• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නෝර්වෙන් ‌බොදු බලයට ඩොලර් ඇවිත්

March 8, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
නෝර්වෙන් ‌බොදු බලයට ඩොලර් ඇවිත්
Share on WhatsAppShare on Facebook

මීට වසර කිහිපයකට පෙර බොදු බල සේනා සංවිධානය යනු මෙරට තුළ නිරන්තරයෙන් පුවත් මැවූ සංවිධාන අතරින් ඉදිරියේම තිබුණු එකක් විය. නමුත් සිරගතව සිටි බොදු බල සේනා නිර්මාතෘ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් වීමෙන් පසු බොදුබල සේනා දැඩි නිහඬතාවයකින් පෙලෙන ආකාරය දක්නට හැකි විය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තමන්ට බොදුබල සේනා විසුරුවිය හැකි බවද වරක් ඥානාසාර හිමියන් පැවසීය. කාලයක් පුරාවට පැවැති නිහඬ බව බිඳ දමමින් බොදු බල සේනා මෙරට තුළ නැවතත් කතාබහට ලක්වන තත්ත්වයට පත් වූයේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සමඟිනි. මාධ්‍ය ඔස්සේ වාර්තා වූ ආකාරයට හිටපු අධිකරණ අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය ඥානසාර හිමියන් ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානය මුදල් ලබා දුන්නේ යැයි විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ලොකු අකුරින් පළවී තිබුණේ පෙබරවාරි 29 වැනි දින පළවූ ලංකාදීප පුවත්පතේය. නමුත් ඊට පසුව එම පුවත නිවැරැදි කරමින් නැවත පල කිරීමක් සිදුවූ අතර එහි සඳහන්ව තිබුණේ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබා දුන්නේ නෝර්වේ රාජ්‍යය විසින් යැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර නැති බවය. නමුත් විදේශ රටවල් විසින් බොදු බල සේනා සංවිධානයට මුදල් ලබා දුන් බව එහිදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවද නැවත පල කළ එම පුවතේ සඳහන් විය. නෝර්වේ රාජ්‍යය යන්න වෙනුවට විදේශ රටවල් යන්න යෙදීමෙන් එම පුවතේ අන්තර්ගතයෙහි විශාල වෙනස්කමක් සිදුවී ඇති බවක් අපට නම් පෙනී යන්නේ නැත.
එම පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ක්‍රියාත්මක වූ බොදු බල සේනා සංවිධානය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කළේය. ඒ පසුගිය 02 වැනිදාය. බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් එරන්ද කේ. නවරත්න මහතා විසින් යොමු කළ එම ලිපිය හරහා කරුණු 24ක් ඔස්සේ විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

“ඔබ විසින් 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙනි. ඔබ විසින් 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි දෙමින් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කිරීම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානය සඳහා නොර්වේ රාජ්‍ය විසින් මුදල් හා මාර්ගෝපදේශන ලබා දුන් බවටත් එම තොරතුරු ඔබ විසින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ කළ සොයා බැලීමකදී අනාවරණය වූ බවටත් පවසා ඇති බවට අප හට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඉහත සඳහන් අභූත චෝදනාව බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ වකවානුවේ පටන් විවිධ අවස්ථාවන්හිදී විවිධ බලවේගයන් විසින් නඟන ලද අතර ඒ පිළිබඳව නොයෙක් අවස්ථාවන්හිදී අප සංවිධානය විසින් පිළිතුරු ද සපයා ඇත.” එලෙස ආරම්භ කර ඇති ලිපියේ විජයදාස රාජපක්ෂ මහතාගෙන් විමසා ඇති කරුණු 24 මෙසේය.

