• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

පාතාලය වැඩ පටන් ගනී

August 20, 2019
in Politics
Reading Time: 4 mins read
A A
පාතාලය වැඩ පටන් ගනී
Share on WhatsAppShare on Facebook

දෙමටගොඩ චමින්ද වැලිකඩ ඇතුළේ පාටියක් දාලා

දුමින්ද සිල්වා හිරකාරයන්ට පහරදීම අරඹලා

කංජිපානි ඉම්රාන් CID නිලධාරීන් එක්ක පාටි දාලා

මධූෂ්ට රජ සැප-ඩුබායි බිරිදටයි දරුවටයි ‌කෝල් කරලා

මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන එන තුරු පොලිසිය බලා සිටියේ ඇඟිලි ගණන් කරමිනි. දැන් මධූෂ් මෙරටට රැගෙනවිත් මාස තුනකට වැඩිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටන මධූෂ් දැන් පත්ව සිටින්නේ එහි සේවයේ නිරතව සිටින නිලධාරීන්ගේ සුරතලෙක් බවටය. ඩුබායි සිර මැදිරියේ සිටියදී නොලැබුණු පහසුකම් මධූෂ්ට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ලැබෙන්නට පටන්ගෙන හමාරය. ඔහු ඩුබායිහි සිටින සිය බිරියගේත්, දියණියගේත්, පුතාගේත් සුවදුක් පවා දුරකතන ඇමතුම් දෙමින් විමසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආශීර්වාදය ඇතිවය. ඒ ඇමතුම් අස්සේ මධූෂ් තවත් ඇමතුම් රාශියක් ගෙන ඇත්තේ ඔහුගේ සගයන්ටය. ඒ බව දැනගත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල දැනුවත් කරන්නේ යම් වරදක් සිදුවෙමින් ඇතැයි පෙනීගිය බැවිනි. සුදත් නාගහමුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසිවන්නේ ඒත් එක්කමය.
මාකඳුරේ මධූෂ්ගේ මත්කුඩු ජාලය මෙහෙයවූ කංජිපානි ඉම්රාන් සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැන් පත්ව ඇත්තේ කංජිපානිගේ පදේට නටන අයගේ තත්ත්වයටය. මාස හතරකට වැඩි කාලයක් තිස්සේ කංජිපානි සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය. මාකඳුරේ මධූෂ් 2015 වසරේ රටින් පළායන විට මීගමුවේ ඇළක සැඟවූයේ යැයි කියන ටී-56 අවියක් සහ පිස්තෝල දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මධූෂ්ගේ තොරතුරකට අනුව සොයාගත්තේ යැයි කියා කීවත් කංජිපානිගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඒ ආකාරයේ සොයාගැනීමක්වත් කර තිබුණේ නැත. විශේෂත්වයක් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධූෂ්ගේ ආයුධ ගොඩගත් බව කියන මීගමුවේ එම ඇළ මාර්ගය අවස්ථා කිහිපයක්ම බැකෝ යන්ත්‍ර යොදා පිරිසුදු කර තිබීමය. එහිදී පවා හමු නොවුණු එම අවි වසර හතරකට පසු අඩුම තරමේ වතුර බින්දුවක්වත් නොගෑවී හමුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම බහුතරයක් නිලධාරීන් සිටින්නේ පුදුමයෙන් පුදුමයට පත්වය. ඒ, එම නිලධාරීන් මධූෂ්ගේ විමර්ශනය ගැන බොහෝ තොරතුරු දන්නා බැවිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාකඳුරේ මධූෂ්ට දක්වන ළෙංගතුකම ගැන එළියට නාවත් කංජිපානිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් දැක්වෙන ළෙංගතුකම ගැන රටම දැනගන්නේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් එළියට දැමූ වීඩියෝ දර්ශනයකිනි. ජංගම දුරකතනයකින් පටිගත කර තිබුණු එම වීඩියෝ දර්ශනය උන්වහන්සේ අතට පත්කරන්නේද කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඒ, එම උප පොලිස් පරීක්ෂකවරයා සිය ජංගම දුරකතනයෙන් පටිගත කරමිනි.
