• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රජ පුටුවට සටන් වදින අපේක්ෂකයෝ

September 29, 2019
in News, Politics
Reading Time: 6 mins read
A A
දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ඊළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලය හිමි වූයේ පසුගිය 10 වැනිදාය. එතැන් පටන් සියලු දෙනාම මඟ බලා සිටියේ කොමිසම ජනාධිපතිවරණයට දින නියම කරන තෙක්ය. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 18 වැනිදා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ අතර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ වූයේ පසුගිය 19 වැනිදාය. එම ඇප මුදල් තැන්පත් කිරීම ඔක්තෝබර් 06 වැනිදා දහවල් 12න් අවසන් වන බවද කොමිසම නිවේදනය කළේය.

ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අපේක්ෂකයන් 18 දෙනකු තමන්ට දැනුම්දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් පෙරය. ඒ අතරින් දෙදෙනකු පළමු දිනයේදීම ඇප මුදල් තැන්පත් කළ අතර පසුගිය 26 වැනිදා දහවල් වන විට අපේක්ෂකයන් 07 දෙනකු ඒ සඳහා ඇප මුදල් තැන්පත් කර තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද ඒ අතර විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේ පසුගිය 20 වැනිදාය. ඒ සඳහා වූ සුබ නැකැත යෙදී තිබුණේ දහවල් 12.17ටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ඒ අවස්ථාවට සහභාගි විය. ජනාධිපතිවරණය ඉක්මණින් පැවැත්විය යුතු යැයි පසුගිය කාලය පුරා දැඩි හඬක් නැඟුවේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්මය. ප්‍රධාන පක්ෂ අතරින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පළමුව නම්කළේද පොදුජන පෙරමුණමය. එබැවින් අනෙක් ප්‍රධාන පක්ෂවලට පෙර ඇප මුදල් තැන්පත් කිරීමටද ඔවුන් කටයුතු කළේ ඒ උනන්දුව නිසාම විය හැකිය. නමුත් ජනාධිපතිවරණයට තරගවදින ලකුණ වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වී ඇති යෝජනාවද එයට බලපෑවේදැයි යන සැකයද ඇතැම් අය තුළ නිර්මාණයවී ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජයන්ත කැටගොඩ මහතා ඒ සඳහා ඇප මුදල් තැන්පත් කළේද ජනාධිපතිවරණය නිවේදනය කළ දිනට පසු දිනමය. ටෙලිනාට්‍ය නළුවකු ලෙස ජනාදරයට පත් කැටගොඩ මහතා දේශපාලනඥයකු ලෙසද අවස්ථා ගණනාවකදී කතාබහට ලක්වූ චරිතයකි. ජයන්ත කැටගොඩ මහතා දේශපාලනයට අවතීර්ණ වන්නේ 1991 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. තරග වැදුණු පළමු මැතිවරණයේදීම කඩුවෙල මහනගර සභාවේ විපක්ෂ නායක ධුරයට පත්වූ ඒ මහතා 1999 වසරේදී බස්නාහිර පළාත් සභාවට තේරී පත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ දෙවැනියට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙසටය. 2000 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ කැටගොඩ මහතා නැවත වරක් 2001 වසරේදීද පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල සහ අවිස්සාවේල්ල ආසන සංවිධායකවරයා ලෙසටද කටයුතු කර ඇත. ඉන්පසු නැවත වරක් කැටගොඩ මහතා දේශපාලනයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ 2010 වසරේදීය. එම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඒ මහතා තරගවදින්නේ සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය යටතේය. මැතිවරණයෙන් තේරීපත්වීමට නොහැකි වුවද, ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමිවීම මත නැවත වරක් පාර්ලිමේන්තු යෑමේ වරම් හිමිකරගත් කැටගොඩ මහතා නැවත වරක් කතාබහට ලක්වන්නේ අවසන් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟය. ඉන්පසු දේශපාලන පිටිය තුළ එතරම් කතාබහට ලක් නොවූ ජයන්ත කැටගොඩ මහතා මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසටය.
ඇප මුදල් තැන්පත් කිරීම ඇරඹුණු පළමු දිනයේම ඒ සඳහා කටයුතු කළ තවත් අපේක්ෂකයකු වූයේ සිරිපාල අමරසිංහ මහතාය. ඒ මහතා ඇප මුදල් තැන්පත් කර ඇත්තේද ස්වාධීන අපේක්ෂකයකු ලෙසටය. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි අමරසිංහ මහතා 2004 වසරේදී පාර්ලිමේන්තුවටද තේරීපත් විය. ඒ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමිනි. කෙසේ නමුත් 2006 වසරේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට අමරසිංහ මහතා තීරණය කළ අතර සරත් කුමාර ගුණරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ඉන් පසුවය. කෙසේ නමුත් ඉන් අනතුරුව දේශපාලනයේ එතරම් සක්‍රිය නොවූ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ එක් අවස්ථාවක දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේද සිරිපාල අමරසිංහ මහතාය.

අවසන් වරට පැවැති ජනාධිපතිවරණ කිහිපය සඳහාම ස්වාමින්වහන්සේ කිහිප නමක්ම විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් තරග වැද ඇත. ස්වාමින්වහන්සේ නමක් ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා පළමුව ඇප මුදල් තැන්පත් කළේ පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන්ය. ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2001 මහ මැතිවරණයට ඉදිරිපත් වූ පුඤ්ඤානන්ද හිමියන් පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එතැන් පටන් 2010 වසර තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ නැවත වරක් කතාබහට ලක්වන්නේ බාල වයස්කාර හිමිවරුන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙනි. ඒ හේතුවෙන් කිහිප වරක් රක්ෂිත බන්ධනාගාර ගතවීමටද උන්වහන්සේට සිදුවිය. උන්වහන්සේද මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසටය.

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති තවක් අපේක්ෂකයකු වන්නේ වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා මහතාය. ඒ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා තරගවදින්නේ අපේ ජන බලය පක්ෂය නියෝජනය කරමිනි. ඒ මහතා පිළිබඳ වැඩිදුර තොරතුරු අප පුවත්පතේ ‘සී.අයි.ඩී. ස්පෙෂල්’ තීරය තුළින් ඉදිරිපත් කර ඇත.

මෙම සටහන ලියැවෙන මොහොත වන විට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ එකම අපේක්ෂිකාව වූයේ පරිසරවේදිනියක වන අජන්තා වීරසිංහ පෙරේරා මහත්මියය. ඇය ඇප මුදල් තැන්පත් කළේද එය ඇරැඹුණු පළමු දිනයේදී වීමද විශේෂත්වයක් විය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පළමු අපේක්ෂිකාව වන්නේද ඇයය. ඇය ජනාධිපතිවරණයට තරගවදින්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය නියෝජනය කරමිනි. ඊට අමතරව පසුගිය 26 වැනිදා වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ අනෙක් අපේකෂකයා වූයේ ආරියවංශ දිසානායක මහතාය. ඒ මහතා තරගවැදීමට බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමිනි. ආරියවංශ දිසානායක මහතා පසුගිය සමයේ කතාබහට ලක් වූයේ පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට සිදුවීම සම්බන්ධයෙනි. එම මැතිවරණය කල්දැමීමට සිදුවූයේ ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පක්ෂයේ මහලේකම්වරයා ලෙස ආරියවංශ දිසානායක මහතා අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීම හේතුවෙනි.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දකුණ ‌හොල්ලපු ‌’රෝයල් බීච් සමන්’ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඇයි?

Next Post

රුහුණෙ මිනිස්සු යන බලගතු තැන

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.