• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මුලු ‌ලෝකෙම ඇස් වහලා ප්‍රභාකරන්ගේ දරුවෝ එංගලන්ත‌ෙ ගහපු බිලියන 1000ක අලුත්ම ‌ගේම

March 23, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
මුලු ‌ලෝකෙම ඇස් වහලා ප්‍රභාකරන්ගේ දරුවෝ එංගලන්ත‌ෙ ගහපු බිලියන 1000ක අලුත්ම ‌ගේම
Share on WhatsAppShare on Facebook

මෙයට වසර 60කට පමණ ඈත අතීතයේ එංගලන්තයේදී සිදුවූ පවුම් මිලියන 2.6ක මහා මුදල් මංකොල්ලය ‘ග්‍රේට් ටේ්‍රන් රොබරි’ (Great Train Robbery) නමින් ඉතිහාසයට එක්වි ඇත. එදා දුම්රියෙන් මෙම මුදල් රැගෙන යද්දී දුම්රිය නවතා මංකොල්ලකරුවන් එම මුදල් මංකොල්ල කෑහ. 1963 අගෝස්තු 08 වැනිදා සිදුකළ එම මංකොල්ලයෙන් සොරකම් කළ පවුම් මිලියන 2.6ක මුදල අද කාලයේ තක්සේරුවේ හැටියට පවුම් මිලියන 60කට අධික වෙයි. තවද මෙම සිදුවීමේ සුවිශේෂිත්වය නිසා එම මංකොල්ලය අලළා චිත්‍රපට පවා නිර්මාණය කළේය. එංගලන්තයේ ඉතිහාසයට එක්වූ තවත් අපූරු මංකොල්ලයක් වන්නේ, 1983 නොවැම්බර් 26දා සිදුවුණු ‘බි්‍රන්ක්ස් මැට් රොබරි’ නම් මහා මංකොල්ලයයි. එංගලන්තයේ හීත්රෝ නුවර පිහිටි ජාත්‍යන්තර රත්තරන් සහ දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානයක් කඩා සොරාගත් එම ද්‍රව්‍යවල වටිනාකම පවුම් මිලියන 26ක් විය. එය අද වත්කමේ හැටියට පවුම් මිලියන 90ක් පමණ වෙයි.
මේ ආකාරයට ‘එංගලන්තයේ පල් හොරුන්ගේ’ අතීත කතා ඉතිහාසයට එක්ව ඇත. ඉහත මහා මංකොල්ලයන් දෙක අදද අමරණීය තත්ත්වයට පත්ව ඇත්තේ ඒ නිසාය. මේ මංකොල්ලයන් සිදු කළද එංගලන්තයේ සුද්දන් විසින්මය. ඒ එදාය, මේ මෙදාය. දැන් එංගලන්තයේ අලුත්ම මහා මංකොල්ලය ගැන කරුණු හෙළිදරව් වී ඇත. මෙය එංගලන්තයේ පමණක් නොව ලෝකයේද මහා මංකොල්ලයක් ලෙසට ගැනෙන ගත, සිත තිගැස්සෙන කතා පුවතකි. මේ පල් හොරුන් එංගලන්තයේ සුද්දන් නොව, අපේම රටේ ශ්‍රී ලාංකිකයන්ය. අපේම රටේ කියලා කිව්වත් මේ ලාංකිකයන් මෙම සුන්දර දේශය විනාශයට පත්කළ ත්‍රස්තවාදීන්ය. එනම් මොවුන් එල්.ටී.ටී.ඊ. ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන්ය. අද ලෝකයේ අංක එකේ පල්හොරුන් බවට පත්වී ඇත්තේ මෙම අන්තවාදී ඊළාම්වාදීන්ය. මේ මහා මංකොල්ලයේ වගතුග කුමක්ද?
