• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෙදා සැරේ ඇත්තටම රන්ජන්ට ‌මොකද වුණේ?

April 20, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
මෙදා සැරේ ඇත්තටම රන්ජන්ට ‌මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

“රැල්ලට බය නම් වැල්ලට යන්නේ නැතැයි” නිතර කියන රන්ජන් බෝම්බයක් දමා එහි කතාබහ වියැකී යාමටත් පෙරාතුව තවත් එකක් දමයි. පාර්ලිමේන්තුවේ වැඩි දෙනකු කුඩුකාරයින් යැයි කළ ප්‍රකාශය ජලකර බෝම්බයක් පිපිරෙව්වා හා සමානය. ඉන් තක්කු මුක්කු නොවූ කෙනකු මහ වාසලේ නො වූ තරම්ය. ඊට රන්ජන් සමාව ගත යුතු බැව් අයෙක් කීහ. එහෙත් ඒ තර්ජනය තුට්ටුවකට මායිම් නො කළ ඔහු අභියෝග කළේ පුළුවන් නම් රුධිර සාම්පල පරීක්‍ෂාවෙන් සිය නිර්දෝශීභාවය ඔප්පු කර පෙන්වන ලෙසටය. මරන්නට පෙර විනාකිරි පෙවූ කුකුළන් කරමල් කඩා ගත්තා සේ වැඩි දෙනා අභියෝගයෙන් “සරෙන්ඩර්” වූහ.
පාර්ලිමේන්තුවේ කුඩු සිද්ධිය යන්තම් අකාමකා යන්නටත් පෙර හඬ පට සිද්ධිය දැම්මේය. පාණ්ඩුකම්බල ශෛලාසනයට හෙණ ගැහුවාක් මෙන් පත්තු වූ එම සිද්ධියෙන් මහ විනිසුරුවරුන්ට පවා පදවි අත්හරින්නට සිදුවිය. රන්ජන් මහඋළු ගෙදර තපින්නටද ගියේය.
කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින්නන්ට සහනාධාර බෙදන්නට පසුගිය සඳුදා (13) යාමේදී ඇති කර ගත් බව කියන ආරවුලක් නිසා රන්ජන් රාමනායක විසි වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.
පොලිසිය කියන්නේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ බවට මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාස සංකීර්ණ මුර පොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරෙකු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගැනීමට රන්ජන් බලහත්කාරකම් කළ බවයි. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි.
සිද්ධිය පටන් ගත්තේ සඳුදා (13) උදේ දහයට පමණය. ඒ මෙසේය.
එදාත් සහනාධාර වශයෙන් හාල් කිලෝ පහේ (5) මලු තුන් සියයක් (30) කැලණිය සහ මීගමුව ප්‍රදේශවාසීන්ට බෙදන්නට සූදානම් වූ රන්ජන් සහල් තොගය ප්‍රවාහනය කිරීම සඳහා පිළියන්දල ප්‍රදේශයේ සිය මිතුරකුට ඔහුගේ වාහනය රැගෙන එන ලෙසට කීවේය. ගතවූ දින දෙක තුනකදී රන්ජන් රාමනායක සහනාධාර බෙදන්නට ගියේද ඔහු සමගය. මාදිවෙල රන්ජන්ගේ නිල නිවාසයට නිතර යන එන හෙතෙම රන්ජන් රාමනායකගේ ඉල්ලීම පරිදි එසේ ආ විට ගේට්ටුවේ පොලිස් නිලධාරීන් අතරේ සිටි සැරයන්වරයෙක් ඇඳිරිනීති අවසර පත්‍රය ඔහුගෙන් ඉල්ලුවේය.
තමා ඊට පෙර දින දෙක තුනේදීද සහනාධාර බෙදන්නට පැමිණි බව රියදුරා පැවසුවද ඔහුට ඇතුළට යන්නට ඉඩ නොලැබුණෙන් ඒ බව හෙතෙම රන්ජන් රාමනායකට දැන්වීය. ඔහු පැමිණ පොලිස් නිලධාරීන්ට කරුණු පැහැදිලි කර රියදුරාත් වාහනයක් ඇතුළට ගෙන ගියේය. අනතුරුව මිරිහාන පොලිසියට ගොස් ඇඳිරිනීති බලපත්‍රයක් ගන්නා ලෙසට රන්ජන් රියදුරාට කී බැවින් ඔහු එසේ බලපත්‍රය ගෙනාවේය.

