• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

එපා කියද්දිත් ‘‌රෝයල්-‌තෝමියන්’ ගහලා ජනපති නියෝගය කඩපු ප්‍රබලයා කව්ද?

March 23, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
එපා කියද්දිත් ‘‌රෝයල්-‌තෝමියන්’ ගහලා ජනපති නියෝගය කඩපු ප්‍රබලයා කව්ද?
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා හැකිතාක් ඒකරාශී වීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මුල් දින කිහිපයේදීමය. නමුත් එම ඉල්ලීම ඒ ආකාරයෙන්ම පිළිගැනීමට ජනතාව කටයුතු කළාදැයි යන සැකය මතු වන්නේ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ සිදුවීම් සලකා බැලීමේදීය. ඒ අතරින් වැඩි දෙනාගේ අවධානය යොමු වූ ප්‍රධාන සිදුවීමක් වූයේ පසුගිය 12 වැනිදා සිට 14 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වුණු රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමය. තරගය අවසන් වීමෙන් අනතුරුව අනාවරණය වූයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එක් කොරෝනා ආසාදිතයකු එම මහා ක්‍රිකට් තරගය නරඹා ඇති බවය. ඒ පිළිබඳව ජනතාවගේ අවධානය තවත් වැඩි වූයේ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නවත්වන ලෙස ඉල්ලූ නමුත් එය නොසලකා තරගය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කිරීමත් සමඟය. එතැන් පටන් ජනතාවගේ ප්‍රශ්නය වූයේ ජනාධිපතිවරයාගේ නියෝග නොසලකා හරින්නට තරම් රාජකීය සහ ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරග සංවිධායකයන් බලවත් වූයේ කෙසේද යන්නය.
සාමාන්‍යයෙන් සෑම වසරකම පෙබරවාරි, මාර්තු යනු දිවයින පුරා විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග පැවැත්වෙන යුගය බව අමුතුවෙන් පැවසිය යුතු නැත. මාර්තු මාසයේ සෑම සති අන්තයකම විශේෂයෙන් කොළඹ නගරය අවට විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරග එකක් හෝ ඊට වැඩි ගණනක් පැවැත්වීම සාමාන්‍ය කරුණක් බවට පත්වූයේ මීට දශක කිහිපයකට පෙර සිටය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයෙන් ඇතිවූ කොරෝනා වෛරසය හේතුවෙන් ඒ සියල්ල උඩු යටිකුරු විය. කොරෝනා ව්‍යාප්තිය සලකා බලා වහාම අප්‍රේල් මාසය අවසන් වන තෙක් සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කළේය. ඒ සමඟම ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරග බොහොමයක් කල් දැමීමට ඒ ඒ විදුහල්වල පාලනාධිකාරිය කටයුතු කළේය. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම වයස් කාණ්ඩයන්හි පාසල් ක්‍රිකට් තරග දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය තීරණය කළේය. ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායමටද තරගාවලිය අතරමඟ නවත්වා නැවත තම ගම් බිම් බලා පිටත්ව යෑමට සිදු විය. නමුත් ඒ සියල්ල මධ්‍යයේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වෙනදා මෙන්ම උත්කර්ෂවත් අයුරින් රාජකීය, ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම බාධාවකින් තොරව අවසන් විය.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටන නමින් විරුදාවලිය ලත් මහා ක්‍රිකට් ගැටුම මෙවර පැවැත්වූයේ 141 වැනි වතාවටය. ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දුන් එම මහා ක්‍රිකට් ගැටුම සැලකෙන්නේ ලොව දෙවැනියට පැරැණිතම පාසල් මහා ක්‍රිකට් ගැටුම ලෙසටය. කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, එම ක්‍රිකට් තරගය කල් දැමීමට තරග සංවිධායකයන් අකැමැති වූයේ ඒ හේතුව නිසාද විය හැක. නමුත් කොරෝනාවට ඒ කිසිවක් අදාළ නොමැති බව මේ වන විට පැහැදිලි වී ඇත. කොරෝනා ආසාදනයට ලක් වූ පුද්ගලයා තරගය අතරතුර විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති අතර ඔහු වෙනත් පුද්ගලයන් සිප වැලඳ ගන්නා ආකාරයද එම වීඩියෝ දර්ශනවල දක්නට ඇත. අදාළ පුද්ගලයාට අමතරව තරගය අතරතුරදී වෛරසය ආසාදනය වූ කිසිවකු මේ වන තුර වාර්තා වී නැතත්, එම පුද්ගලයා ගැවසුණු තරග නරඹන අට්ටාලයේ සිටි සියලු දෙනාට ස්වයං නිරෝධායනයකට ලක් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී ඇත. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන එලෙස කටයුතු කිරීමට ඔවුන් සියලු දෙනා කටයුතු කරන්නේ නම් එය සැබවින්ම රටේ වාසනාව බවද පැවසිය යුතුය. එම මහා ක්‍රිකට් තරගයේ ගීත ගායනය සඳහා සහභාගි වූ බැවින් තමන් ස්වයං නිරෝධායනයට ලක් වන බව ජනප්‍රිය ගායන ශිල්පිනී කොරින් අල්මේදා මහත්මියද ප්‍රකාශ කර ඇත. මහා ක්‍රිකට් තරග සියල්ල කල් දමා තිබියදී රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම සුපුරුදු ආකාරයෙන් පැවැත්වීම, එම දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක් විය. එම විවේචනයන්ට එරෙහිව අදහස් පළ කළ පිරිස්ද, දක්නට ලැබුණු මුත් ඔවුන් සියලු දෙනාට නිහඬ වීමට සිදු වූයේ කොරෝනා ආසාදිතයා තරගය නරඹා ඇති බව වාර්තා වීමත් සමඟය. වැඩි දුර නොසිතා තරගය නැරඹීමට ගිය බොහෝ දෙනාගේ ඉහ මොළ රත් කිරීමට එම ප්‍රවෘත්තිය හේතු සාධක වූවාට සැකයක් නැත. එතැන් පටන් තරගය පැවැත්වීමට එරෙහිව පැවැති විවේචන දෙගුණ තෙගුණ වූ අතර ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක එවැනි තරගයක් පැවැත්වීමට අවසර ලබා දීම බලවත් වැරැද්දක් බවද බොහෝ දෙනාගේ අදහස විය.
කොරෝනා වෛරසය හමුවේ රට මුහුණ පා ඇති අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ජාතිය ඇමතූ අවස්ථාවේ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදු වන තරම්ම එම විවේචන බලවත් විය. අදාළ ක්‍රිකට් ගැටුම සම්බන්ධයෙන් ජාතිය අමතන අවස්ථාවේ ජනාධිපතිවරයා අදහස් පළ කළේ මෙසේය.
“මේ කොච්චර කිව්වත් රෝයල් තෝමියන් ගැහුවා. මම කිව්වා මේක නවත්වන්න කියලා. නමුත් ඒ අය කිව්වා රෝයල් තෝමියන් ගහන්න ඕනෑ කියලා ගැහුවා.” ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ අවඥාසහගත සිනහවක්ද සමඟය. රට තුළ මහා ව්‍යසනයක් ඇති වී තිබෙන මොහොතක කොයි ලෙසකින් හෝ රාජකීය- ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම පැවැත්වූයේ දේශපාලනය අත පෙවීමක් හරහා බවටද මතයක් ජනතාව අතර ඇත. ජනාධිපතිවරයාගේ තීරණයක් නොසලකා හැර එලෙස කටයුතු කිරීමට නම් එම අතපෙවීම ඉතා බලවත් එකක් විය යුතුය. එමෙන්ම තරගය නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ කාටදැයි යන්නද ජනතාවගේ ප්‍රශ්න කිරීමට බඳුන් වී ඇත. තමන් දුන් නියෝගයක් නොසලකා හැර මේ ආකාරයෙන් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ ඇයි දැයි යන්නද ජනතාවගේ සැකයට බඳුන් වී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමකදී කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේ එම තරගය පැවැත්වීමට ඉඩ ලබා නොදෙන මෙන් හෝ තරගය අවලංගු කරන මෙන් තමන්ට කිසිම උපදෙසක් නොලැබුණු බවය. තරගය සඳහා තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා තිබූ බවත් ඒ අනුව තරගය පුරාවට නිසි පරිදි ආරක්ෂාව ලබා දීමට පොලිසිය ක්‍රියා කළ බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය. ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබියදීත්, මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට කටයුතු කළේ ඇයි දැයි යන්න දැන ගැනීම සඳහා රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ ශාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන පියතුමාගෙන් අදහස් දැන ගැනීමට අප උත්සාහ කළ නමුත් පාසල් නිවාඩු ලබා දී තිබීම හේතුවෙන් එය ව්‍යර්ථ විය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මුලු ‌ලෝකෙම ඇස් වහලා ප්‍රභාකරන්ගේ දරුවෝ එංගලන්ත‌ෙ ගහපු බිලියන 1000ක අලුත්ම ‌ගේම

Next Post

බුකිය කැළඹූ වීඩියෝවේ කාන්තාවක නිරුවත් කර ‌පහර දුන් ‌පොලිසියේ අය ‌හෙළිවෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.