මූල්‍ය ගනුදෙනුවලදී දැනට ලෝකය පුරා බහුලව භාවිත කෙරෙන ‘ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ්’ ආශ්‍රිත කරගෙන මෙම මහා මූල්‍යමය වංචාව සිදුවෙයි. මෙම ක්‍රෙඩිට් කාඞ්පත් ‘ණය වරපත්’ ලෙසද, ඩෙබිට් කාඞ්පත් ‘හරපත්’ වශයෙන්ද සිංහල බසින් හඳුන්වනු ලැබෙයි. එංගලන්තයේ සිටින ඊළාම් කොටි ත්‍රස්තයන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවෙන් එරටට පැන ගිය අය වන අතර, කාලයක් පුරා එංගලන්තයේ වාසය කරන ලද ඊළාම්වාදීහුද මෙම මහා වංචාවට සම්බන්ධ වී සිටිති. මෙම පිරිස් යටකී මහා මූල්‍යමය කොල්ලය සිදුකරන්නේ අද ඊයේක සිට නොවේ. එනම් මොවුන් ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය පැවැති 2007 වසර පමණ කාලයේ සිට මෙම වංචාව සිදුකරනු ලබයි. යුද්ධය ජයග්‍රහණය කළේ 2009 වසරේදීය.

මෙම මුදල් කොල්ලය එකල යම් අවම මට්ටමකින් පැවැතියත් දැන් එය මහා පරිමාණයෙන් සිදුවන බැව් එංගලන්තයේ ආරක්‍ෂක අංශ වාර්තා කර සිටියි. දැනට මෙම මහා මූල්‍ය වංචාව හරහා වසරකදී කොල්ලකනු ලබන ධන සම්භාරය සිතාගත නොහැකි තරමේ සුවිශාල එකකි. එහෙත් එය සත්‍යයකි. මෙම ක්‍රෙඩිට් සහා ඩෙබිට් කාඞ්පත් හරහා සිදුකරනු ලබන වංචාවෙන් ඊළාම් කොටි ත්‍රස්තයන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මහා මුදලක් කොල්ලකන බැව් දැන් වාර්තා වී ඇත. එනම් එය රුපියල් බිලියන 1,080කි. එක් බිලියනයකට මිලියන 1000ක් අයත් වෙයි. ඒ ආකාරයෙන් බලන කල මෙය එංගලන්තයේ පමණක් නොව ලෝකයේද අංක එකේ මහා පරිමාණ වංචාව ලෙස සැලකිය හැකිය.
ඊළාම් කොටි ත්‍රස්තයන් මෙම මුදල් වංචා කරනු ලබන්නේ විවිධ පාරිභෝගිකයන්ගේ ‘ණය වරපත්’ සහ ‘හරපත්’ හරහාය. ශ්‍රී ලංකාවේ යුද්ධය නිමවී ඇති හෙයින් මෙතරම් කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවන්නේ දැයි කෙනෙකුට සිතිය හැකිය. ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාකාරකම් සිදුනොවෙතත් තවද යුරෝපයේ රටවල මෙම ඊළාම්වාදීන්ගේ ක්‍රියාකාරකම්වල කිසිදු අඩුවක් නැත. මෙම මහා මූල්‍යමය වංචාවද ඉන් ප්‍රධානතම වශයෙන් සිදු කෙරෙන ක්‍රියාකාරකමකි. මෙම කොල්ලය සිදුකරනු ලබන්නේ එංගලන්තයේ විවිධ ස්ථානවල සේවය කරනු ලබන ඊළාම්වාදී ද්‍රවිඩයන් විසිනි. ඉන්ධන පිරවුම්හල්, ආපන ශාලා, වෙළෙඳ ශාලා, දුරකතන මධ්‍යස්ථාන ආදී විවිධ වාණිජමය ස්ථානවල සේවයෙහි නිරතව සිටින්නේ මෙම ද්‍රවිඩයන්ය. විවිධ පාරිභෝගිකයන් මෙම ස්ථානවලින් සේවා ලබා ගැනීමට පැමිණි විට බොහෝ විට භාවිත කරනු ලබන්නේ ‘ක්‍රෙඩිට් සහ ඩෙබිට්’ කාඞ්පත්ය. එනම් ඔවුන් තමන්ගේ එම කාඞ්පත් මූල්‍ය ගනුදෙනුව සඳහා එම ස්ථානවල සේවකයන් වෙත භාර දෙනු ලබයි. මෙය මේ වන විට ශ්‍රී ලංකාවේ වුවද දක්නට හැකි සාමාන්‍ය ක්‍රියාවලියකි. එහෙත් එංගලන්තයේදී සිදුවන්නේ වෙනස්ම ක්‍රියාවලියකි.