මේ අතර මුරපොළේ දැන්වීම අනුව හෝ නැතිව හෝ පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් රියදුරාගෙන් ප්‍රශ්න කරන්නට වූහ. රියදුරා සිය අඳුරු නීති බලපත්‍රය පෙන්වූ බැවින් බලපත්‍රයක් ඇති අයකු අත් අඩංගුවට ගැනීමට නොහැකි බව පැවසූ එම නිලධාරීහු ආපසු ගියහ.
රියදුරා කොරා්නා වෛරසය ආසාදිතයකු යැයි ඉන් පසු මුරපොළෙන් එල්ල වූ චෝදනාවට අනුව රියදුරා සෞඛ්‍ය පරීක්‍ෂක මහතකුට ඉදිරිපත් කරනු ලැබූ අතර රියදුරාට එවැනි රෝග ලක්‍ෂණ ඇති බවක් තහවුරු නොවන බව සෞඛ්‍ය පරීක්‍ෂක වරයා කීවේය.
කෙසේ වෙතත් මුර පොළේ සිටි සැරයන්වරයා රන්ජන් රාමනායක සමග එතරම් හොඳහිතකින් සිටි අයකු නොවන බවද රන්ජන්ගේ පාර්ශ්වයෙන් කියැවේ. තමා පොලිස් නිලධාරීන් සමග ගතවූ වසර දහයකට (10) අධික කාලයක් තිස්සේ මහජන නියෝජිතයකු වශයෙන් නොව මනුෂ්‍යත්වය හඳුනන මිනිසකු වශයෙන් හිත හොඳින් කටයුතු කළ බවත් අද මේ නොහොඳ නෝක්කඩුව ඇයි දැයි රන්ජන් රාමනායක ඒ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් ඇසුවේය.
තමා හිටපු මන්ත්‍රී කෙනකු මිස දැන් බලයක් නැති මන්ත්‍රී කෙනකු බවත් පොලිස් නිලධාරියකු වන තමා දැන් බලය ඇති පොලිස් නිලධාරියකු බවත් ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියා රන්ජන්ට පිළිතුරු වශයෙන් කී අතර ඒ නිසා දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය.
ඒ සිදුවීමෙන් පසුව පස්වරු පහටත් හයටත් (5-6) අතර කාලයේදී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණි. වීඩියෝ ගතකරනු ලැබ ඇති සිද්ධිය සුළු වෙලාවකින් මාධ්‍යවලින්ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. වීඩියෝ රාමුවල මුර කුටිය ඇතුළත පොත්පත්ද දුරකථනය ආදී භාණ්ඩද පැහැදිලිව දක්නට ලැබුණෙන් වීඩියෝ ගතකෙරී ඇත්තේ මුර කුටිය තුළ සිටම බවට සැකයක්ද උපදී. ඒ අනුව සිද්ධිය කල් ඇතිව සැලසුම් කර ඇති එකක් බවටද මතයක් සමාජ ගතවී තිබේ.
කෙසේ වෙතත් දැන් යළිත් වතාවක් රන්ජන් අත්අඩංගුවට පත්වී තිබේ. පීඩාවට පත් ජනතාවට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රන්ජන් විසින් බෙදා දෙද්දී ඒවා නොපෙනුණා සේ සිටි මාධ්‍ය අද රන්ජන් අත්අඩංගුවට ගනු ලැබූ පසු තලු මරමරා ජනතාවට පෙන්වනු දැකගත හැකි විය. ඒ අනුව ප්‍රශ්නය ඇත්තේ රන්ජන්ගේද එසේත් නැතිනම් සමහර මාධ්‍යවලද යන ප්‍රශ්නය අසන්නට කාලය එළැඹ ඇති බව නොකියාම බැරිය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තරුවක වල්ගෙ එල්ලුන මංජුල අහසෙන් බිමට

Next Post

කොළඹ ‌රොටිකඩේ ‌වත්තේ කොරෝනා පැතිර ගියේ ‌කොහොමද? ‌මේ නිවේදනයත් කියවන්න

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.