• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අවුරුදු 39කට කලින් ‌කොරෝනා ගැන කියපු අබිරහස් ‌පොත

March 8, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
අවුරුදු 39කට කලින් ‌කොරෝනා ගැන කියපු අබිරහස් ‌පොත
Share on WhatsAppShare on Facebook

ලෝකයේ කලින් කලට සිටි විවිධ අනාවැකිකරුවන් විසින් ලෝකයේ සිදුවන්නට තිබෙන විවිධ විනාශයන් ගැන අපූරු අනාවැකි කියා ඇත. වසර දහස් ගණනකට පෙර සිටි ‘නොස්ට්‍රාඩොමාස්’ වැනි අනාවැකිකරුවන් සහ ‘බාබා වන්ගා’ වැනි අනාවැකිකාරියන්ද මේ අතර ලොව ප්‍රකටය. මැතිවරණයක් කිට්ටු වන විටම ශ්‍රී ලංකාවේද සිටින විවිධ සාස්තර සහ කේන්දරකාරයෝ විවිධ අනාවැකි කියති. ගාල්ල පැත්තේ සිටින එක්තරා ප්‍රකට කේන්දරකාරයකු එකල සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අනාවැකි කියා ඔහු ගෙදරම යැව්වේය. එදා ‘මහින්ද මහත්තයා’ දිනනවා යැයි මේ බේගල් කේන්දරකාරයා කියූ අනාවැකිය ‘පට්ට කෙබරයක්ම’ විය. මහින්ද රාජපක්‍ෂ මහතාට මොහු තරම් විශ්වාසදායක කේන්දරකාරයකුද නොවීය.
කෙසේ හෝ අද ඔබට කියන්නට යන්නේ මෙලෙස බේගල් ඇද බාන ග්‍රහ සාත්තරකාරයන්ගේ කතාවක් නොවේ. මේ අපූරු අනාවැකිකරුවා ග්‍රහ සාත්තර ඉගෙනගත් මිනිසකු නොව, පෑන් තුඩ අතට ගෙන පොත් ලියන නවකතාකාරයෙකි. මේ නවකතාකාරයා ඉන්නේ ඇමෙරිකාවේය. ඔහු මෙයට දශක 4කට (වසර 40ක්) පෙර ලියා තැබූ නවකතාවක් අද ප්‍රබල සාක්‍ෂි දරන සත්‍යයක් බවට පත්වී ඇත. එදා ඔහු මෙම කතාන්දරය තම පෑන් තුඩින් ලියා ඇත්තේ, වසර 40කට පසුව ලොව සිදුවන මහා විනාශයක අනාවැකියක් ලියන්නාක් මෙන්ය. මෙය සැබෑ ලෙසම අදහාගැනීමට පවා අපහසු කතාන්දරයකි. එහෙත් එය අද සත්‍යයේ දොරකඩටම පැමිණි වගතුගකි.
අද මේ වන විට ලොව මිනිස් ජීවිත දහස් ගණනින් බිලිගෙන සහ බිලිගනිමින් තිබෙන අතිශය භයානක කොරෝනා වෛරසයේ සත්‍ය කතාන්දරය මෙම නවකතාකරුවා විසින් මෙයට වසර 40කට පෙර ලියා තැබුවේ අතිශය විස්මිත අයුරිනි. ඇමෙරිකාවේ සිටින ප්‍රකට සහ සම්මානනීය නවකතාකරුවකු වන ඩීන් කූන්ට්ස් Dean Countz විසින් 1981 වසරේදී ලියන ලද ‘ද අයිස් ඔෆ් ඩාර්ක්නස්’ (The eyes of darkness) හෙවත් ‘අන්ධකාරයේ දෙනෙත්’ නමැති නවකතාවට පාදකවී ඇත්තේ, ලොව මහත් විනාශයක් කරා ගෙනයනු ලබන රහස්, අත්භූත වෛරසයකින් සිදුවන මනුෂ්‍ය විනාශයක් ගැනය. එනම් දැනට ලොව පුරා මහත් විනාශයක් සිදුකරනු ලබන ‘කොවිඞ්-19’ (Covid-19) නමැති වෛරස් වසංගතයේ කතාවම මෙම නවකතාවට පාදකවී ඇත.