පාරිභෝගිකයන් මෙම කාඞ්පත් ගනුදෙනුව සඳහා ඉදිරිපත් කළ විට එයට අදාළව රිසිට්පත් දෙකක් නිකුත් කෙරෙයි. මෙහිදී සැකකාර සේවකයන් විසින් ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයකට කාඞ්පත් යොමු කරමින් මෙම රිසිට්පත් දෙක ලබා ගනියි. මෙයින් එක් රිසිට්පතක් පාරිභෝගිකයාට ලබාදෙන අතර, අනෙක් රිසිට්පත වෙළෙඳ මධ්‍යස්ථානය සතුව තබාගනු ලබයි. වෙළෙඳ ස්ථානයට සතුවන රිසිට් පත ‘ඵැරජය්බඑ ඍැජැසචඑ’ ලෙසින් හඳුන්වනු ලබන අතර, මෙම රිසිට් පතෙහි පාරිභෝගිකයාගේ ‘ක්‍රෙඩිට් හෝ ඩෙබිට්’ කාඞ්පතට අදාළ වන අංකය ඇතුළත් වෙයි. එනම් ‘වීසා’ වර්ගයේ කාඞ්පතක් නම් අංක 16කින් යුත් අංකයක්ද, ‘ඇමෙරිකන් එක්ස්ප්‍රස්’ කාඞ්පතක් නම් අංක 15කින් යුත් අංකයක්ද මෙම රිසිට්පත්වල සඳහන් වෙයි.
මෙම කොටි ත්‍රස්තයන් තම මහා මූල්‍ය වංචාව ආරම්භ කරන්නේ මෙතැන් සිටය. මොවුන් මෙම දත්ත භාවිත කරමින් මූල්‍ය වංචාවන් සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ බැංකු සහ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කරමිනි. ඔවුන් සිටින රට තුළදී එම වංචනික කටයුතු සිදුකිරීම ඉතාම අවම වෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් මෙම කොටි ත්‍රස්තයන් අන්තර්ජාලය භාවිත කරන අතර, ‘ඊ-මේල්’ සහ දුරකතන සන්නිවේදනයන්ද භාවිත කරනු ලබයි. තවද අන්තර්ජාලයට සම්බන්ධ වෙනත් නූතන සන්නිවේදන මෙවලම්ද භාවිත කරනු ලබයි. මෙහිදී මොවුන් විසින් මුදල් නිශ්කාශණය කිරීම, මුදල් ගිණුම් අතරේ හුවමාරුකර ගැනීම, ණය පහසුකම් ලබා ගැනීම, විවිධ භාණ්ඩ වර්ග මිලදී ගැනීම ආදී සේවාවන් සම්පූර්ණයෙන්ම වංචනික අයුරින් සිදු කරගනු ලබයි. ඇමෙරිකාවේ ඇති බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මේ වන විටත් මෙම වංචාවට හසුවී හමාරය. පසුගිය සෑම වසරකම මේ ආකාරයෙන් ඩොලර් බිලියන 6කට අධික මුදලක් මෙම කොටි ත්‍රස්තයන් විසින් වංචනිකව ලබාගෙන ඇත. එය මුදල් වශයෙන් සහ අනෙකුත් මූල්‍ය සේවාවන් හරහා සිදුවන අතර, එනම් මහා පරිමාණයෙන් සුපිරි බඩු භාණ්ඩ ලබාගැනීමද සිදුවෙයි.

මෙම ඊළාම් කොටි ත්‍රස්ත කල්ලිය ඉතාමත්ම දැඩි ලෙස සංවිධානාත්මක මාෆියා කල්ලියක් වෙයි. මොවුන් බහුතරයක් වංචනිකව මෙම මූල්‍ය අපරාධය සිදුකරන්නේ ඇමෙරිකාව කේන්ද්‍ර කරගෙන අතර, එංගලන්තය ඇතුළතද යම් පමණින් එම වංචාව සිදුකරනු ලබයි. එනම් වසරකට ඇමෙරිකාව ආශ්‍රිත කරගෙන ඩොලර් බිලියන 6ක පමණ මුදලක් වංචා කරන අතර, තමන් වෙසෙන එංගලන්තය තුළද පවුම් බිලියන 1ක් පමණ වංචා කරයි. මෙහිදී වෙනත් පාරිභෝගිකයන් සතු ගිණුම් හරහා මෙම වංචාව සිදුකරනු ලබයි. එය තමන්ගේම ගිණුමක් ලෙස සකසා ගෙන වංචනිකව ගනුදෙනුව සිදුකරගෙන යන අතර, සැබෑ ගිණුම් හිමියාගේ මුදල් තැන්පතුවලින් වංචා කරනු ලබන මුදල් ප්‍රමාණයන් අඩු වෙයි. මෙහිදී සුවිශාල ලෙස මුදල් තැන්පතු තිබෙන ගිණුම් හිමියන්ට මෙම මුදල් අවප්‍රමාණ වීම එතරම් දැනෙන්නේ නැත. මේ අතර ඉහත සොරාගත් දත්ත භාවිත කරමින් ව්‍යාජ කාඞ්පත් සකසා ගැනීමද කරනු ලබයි. මෙම වංචාව බොහෝ සංකීර්ණව සිදුකෙරෙන ජාලගත ක්‍රියාවලියකි.
