මිහිදු හිමි, සංඝමිත්තා තෙරණිය සහ කාවන්තිස්ස රජුගේ මූර්ති 3ක් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට පිහිටුවීමට යාමේදී ඇතිවූ විරෝධතාවක් හේතුවෙන් එම ප්‍රතිමා තුන එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව මෙම ප්‍රතිමා තුන එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසත් කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව පැවසේ.