එම වීඩියෝ දර්ශනයේ දැක්වෙන්නේ කංජිපානි ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු වන දුනුසිංහ සහ නිශාන්ත සිනාසෙමින් කරන කතාබහකි. කොළඹ අපරාධ කොට්ඨාසයේ දෙවැනි මහලේ සිදුවන මෙම කතාබහ අපරාධකරුවකු සමඟ කෙරෙන සාමාන්‍ය කතාබහකට එහා ගිය සුහද කතාබහක් බව බැලූ බැල්මටම පෙනීයන්නේය. එම අවස්ථාවේදී කංජිපානිගේ දෑතේ මාංචු වැටී තිබුණත් එම කතාබහ සමීප මිතුදමක ලක්ෂණ පෙන්නුම් කළ බැවින් පොලිස් ලොක්කන්ට එයින් ගැලවෙන්නට විදියක් නම් නොවීය. කංජිපානිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලැබෙන දයාව කරුණාව ගැන විමර්ශනයක් ආරම්භ වන්නේ ඒ අනුවය.
ඒත් එක්කම දැන් හෙළිවන්නේ කංජිපානිගේ උපන්දිනය පවා කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කේක් කපමින් සමරා ඇති බවය. කේක් ගෙන එන්නේ කංජිපානිගේ පියාය. කංජිපානි කේක් කපන්නේ පොලිස් නිලධාරීන් සමඟ එක්වය. අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ටද කේක් කැව්වේය. ඒ තරමට කංජිපානි සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. මාස හතරකට වැඩි කාලයක් තිස්සේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි කංජිපානිගෙන් අඩුම තරමින් ගල්කටස් ආයුධයක්වත් සොයාගෙන නැත්තේ ඒ නිසා වන්න පුළුවන. කංජිපානි කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියත් ඔහුගේ මත්කුඩු ජාලය අදටත් නිදහසේ ක්‍රියාත්මක වන්නේ ඒ නිසා වන්නට පුළුවන.
කංජිපානිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දක්වන ආලවන්තකම ගැන මෙතරම් තොරතුරු එළියට එන්නට මඟ පෙන්වන වීඩියෝ දර්ශනය මාගල්කන්දේ සුදත්ත හිමියන් අතට පත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අතර ඇති බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිටින්නේ පිල් බෙදීමකට ලක්වය. මේ පිල් බෙදීම නිසාම වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධකරුවන්ගේ ලේඛන සහිත කබඞ් එකක් පවා ගිනිතැබීමකට ලක්විය. එම ගිනිතැබීම පිටුපස සිටියේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. එම උප පොලිස් පරීක්ෂකවරයා මාකඳුරේ මධූෂ්ට ළෙංගතු අයෙකි. ඒ ගැන බුද්ධි අංශ පවා ඇස ගසාගෙන සිටියේය.