මෙම ඊළාම් කොටි කල්ලිය සංවිධාන දෙකකින් යුක්තය. එනම් ‘Tamil Merchant 15’ සහ ‘ Tamil Merchant 16’ වශයෙන් එය හඳුන්වාගනු ලබයි. මෙහිදී මොවුන් 15 සහ 16 අංක භාවිත කරනු ලබන්නේ ණය වරපත් සහ හරපත්වල තිබෙන අංක ප්‍රමාණයට සමාන ආකාරයේ රහසිගත හැඳින්වීමකටය. එංගලන්තය ප්‍රධාන කරගත් මෙම සංවිධාන දෙකෙහි සාමාජිකයන් දහස් ගණනක් සිටින අතර, ඇමෙරිකාවේ සහ යුරෝපයේ තවත් රටවල් කිහිපයකද මෙම සාමාජිකයන් විසිරී සිටිති. එසේම මෙම වංචාකාරී සංවිධාන අධීක්‍ෂණයට සහ මෙහෙයවීමට ඊළාම් කොටි ත්‍රස්ත නායකයන් කිහිපදෙනකුද සිටින බවට දැන් කරුණු අනාවරණය වී ඇත. තවද මෙම වංචනික සංවිධානවල විශේෂත්වය වන්නේ දමිළයන් හැර වෙනත් කිසිදු ජාතියකට අයත් පිරිස් මෙම මූල්‍ය කොල්ලයට සම්බන්ධ නොවී තිබීමය. දැනට වසර 10කට අධික කාලයක සිට මෙම කොටි ත්‍රස්ත කල්ලි මෙය පහසුවෙන් සිදුකරන්නේ ඉහත සඳහන් කළ වෙළෙඳ මධයස්ථානයන් රැසකම බහුතරයක් සේවයෙහි නියුතු පිරිස වන්නේ මෙම දමිළයන් හෙයිනි.
යුද්ධය පැවැති සමයේදී සිට මෙම මූල්‍ය වංචාව සිදුකෙරුණත් එය වත්මන් කාලයේදී තරම් සංකීර්ණව ව්‍යාප්තවී තිබුණේ නැත. එහෙත් දැන් මෙම වංචාව ආරක්‍ෂක අංශවලට පවා නිසියාකාරව නිරීක්‍ෂණය කිරීමට නොහැකි ආකාරයෙන් ව්‍යාප්තව ඇත. දැනට එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ආරක්‍ෂක අංශ මේ ගැන පුළුල් විමර්ශනයන් සිදුකරමින් කොටි ත්‍රස්ත සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවටද ගෙන ඇත. තත්ත්වය එසේ වුවද තවද එම මූල්‍ය කොල්ලය පැය 24 පුරා සිදුවෙමින් පවතියි. මේ හෙයින් මේ වන විට පාරිභෝගිකයන් ලක්‍ෂ ගණනකට සහ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන දහස් ගණනකට සුවිශාල ලෙස මූල්‍යමය පාඩු සිදුවී ඇත.