  1. බෞද්ධ අන්තවාදය යනු කුමක්ද?
  2. බුද්ධාගම අන්තවාදයට ඉඩක් පවතින්නේද?
  3. එසේ පවතින්නේ නම් බුද්ධාගම තුළ අන්තවාදයට පවත්නා ඉඩ ප්‍රස්තා මොනවාද?
  4. බෞද්ධ අන්තවාදයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේද?
  5. බෞද්ධ අන්තවාදය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ අවස්ථා මොනවාද?
  6. නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට කොපමණ මුදලක් ලබා දී තිබෙන්නේ ද?
  7. නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිබෙන්නේ කවර දිනයන්හිදීද?
  8. නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිබෙන්නේ කවර ආකාරයටද?
  9. නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් බැර වී ඇති ගිණුම් අංක හා අදාළ බැංකු මොනවාද?
  10. නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය සෘජුව සම්බන්ධ වී තිබෙන්නේද?
  11. එසේ නම් නෝර්වේ රාජ්‍ය එසේ සෘජුව සම්බන්ධ වී ඇති ආකාරයන් මොනවාද?
  12. නොඑසේ නම් නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් මැදිහත් වී ඇත්තේ කවර පුද්ගලයන් සහ / හෝ ආයතනද?
  13. බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා සාකච්ඡා කිරීමට බොදු බල සේනාවේ කවර භික්ෂූන් වහන්සේලා නොර්වේ රාජ්‍යයට ගෙන්වා ගෙන ඇත්තේද?
  14. එසේ ගෙන්වා ගත් දිනයන් කවරේද?
  15. . නොර්වේ රාජ්‍යයේදී එකී භික්ෂූන්ට බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා ලබාදුන් මාර්ගෝපදේශනයන් මොනවාද?
  16. එම මාර්ගෝපදේශනයන් ලබාදුන් පුද්ගලයන් සහ / හෝ ආයතන කවරේද?
  17. එම මාර්ගෝපදේශනයන් ලබාදුන් දිනයන් කවරේද?
  18. එම මාර්ගෝපදේශනයන් ලබාදුන් ස්ථානය හෝ ස්ථාන කවරේද?
  19. මෙම තොරතුරු ලබා ගත්තේයැයි ඔබ විසින් පවසන ඔබ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධුරය දැරූ වකවානුවේ කරනු ලැබූ සොයා බැලීමට අදාළ විමර්ශන සටහන් සහ / හෝ ලිඛිත සාක්ෂි පවතින්නේ නම් එකී සටහන් සහ / හෝ ලිඛිත සාක්ෂි ඉහත කී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් කළ හැක්කේ ද?
  20. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කූරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමඟ ගැටුම් ඇතිකර ගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන දිනවලදී ද?
  21. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කූරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමඟ ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන ආකාරයකින්ද?
  22. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කූරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමඟ ගැටුම් ඇතිකරගත් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේද?
  23. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කූරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමඟ ගැටුම් ඇතිකරගත් බවට නඩු පවරා ඇත්තේද?
  24. ඔබ පවසා ඇති ආකාරයට කුලියාපිටියේදී සහ කූරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමඟ ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස මැදිහත්වී යෙදවූවේ කුමන ආරක්ෂක අංශයක්ද?
    එම ලිපිය මඟින් රාපක්ෂ මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාළ කරුණු සඳහා දින 14ක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසය. කෙසේ වෙතත් මේ සම්බන්ධව කරුණු විමසීමට ගලාබොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් අප බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය ලේකම් වරයාගෙන් කරුණු විමසූ නමුත්, ඔහුගේ අදහස වූයේ අදාළ කාරණය සම්බන්ධයෙන් සංවිධානය මාධ්‍යයට කරුණු දක්වා ඇති බැවින් උන් වහන්සේගේ තොරතුරු විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවය. බොදු බල සේනා සංවිධානය මාධ්‍යයට නිකුත් කළ අදාළ ලිපියේ අඩංගු කරුණු ඒ ආකාරයෙන්ම මෙහි පළ කළේ ඒ හේතුව නිසාය. ඥානසාර හිමියන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව නොලැබුණු නමුත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී කථිකාචාර්ය ඩිලන්ත විතානගේ මහතා සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.
