ඩොලර් බිලියනයක් වටිනා අයෝජනයක් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ලෝ ප්‍රකට ‘ලුලූූ ගෲප් ඉන්ටනැෂනල්’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ යූසුෆ් අලි මහතා සිය සංචාරය කල්දැමීමට තීරණය කර තිබේ.
ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වයිරසය මීට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
එක්සත් අරාබි එමීරය පාදක කොටගෙන ක්‍රියාත්මක මෙම සමාගමේ ප්‍රධානී යූසුෆ් අලි මහතා මාර්තු 16 වන දින ලංකාවට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා පැවැත්වීමට තීන්දු වී තිබිණ.
නමුත් මේ වනවිට සිය සංචාරය කල් දමා ඇති යූසුෆ් මහතා ආණ්ඩුව සමග සාකච්ජා කොට ඒ සදහා වෙනත් දිනයක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද දනගන්නට තිබේ.
ෆෝබ්ස් සගරාවට අනුව යූසුෆ් මහතා ලොව ධනපතීන් අතරේ 21 වැනි ස්ථානයේ සිටින ඉන්දියානු ජාතිකයා වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 5.2කි.