මධූෂ් ඩුබායි සිටියදී ඔහුගේ කොළඹ ගෝලයෙක් අල්ලන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය වෙහෙස ගනිමින් සිටියේය. ඊට පෙර ගිනි අවියක් සමඟ එම ගෝලයා කොටුවන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු වන නයනජිත්ටය. බොහෝ අය කියන්නට ගත්තේ විශේෂ කාර්ය බළකායෙන් වෙඩිකා මියැදෙන්නට සිටි මධූෂ්ගේ ගෝලයා ගිනි අවියක් සමඟ භාරවුණු බවකි. තවත් පිරිසක් කියන්නට ගත්තේ නයනජිත් ඩබල් ගේමක් ගැසූ බවය. අවසානයේදී සිදුවන්නේ නයනජිත්ට එරෙහිව විමර්ශනයක් සිදුවීමය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ගිනිතැබීමක් සිදුවන්නේද ඒත් එක්කමය. සිදුව තිබුණේ නයනජිත්ට කට්ටියම එකතුව ගේමක් ගසා තිබීමය. කංජිපානිට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ ඇති ළෙංගතුකම ගැන වීඩියෝව එළියට එන්නේ එම ගේමට ප්‍රතිප්‍රහාරයක් ලෙස බව දන්නෝ දනිති.
මුදල් නමැති සාධකය මුල් කරගෙන පාතාල අපරාධකරුවන් සහ පොලිසිය අතර ඇති සම්බන්ධකම් පැහැදිලිවම එළියට එන අවස්ථාවක් ලෙස කංජිපානිගේ කතා වස්තුව හොඳම උදාහරණයක් වී හමාරය. කංජිපානිගෙන් යැපුණු නිලධාරීන් ගැන බුද්ධි අංශ සතුව වාර්තාවක් පවා ඇත්තේය. ඒ අය අතර සිටින්නේ සාජන්වරු, කොස්තාපල්වරු පමණක් නොව, නියෝජ්‍ය පොලිස්පතිවරු පවා සිටිති. මාස හතරක් තිස්සේ කොළඹ අපරාධ කොට්ඨාස භාරයේ සිටියත් කංජිපානිගෙන් ඇල්පෙනෙති තුඩක දෙයක්වත් සොයා නොගත්තේ ඒ නිසා වන්නට පුළුවන.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක බවට පත්වූ ප්‍රීතිය වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියමවී සිටින දෙමටගොඩ චමින්ද සමරා ඇත්තේ සාදයක් පවත්වමිනි. දෙමටගොඩ චමින්ද එහිදී සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විට තමන් නිදහස ලබන බවකි. දෙමටගොඩ චමින්ද මරණීය දණ්ඩනය නියමව සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන්ය. ඔහු සමඟ දුමින්ද සිල්වාද මරණීය දණ්ඩනයට නියම විය. සිය ගෝලබාලයන් සමඟ හිරෙන් එළියට එන්නට දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ උත්සාහය පවා අසාර්ථක විය. නිදහස ලබන්නට දැන් ඉතිරිව ඇති එකම තුරුම්පුව වන්නේ ජනාධිපති පොදු සමාවක් පමණි. මෛත්‍රිපාල ජනාධිපතිවරයා සිටින තාක්කල් නම් ඔහුට එම අවස්ථාව කිසි විටෙකවත් උදාවන්නේ නැත. එජාපයේ ජනාධිපතිවරයකුගෙන්වත් ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අවස්ථාව ලැබෙන්නේ නම් ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පමණි. දුමින්ද සිල්වා සමඟ ගෝඨාභයට ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. මහින්දගේ ආණ්ඩුවේදී ගෝඨා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන විට එහි අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස පත්කරනු ලැබුවේ දුමින්ද සිල්වාය. දුමින්ද සිල්වා මන්ත්‍රී ධුරයේ රැඳී සිටි අන්තිම මැතිවරණයේදී පවා දුමින්දගේ රැස්වීම්වලට ගෝඨාභය ආවේය. කතා පවා පැවැත්වූවේය. දෙන්නා අතර ඇත්තේ එවන් කිට්ටු සම්බන්ධයකි.