    අදාළ කාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ විතානගේ මහතා සඳහන් කර සිටියේ මාධ්‍ය වාර්තා කළ ආකාරයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වා නොමැති බවට ඒ මහතාගේ පුත්‍රයා සහ නීතිඥයා තමන්ට දැන්වූ බවය.
    “විජේදාස රාජපක්ෂ මහත්තයා ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ඒ විදියේ ප්‍රකාශයක් සිදු නොකළ බව එතුමාගේ පුතා සහ නීතිඥයා මට පෞද්ගලිකවම කතා කරලා කිව්වා. විජයදාස රාජපක්ෂ මහත්තයාගේ ප්‍රකාශය මාධ්‍ය වැරැදි විදියට පළ කරපු බවක් තමයි ඒ අය මට කිව්වේ. විජයදාස රාජපක්ෂ මහත්තයත් එක්කත් අපි ළඟින් වැඩ කරලා තියෙනවා. ඒ හින්දා එතුමා මේ විදියේ ප්‍රකාශයක් කරයි කියලා මටත් හිතා ගන්න අමාරුයි. නමුත් මේකේ ඇත්ත නැත්ත දැන ගන්න නම් ඒ සාක්ෂිය පරීක්ෂා කරන්න වෙනවා. හැබැයි සාක්ෂියේ එහෙම දෙයක් සඳහන් වෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි.” එලෙස පැවසූ විතානගේ මහතා නෝර්වේ රාජ්‍යය සහ බොදු බල සේනා අතර පවතින සබඳතාවය පිළිබඳව අදහස් පළ කළේ මෙසේය.
    “මේ චෝදනාව කාලෙන් කාලට එක එක අය එක එක විදියට එළියට ගේනවා. ඇත්තටම ඥානසාර හාමුදුරුවෝ සහ බොදු බල සේනා සංවිධානයට ඔය නෝර්වේ කතාව ගෑවෙන්නේ මම හින්දා. නෝර්වේ රාජ්‍යය සහ මගේ තියෙන හිතවත්කම් මත ඥානසාර හාමුදුරුවෝ සහ අපි 2011 වසරේදී නෝර්වේ රාජ්‍යයේ සංචාරයක නිරත වුණා. ඒක තමයි මේ අය අල්ලගෙන ඉන්නේ. නමුත් ඒ වෙද්දී බොදු බල සේනා සංවිධානය ආරම්භ වෙලා නැහැ. 2012 වසරේදී තමයි අපි සංවිධානයක් විදියට එකතු වෙන්නේ. එතැනින් පස්සේ නෝර්වේ රාජ්‍යය හෝ විදෙස් කණ්ඩායම් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපි ඉතාම වගකීමෙන් කියනවා. ඔය චෝදනාව අපිට මුලින්ම එල්ල කළේ විමල් වීරවංශ මහත්තයා. ඒ 2013දි. ඒ චෝදනාව ඔප්පු කරන්න කියලා අපි කිව්වා. ඒත් ආණ්ඩුවේ බලගතු මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳලත් එතුමාට ඒක කරන්න බැරි වුණා. විජේදාස රාජපක්ෂ මේ රටේ අධිකරණ ඇමැතිවරයා විදියට අවුරුදු පහක් හිටියා. එහෙම දෙයක් දැන ගෙන හිටියා නම් ඒක ඔප්පු කරන්න එතුමටත් ඕන තරම් අවස්ථාව තිබුණා. ඒත් එහෙම කළේ නැහැනේ. ඇත්තටම එක එක වාසි බලාගෙන කාලෙන් කාලට එන මේ චෝදනාව අපිටත් හරි කරදරයක්. ඒ හින්දා මේකේ ඇත්ත නැත්ත මොකක්ද හොයලා රටට හෙළි කරන්න ජනාධිපතිතුමා හරි මැදිහත් වෙනවා නම් හොඳයි.” විතානගේ මහතා අදහස් දැක්වූයේ එසේය.
    මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට අප කිහිපය වරක්ම උත්සාහ කළ නමුත් ඒ මහතාගේ දුරකතනය එයට ප්‍රතිචාර නොදැක්වීය. එහෙත් එතුමා එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්නම් එහි ඇත්ත නැත්ත රටට හෙළි කිරීමද රාජපක්ෂ මහතාගේ වගකීමය. එමෙන්ම එම පුවත මාධ්‍ය වැරැදි ලෙස වාර්තා කර ඇත්නම් එසේ කළේ කුමන පදනමකින්දැයි සොයා බැලීමද බලධාරීන්ගේ වගකීමය. බොදු බල සේනා සංවිධානය අගය කරන විශාල පිරිසක් මෙන්ම එම සංවිධානය විවේචනය කරන බොහෝ දෙනෙක්ද රට පුරා ඇත. එබැවින් බොදු බල සේනා පිළිබඳ ඇත්ත නැත්ත දැන ගැනීමට ඔවුන් සියලු දෙනාගේම බලාපොරොත්තුව බවද සඳහන් කළ යුතුය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අවුරුදු 39කට කලින් ‌කොරෝනා ගැන කියපු අබිරහස් ‌පොත

Next Post

බුකිය කැළඹූ ළමා අපචාර වීඩියෝවේ ඉන්නේ ප්‍රියාන් මැණික්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.