• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

බුකිය කැළඹූ ළමා අපචාර වීඩියෝවේ ඉන්නේ ප්‍රියාන් මැණික්ද?

March 8, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
බුකිය කැළඹූ ළමා අපචාර වීඩියෝවේ ඉන්නේ ප්‍රියාන් මැණික්ද?
Share on WhatsAppShare on Facebook

කුඩා දැරියක අපයෝජනයට ලක්කිරීමේ වීඩියෝ පටයක් සමාජගත කිරීමේ සිද්ධියක් පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක්වී තිබුණා. එම සිද්ධියට අදාළ වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට තවමත් නොහැකිවීම ගැන විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූයේ පොලිසියටයි. ඒ කුඩා දැරිය කවුරුන්ද යන්න හෙළිකරන ලෙස ඉල්ලා පසුගිය සතියේ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඉදිරියේ උද්ඝෝෂණය කරන්න කලඑළි බැස තිබුණේ මේ රටේ කලාකරුවන් සහ කලාකාරිනියන් පිරිසකුයි. මේ රටේ පසුගියදා තවත් ආන්දෝලනයකට පත්වූ හඬපට සිද්ධිය ගැන රහස් පොලිසිය උනන්දු වූ තරමට මේ අහිංසකාවිය ගැන සොයන්න උනන්දු නොවීම ගැන සැකයෙන් යුතුව කලාකරුවන් බැලුවේ ඒ නිසයි. එම වීඩියෝ දර්ශන නරඹා තිබූ ටෙලිනාට්‍ය ශිල්පියකු වන සම්පත් ජයවීර ඒ ගැන ජාතික ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිලි කර තිබුණේ පසුගිය ජනවාරි 22 දිනයි. එම නාට්‍ය ශිල්පියා ‘මව්රට’ පත්‍රයට ඒ ගැන කීවේ මෙවන් දෙයක්.
‘ජනවාරි 21 වැනිදා උදේ තමයි මම මේ වීඩියෝ පටය දැක්කෙ. මම දැක්ක හැටියට නම් දැරියගෙ වයස අවුරුදු හයක් විතර කියලයි හිතෙන්නේ. ඒ ගැන මම පසුවැනිදාම ජාතික ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිලි අංක සීසී/20/01/567 යටතේ පැමිණිලි කළා. වීඩියෝ එකේ තිබුණු විස්තරත් යැව්වා. ඒකට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන ඒ දැරියව ඉක්මනින් සොයාගන්න කියල සිවිල් සංවිධාන ළමාරක්‍ෂක අධිකාරිය ඉදිරියේ උද්ඝෝෂණය කළා. ඒක දැකපු මම හරිම කම්පනයට පත්වුණා. අපි දැනසිටිය තොරතුරු ටිකවත් එහි සිටි බලධාරීන් දැන සිටියේ නැහැ. ඒ උද්ඝෝෂණයේදී ඒ සිද්ධියට සම්බන්ධ කිසිම අයකුගේ නමක් සඳහන් කළේ නැහැ. අපි මැණික් ව්‍යාපාරිකයෙක් ගැන හෝ කතා කළේ නැහැ. අපි එදා ගෙනගිය නිහඬ උද්ඝෝෂණය ආවරණය කරන්න හුඟක් මාධ්‍ය උනන්දු වුණෙත් නැහැ. ඒ පුංචි දරුව සිටි තැන ටී.