සුදු වෑන්වලින් එකල පාතාලයේ අපරාධකරුවන් පැහැරගැනීමට ලක්වන විටත්, අතුරුදන් වන විටත් දුමින්දට හිතවත්කම් පෑ කිසිදු පාතාල අපරාධකරුවකුට නියපොතු සීරීම් තුවාලයක්වත් නොවීය. දුමින්ද ඔවුන්ට සහතියක්දී තිබුණේ කිසි දේකට බිය නොවන්නැයි කියාය. දෙමටගොඩ චමින්ද මෙන්ම වෙලේ සුදාද සිටියේ ඒ අය අතරය. දෙමටගොඩ චමින්ද පමණක් නොව වෙලේ සුදාටද දැන් ඇත්තේ දේශපාලනයේ පිහිට පමණි. මරණීය දඬුවම හිමිව සිටින වෙලේ සුදාද දැන් සිය ගෝලයන් මෙහෙයවමින් ඇත්තේ ඒ ඒ පක්ෂවලට සහාය දෙමින් ජනාධිපතිවරණ සටනට සහාය දැක්වීමටය.
මේ ආකාරයට ගෝඨාභයගේ නම කියැවෙන විට පාටි දාන්නට පාතාලයේ පිරිසක් පටන් ගන්නා විට තවත් පාතාලයේ පිරිසකට මළපහ වෙන්නට පටන්ගෙන ඇත්තේ සුදු වෑන් මතකයට ඒම නිසාය. එම පාතාලයන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන්ට මෙතෙක් කාලයක් කිට්ටුවී සිටියවුන්ය. පසුගිය ආණ්ඩු සමයේදී විදේශයන්වල සිටි ඔවුන් මෙරටට එන්නේ ආණ්ඩු පෙරළියත් සමඟිනි. එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත් එම පාතාල අපරාධකරුවන් සූදානමින් සිටින්නේ එම අපේක්ෂකයා දිනවීමටය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය පෙර නොවූ ආකාරයේ පාතාලයේ සටනක් බවටද පත්වනු ඇති බවට බුද්ධි අංශවලින්ද අනතුරු ඇඟවීමක් මේ වන විටත් කර හමාරය.
මරණීය දණ්ඩනය නියම කර සිටින සිරකරුවන් රඳවාතැබිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේය. වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් රැසක්ම සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට නියමවී සිටින සිරකරුවන් රඳවා තබන සිර මැදිරිවලය. එහෙත් දුමන්ද සිල්වා සිටින්නේ බන්ධනාගාර රෝහලේය. මෙතෙක් කාලයක් නිහඬව සිටි දුමින්ද සිල්වා ඉකුත් 13 වැනිදා සිය හයිය සෙසු සිරකරුවන්ට පෙන්නුවේය. ඒ, රෝහලේ වාට්ටුවේ සිටි සිරකරුවන් කිහිප දෙනකුට සිය ඇඟේ හයිය පෙන්වමිනි. සියල්ල සිදුවන්නේ ගෝඨාභයගේ ආගමනයත් සමඟිනි.
මේ අතර බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ජයරත්නට වෙඩිතබා ඝාතනය කිරීමට සම්බන්ධ පාතාලයේ කිහිප දෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඉකුත් සතියේ සමත් විය. පොඩි ලැසී නමැති පාතාලයේ ප්‍රබලයකුගේ ගෝලබාලයන් පිරිසක් එසේ අත්අඩංගුවට ගෙන තිබිණි. පොඩි ලැසී බන්ධනාගාරයේ සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුව ඇතැයි මේ වන විටත් හෙළිවී හමාරය. පොඩි ලැසී එසේ සිය ගෝලබාලයන් යොදා ජේලර් ජයරත්නව ඝාතනය කරවන්නේ බන්ධනාගාර අධිකාරිවරයකු සතුටු කරවන්නටය. ඒ, එම අධිකාරිවරයා සහ ජයරත්න අතර පැවැති ආරවුලක් හේතුවෙනි. ඒ ගැනද මේ වන විටත් බොහෝ තොරතුරු හෙළිවී හමාරය. පොඩි ලැසීගේ මත්කුඩු ජාවාරමේ කළු සල්ලිවලින් එම අධිකාරිවරයා සුවිසල් නිවෙසක් පවා ඉදිකර ඇති බවට තොරතුරු ඒ අතර ඇත.

SendShareShare
Previous Post

කුජ මාරු වුණා ඊළගට මොකද වෙන්නේ?

Next Post

ලංකාවට ආපු කඩු කන්ටේනර් 3 ‌කෝ…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.