි මෙන්න…

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.