වී. හඬක් සමඟ ඊට නුදුරෙන් කාන්තාවන් දෙන්නෙක් උස්හඬින් කතා කරන ශබ්දයකුත් ඇහෙනවා. ඒ අය කතා කරන්නෙ සිංහලෙන්. එහෙනම් මේක ලංකාවේ සිද්ධියක් වෙන්න පුළුවන්. අපි මේ සිද්ධිය වසං වෙන්න තියන්නෙ නැහැ. අපි එදා උද්ඝෝෂණය කළ වෙලාවේ ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක් ඇවිත් මේ ගැන කතා කළා. නමුත් තවමත් මෙය කරපු අය හෝ දැරිය එළියට ඇවිත් නැහැ. මේ සිද්ධිය ගැන හතරවටින් උද්ඝෝෂණ හඬ ඇසෙද්දී පසුගිය 25 වැනි දින ජාතික පුවත්පතක් වන ‘මව්රට’ පුවත්පතේ මුල් පිටුවේ ඉහළින් පළවූ ප්‍රධාන ප්‍රවෘත්තියක මැණික් ව්‍යාපාරිකයකු විසින් කළ මාධ්‍ය සාකච්ඡාවක් පළකර තිබුණා. ‘කුඩා දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය’ වීඩියෝ එකේ ඉන්නේ මම නොවෙයි වෙන කෙනෙක්’ ලොව සුරූපීම කාන්තාවන් ඇඳ වටේ තියාගන්න තරම් සල්ලි මට තියෙනවා. ප්‍රියාන් මැණික් එහි ප්‍රධාන සිරස්තල යටතේ පළවූ ප්‍රවෘත්තියේ එහි දෙවැනි පිටුවේ සටහන් වූයේ මෙහෙමයි.
කුඩා දැරියක අපයෝජනයට ලක්කළා යැයි සඳහන් වීඩියෝවේ සිටින්නේ තමා නොවන බවත්, එය ඔප්පු කිරීමට තමන්ගේ රහස් ප්‍රදේශ හා අවයව විමර්ශනය කරන ඕනෑම ආයතනයකට පරීක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවත් ව්‍යාපාරික ප්‍රියාන් මැණික් නමැත්තා ඊයේ (24දා) කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
එම වීඩියෝවේ සිටින්නේ තමා යැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තත්පර තිහක් ඇතුළත රුපියල් කෝටි සියයක චෙක්පතක් අදාළ පුද්ගලයාට ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය. තවද මෙවන් කුඩා දැරියන් අපයෝජනය කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, එබඳු අවශ්‍යතාවක් ඇත්නම් ලොව සුරූපීම කාන්තාවන් තම යහන වටා තබාගත හැකි තරමට ධනස්කන්ධයක් තමන්ට ඇති බවත් ඔහු සඳහන් කළේය. ඔහු පැවසුවේ විවිධ පාර්ශ්ව නඟන චෝදනා අනුව තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසියට හෝ එවන් ආයතනයකට පගාව ලබාදී නොමැති අතර, දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත්ය.

මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අදාළ වීඩියෝව මාධ්‍යයට මුදාහැරීමට සංවිධානය කළ මාධ්‍ය හමුවක් ඊයේ (24දා) බොරැල්ල එන්. එම්. පෙරේරා මාධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, ඊට සහභාගි වී අදහස් පළකිරීමට අවශ්‍ය බව පවසා මෙම ව්‍යාපාරිකයා විසින් මෙසේ කරුණු දක්වනු ලැබිණි.
සිද්ධියට මැදිවූවා යයි කියන සය හැවිරිදි දැරියගේ ජීවිතයට අනතුරක් වීද, මුදලට යටකළාද, දේශපාලන හස්තයකින් මෙය වසා දමන්ට උත්සාහ දරනවාද යන සැකමුසු තැන් පිළිබඳව හඬ අවදිකරමින් සිටින කලාකරුවන් පිරිසක් කියන කතාවයි මේ.

ඇයි ‌මේක ‌හොයන්න බැරි -ටෙලිනාට්‍ය නිළි හිමාලි සයුරංගි

‘මේ දැරියගෙ දර්ශන අප්ලෝඞ් කළ තැන සොයා ගන්නනම් ඒකට සම්බන්ධ සැකකරුවන් අල්ල ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් වෙනව කියල පේන්නෙ නැහැ. ඡායාරූපය තියෙනව නම් ඒක සොයාගන්න පුළුවන්. අද මේ රටේ සිදුවන පරීක්‍ෂණවලට දියුණු උපාංග යොදවාගන්නව නම් මේ දේ සොයන්න බැරි ඇයි? හඬපට වගේ පොඩි දේවල් සොයනවා නම් මේකත් සොයන්න පුළුවන් වෙන්න ඕනෑ. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් පවා සොයන්න හැකියාව ඇති අපේ රටේ දියුණු ක්‍රමවේද තියෙන නිසා මෙය යටපත්කරන්න දෙන්න බැහැ.

පරීක්‍ෂණය උදාසීන මට්ටමක -ටෙලිනාට්‍ය නිළි සමන්මලී ගුණසිංහ

‘මේ වගේ බරපතළ දෙයක් සිදුවුණාම ඒ ගැන සොයන්නෙ නැත්තෙ ඇයි. ඒ ගැන සොයන්න තියෙන ජාතික ළමාරක්‍ෂක අධිකාරියට අයිතිය තියෙනව ඒ ගැන සොයන්න. මේ සිද්ධිය ප්‍රමාදවීම ගැන ජනාධිපති, පොලිස්පති ඇතුළු හුඟක් දෙනකුට පැමිණිලි කරලයි තියෙන්නෙ. පරීක්‍ෂණය උදාසීන මට්ටමක තියෙන බවයි පේන්න තියෙන්නෙ.

ළමයා අතුරුදන් කළාද? -අයිතීන් සඳහා වූ කාන්තා සංවිධානයේ ලේකම් නදී කම්මැල්ලවීර

‘මේ සිද්ධියට මැදිකරගත් චූටි පැටියට අපරාධකරුවන් මොනවද කළේ කියන පරීක්‍ෂණය ඉක්මනින් කළයුතු වෙනවා. එය සල්ලිවලට යටගියාද? ළමයා අතුරුදන් කළාද? ඒවගෙ සැක සංකා ගොඩාක් ඇතිවෙලා තියෙනවා. දරුවාට අනතුරක් වීද යන්න ගැන සොයාබලන්න ඕනෑ තරම් නවීන තාක්‍ෂන පහසුකම් තියෙනවා.

උද්ඝෝෂණයට මමත් සම්බන්ධ වුණා -ටෙලිනාට්‍ය නිළි චාන්දනී සෙනෙවිරත්න,

‘මේ දැරියගේ සිද්ධිය ගැන පවත්වපු උද්ඝෝෂණ ව්‍යාපාරයට මමත් සම්බන්ධ වුණා. එදා ඒ සඳහා නළු නිළියන් විශාල පිරිසක් සහභාගි වෙලා සිටියා. මෙය කරපු අය ඉක්මනින් අල්ලන්න කියලයි අපි කියන්නේ.

සියල්ල හෙළිකරන්න අයිතිය තියෙන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට – පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා

මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා පොලිස් අධිකාරී බිම්සානි ජාසිංහආරච්චි මහත්මියගෙන් කරන ලද විමසීමකදී ඇය දැක්වූයේ මෙවන් අදහසක්. ඒ සිද්ධිය ගැන රහස් පොලිසිය, රජයේ රස පරීක්‍ෂක අංශ, පරීක්‍ෂණ පවත්වනවා. ඒත් ඒ සියල්ල හෙළිකරන්න අයිතිය තියෙන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාටයි. ඇගේ එම ප්‍රකාශය අනුව අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කතා කළා. ඔහු අපිට කීවේ මෙහෙම කතාවක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න,
‘මේ සිද්ධියට අදාළ බවට සැකකරන දැරියකගේ ඡායාරූපයක් රහස් පොලිසිය විසින් සොයාගෙන තිබුණා. ඒක කාගේ කවුරුන්ද යන්න හෙළිකර ගැනීමට මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කරන්න අපට එවා තිබූ නමුත් එවැනි ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමේදී මවුපියන්ගේ අවසරය ලබාගතයුතු වෙනවා.
ඒ වීඩියෝ ඡායාඍපය එහෙම අවසරයක් නොමැතිව පළකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා මම රහස් පොලිසියට කීවේ මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කරල පරීක්‍ෂණ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගන්න අවසර ගන්න කියලයි. මේ ගැන පරීක්‍ෂණ කටයුතු අතහැර දමා නැහැ. මෙසේ අපයෝජනයට ලක්වුණු දැරිය ගැන තවමත් ස්ථිර තොරතුරු සොයාගෙන නැහැ. ඒ අනුව අප මෙම සිද්ධියේ වගකීමක් ඇති ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිතා විදාන පතිරණ මහතාටත් කතා කළා. ඔහු අපට කීවේ මෙහෙම කතාවක්.
‘මේ ගැන පොලිසිය, රහස් පොලිසිය, රහස් පොලිසියේ පරිගණක ආරක්‍ෂණ ඒකකය, රජයේ රස පරීක්‍ෂණ අංශයේද සහාය මත පරීක්‍ෂණ පවත්වනවා. ඒ සිද්ධියට අදාළ වීඩියෝ එකේ යනවා නාමය දෝෂයක්. ඒකට අදාළ ටෙලිනාට්‍ය නළුවකුගෙන්ද මේ ගැන ප්‍රශ්න කර තියෙනවා. මේ ගැන ජාත්‍යන්තර පොලිසියේද සහාය අරන් එය සමාජ ජාලාවලට ඇතුළත් කර ඇත්තේ කවුරුන්ද යන්න ගැන සොයනවා. ඊට අමතරව සිංගප්පූරුවේ තිබෙන නීතිය බලගැන්වීමේ ඒකකයටද තොරතුරු යවා එය තවත් අයට යැවීමට නොහැකි ලෙස අදාළ පියවර අරන් තියෙනවා. අදාළ හඬපටයේ සිටි ටෙලිනාට්‍ය නිළියකගෙන් ප්‍රශ්නකර තියෙනවා. මේ පරීක්‍ෂණ පිළිබඳව ජනාධිපති, අගමැතිතුමාගේ මෙන්ම අදාළ අමාත්‍යාංශයේ ඇමැතිවරියගේද අවධානය යොමුවී තියෙනවා. බොහෝ විට මේ ගැන ධනාත්මක තොරතුරක් අද හෙටම ලබාගන්න පුළුවන් වේවි කියල විශ්වාස කරනවා. මේ අතර, එම සිද්ධියට අදාළ වීඩියෝවේ සිටින දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස රහස් පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක්ද කර තියෙනවා.
එම අංකයන් මෙහෙමයි. 0777 878414, 0718 264024
කොහොම වුණත් දැන් මේ සිද්ධිය සිද්ධවෙලා ඉවරයි. ඒ වගේම මේ වගේ නොපෙනෙන සිදුවීම් දහස් ගණනක් අද එක දවසට ලංකාවේ ඇතුළේ සිද්ධ වෙනවා. මල් වගේ දරුවන් අකාලයේ කාමාතුර නරුමයන්ගේ දෑත් අතර තැළිලා, පොඩිවෙලා යනවා. ඉතින් මේවා හැකිතාක් පාලනය කරන්න ඒ අදාළ අංශවල අවධානය යොමුවිය යුතුයි. ඒ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැල්ලා තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න කටයුතු කළයුතුයි. එතකොටයි ආයේ මේ වගේ දේවල් නොවෙන්න වටපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නොකරනතාක් අපිට හැමදාම මේ වගේ කාලකණ්ණි සිද්ධි අහන්න, දකින්න පුළුවන් වෙයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

නෝර්වෙන් ‌බොදු බලයට ඩොලර් ඇවිත්

Next Post

ඩොලර් බිලියනයක් එක්ක ලංකාවට එන්න හිටි ‘ලුලූ’ ‌කෝටිපතියා ආපහු හැරෙයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.