එම්.-15 සහ එම්.-16 නමැති මෙම කොටි ත්‍රස්ත කල්ලි දෙක විසින් මෙසේ වංචනිකව උපයාගන්නා මහා ධන සම්භාරය මොවුන් ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ ඊළාම් කොටි ව්‍යාපාරය මෙහෙයවීම සඳහාය. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේදී නම් ඔවුන් එම මුදල් එල්.ටී.ටී.ඊ. කොටි අරමුදලට ලබා දුන්නද, දැන් මෙම මුදල් භාවිත වන්නේ විදෙස් රටවලදී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මෙහෙයවීම සඳහාය. ශ්‍රී ලංකාවේදී යුද්ධය නිමවී තිබුණත් තවද විදෙස් රටවල් රැසක ඊළාම් කොටි ක්‍රියාකාරකම් රැසක් ඉතාමත් සාර්ථකව සිදුකෙරෙයි. මෙම ත්‍රස්තයන් වංචනිකව සොරා ගන්නා මෙම මුදල් දැනට විදෙස් රටවල පිහිටුවා ගෙන තිබෙන ‘ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම්’ නොහොත් ‘අන්තර්ජාතික දමිළ ඊළාම් ආණ්ඩුව’ ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා යොදවනු ලබයි. ඉංග්‍රීසි බසින් ‘Transnational Government of Tamil Eelam’ ලෙසින් පැවසෙන මෙම ඊළාම් රජයේ කටයුතු දැනට යුරෝපයේ රටවල සහ ඇමෙරිකාවේදී කිසිදු තහංචියකින් තොරව සිදුකරනු ලබයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රධාන කරගෙන මෙම ‘සිහින ඊළාම් ආණ්ඩුවේ’ පරිපාලන කටයුතු කරගෙන යනු ලබයි. එසේම මෙලෙස අහිංසක පාරිභෝගික ජනයාගෙන් කොල්ලකා ගන්නා ඩොලර් සහ පවුම් යොදවා ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචාරක කටයුතුද බොහෝ පුළුල්ව මෙහෙයවනු ලබයි.
මේ අතර මෙම ද්‍රවිඩ ත්‍රස්ත කල්ලි විසින් මෙම සොරාගන්නා මුදල් යොදවා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකරන බවටද තොරතුරු ලැබී ඇත. තවද ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමඟද මොවුන්ට සබඳකම් ඇති බවට කරුණු හෙළිවී ඇත. මෙම සංවිධාන එකට එකතු වී මහා පරිමාණ ජාවාරම්ද සිදු කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ජාවාරම මෙන්ම මිනිස් බල ජාවාරමද සාර්ථකව සිදුකරති.
ඊළාම් කොටි ත්‍රස්තයන් මෙසේ පාරිභෝගිකයන්ගේ මුදල් අසීමිතව කොල්ල කෑම හේතුවෙන් එවැනි පාරිභෝගිකයන්ගේ ගිණුම්වල මුදල් විශාල වශයෙන් අතුරුදන්ව ඇත. මෙසේ අපරාධකරුවන්ට මුදල් කොල්ල කෑම පහසුවී ඇත්තේ ඉහත සමහර බැංකු සහ මූල්‍ය ආයතන විසින් මෙවැනි මූල්‍ය අපරාධ වළක්වාලීමට යොදා ඇති ක්‍රමවේදයන් ඉතා ලිහිල් මට්ටමේ ඒවා වන හෙයිනි. දැන් පැරැණි ක්‍රමවේදයන් ඉවත් කර, නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් වහාම හඳුන්වාදිය යුතු යැයි ආරක්‍ෂක අංශ විසින් එම මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදී ඇත. එසේ නොමැති වුවහොත් මෙම මහා මූල්‍ය කොල්ලයන් තවදුරටත් එසේම පවතිනු ඇතැයිද අවධාරණය කර ඇත. තවද මෙවර මෙම කොල්ලය සිදුවන්නේ කිසිදු සංකීර්ණ ඉලෙක්ට්‍රෝනික උපකරණයක් භාවිත නොකර වීම විශේෂත්වයක් බවත්, එසේ සිදු කෙරෙන විට වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීම පවා අපහසු බැව් ආරක්‍ෂක අංශ පෙන්වාදී ඇත.
මෙම ද්‍රවිඩ ත්‍රස්තයන් සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් වසරක් පාසා කොල්ල කන ඩොලර් බිලියන 6ක පමණ මුදලින් ගුවන් යානා රැගෙන යන එක් විශාල නැවක් පවා තැනිය හැකි බැව් විමර්ශකයෝ පවසා සිටිති.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත්ගේ අලුත් පක්ෂය නීති විරෝධීද?

Next Post

එපා කියද්දිත් ‘‌රෝයල්-‌තෝමියන්’ ගහලා ජනපති නියෝගය කඩපු ප්‍රබලයා කව්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.