‘It was around then that a Chinese scientist named Li Chen defected to the United States carrying a diskette record of China’s most important and dangerous new biological weapon in a decare. They call the stuff ‘WUHAN-400’ because it was developed at the RDNS labs outside of the city od Wuhan. It was the four – hundrath viable strain of man-made microorganisms.’ පිටු 315කින් සමන්විත ‘Teh eyes of darkness’ (අන්ධකාරයේ දෙනෙත්) නමැති ග්‍රන්ථයේ එසේ එක් තැනක ඉංග්‍රීසි බසින් සඳහන් වන්නේ පුදුමාකාර වගතුගකි. එහි සිංහල අරුත මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
‘එම කාලයේදී තමයි ලී චෙන් නමැති චීන ජාතික විද්‍යාඥයකු පරිගණකමය ‘ඩිස්කට්’ වාර්තාවක් රැගෙන චීනයේ සිට ඇමෙරිකාවට එන්නේ. මේක තමයි පසුගිය දශක ගණනාවකදීම නිපදවනු අත්‍යාවශ්‍යම සහ භයානකම ජීව විද්‍යාත්මක අවිය, මේක හදලා තියෙන්නේ චීනයේ. මේකට නම තියලා තියෙන්නේ ‘වූහාන්-400’ කියලයි. ඒකට හේතු චීනයේ වූහාන් නගරයෙන් ඔබ්බෙහි ඇති විශාලතම ජීව විද්‍යා පර්යේෂණාගාරයේ තමයි මේක හැදුවේ. මිනිසා විසින් නිර්මාණය කරන ලද ක්‍ෂුද්‍ර ජීවීන් යොදාගෙන හැදූ මේ ජීව විද්‍යාත්මක අවිය හරිම ප්‍රබල එකක්. එහි 400 ගුණයකින් යුත් ජීවමය බලයක් තිබෙනවා.’
ලෝකයේ සිටින මිලියන ගණනාවක විවිධ නවකතාකාරයෝ, මිලියන ගණනාවක අනේක විදියේ නවකතා ලියා ඇත. එහෙත් ඒ මහා පොත් කන්දරාව අතරින් අද මෙම නිර්මාණය අපගේ දෙනෙත් නළලෙහි සිටුවා ඇත.
අද මුළු ලොවම මහත් භීතියෙන් හා ශෝකයෙන් මුසපත් කරවන ‘කොරෝනා වෛරස්’ වසංගතයේ කතාව මෙසේ ඒ ආකාරයෙන්ම වසර 40කට පෙර ලියා තැබීම අතිශය පුදුමාකාරය. අද ලෝකයේ තිබෙන අන්ධකාරයේ මහා නගරය වන චීනයේ ‘වූහාන්’ නුවර ආශ්‍රිත කරගෙන මෙම වෛරස් වසංගතය බිහිවන අයුරු ඩීන් කූන්ට්ස් ලේඛකයා ලියා තබා ඇත.
‘WUHAN-400 is a perfect weapon, It afflicts only human beings, No other living creature can carry it.’
‘වූහාන්-400 සත්‍ය ලෙසම නියම ආයුධයක්, එයින් හානි කරන්නේ මිනිසාට පමණයි. වෙනත් කිසිම ජීවී සත්වයකුට එය බලපාන්නේ නැහැ.’

මෙම අපූරු ග්‍රන්ථයේ ඇති ඉහත වැකියද අද සැබෑ ලෙසම මිහිමත සිදුව ඇති විනාශය කියාපායි. එනම් මෙම වෛරසය ප්‍රබල ජීව විද්‍යාත්මක අවියක් ලෙසින් පෙන්වා දෙයි. මෙයට මාස 2කට පෙර මෙම කොරෝනා වසංගතය ඇරැඹි විටදී ඉහත පොතේ සඳහන් ආකාරයෙන්ම වූහාන් නගරයේ පිහිටි විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ගැන බොහෝ කතා අසන්නට ලැබිණි. එනම් එහි ප්‍රබල ජීව විද්‍යාත්මක අවියක් සෑදීමට ගත් උත්සාහයේදී මෙම කොරෝනා වෛරසය ලොවට මුදා හැරුණු බැව්ය. ‘අන්ධකාරයේ දෙනෙත්’ නමැති නව කතාවට ප්‍රධාන ලෙස පාදක වන්නේ, එක්තරා මවක් තමන්ගේ ආදරණීය පුත්‍රයා හදිසියේම මියගිය පසු එයින් ඇයට ඇති වන ශෝකයත් සහ දැඩි කම්පනයත්ය. එම හැඟීම් දරා ගනිමින්ම ඇයගේ පුත්‍රයාගේ මරණය සිදුවූයේ කෙසේ දැයි ඇය සොයන්නට වෙහෙසෙන්නේ, එම මරණයට හේතුවක් වෛiවරුන් විසින් ප්‍රකාශ නොකරන හෙයිනි. ඇය මේ ගැන තවත් කණ්ඩායම්වල සහාය ඇතිව බොහෝ ගවේශණශීලීව සොයන්නට උත්සාහ දරන්නීය. අවසානයේදී මෙම වූහාන් වෛරසයේ වගතුග සොයාගන්නට ඇය සමත් වෙයි.
ප්‍රථමයෙන් එක් රටක් සහ ඉන් පසු ලොව වටා ඇති රටවල් රාශියක් මෙම භයානක වෛරසය නිසා විනාශයට පත්වන හැටි ‘ද අයිස් ඔෆ් ඩාර්ක්නස්’ ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. අද වර්තමානයේද මෙම තත්ත්වය ඒ ආකාරයෙන්ම සිදුවන අයුරු දක්නට හැකිය. එනම් දැන් චීනයට අමතරව ලොව රටවල් 60කට මෙම කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තවී ඇත. චීනයේ පමණක් මරණ 3,000 ඉක්මවා ඇත. එහෙත් එය සැබෑ ගණන් හිලව්වක් නොව, චීන රජය සැබෑ මරණ ප්‍රමාණය වසන් කරන බැව්ද කරුණු ප්‍රකාශ වී ඇත. කෙසේ හෝ දැනට මාස දෙකක් ඉක්මවා ඇතත් මෙම භයානක වෛරසය මැඬලීමට හැකිවී නොමැත. මේ ආකාරයට අද ලොව බිලිගෙන ඇති භයානක, කුරිරු වෛරසයේ කතාන්දරය වසර 40කට පෙරදී නවකතාවකින් අනාවැකි පැවසීම කෙතරම් ආශ්චර්ය ජනකද? මෙම නව කතාව රචනා කළ නවකතාකරු වන ඩීන් කූන්ට්ස්ගෙන් මේ පිළිබඳව මාධ්‍යකරුවන් විමසා ඇත. එවිට ඔහු පවා මෙම වගතුග ගැන නිරුත්තරවී ඇත. ඔහු පවසා ඇත්තේ මෙය තමන් විසින් කල්පිතව සිතූ ප්‍රබන්ධ කතාවක් පමණක් බැව්ය. කතාවට අදාළව යම් සිදුවීම් කිහිපයක පමණක් කරුණු තමා සොයාගෙන තිබූ බවත්, එහෙත් ඉන් පසුව එය ප්‍රබන්ධයක් ලෙස නිර්මාණය කළ බවත් ඔහු කියා තිබේ.
ඩීන් කූන්ට්ස් ලේඛකයා මේ වන විට නවකතා සහ කෙටිකතා 115ක් පමණ ලියා ඇති අතර, ඔහු ප්‍රකට චිත්‍රපට තිරනාටක රචකයකුද වෙයි. ලොව වටා ඔහුගේ නවකතා පිටපත් මිලියන 450ක් අලෙවි වී ඇත.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

වියත් මග එන්න හදන මග

Next Post

නෝර්වෙන් ‌බොදු බලයට ඩොලර් ඇවිත්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.