• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දවස් 40ක් වතුරවලින් ජීවත් වුණු කව්ද ‌මේ ‌දේවගැති ලැනරෝල්

October 24, 2019
in News, Politics
Reading Time: 3 mins read
A A
දවස් 40ක් වතුරවලින් ජීවත් වුණු කව්ද ‌මේ ‌දේවගැති ලැනරෝල්
Share on WhatsAppShare on Facebook

“මම දින 40ක් නොකඩවා වතුර පමණක් පානය කරමින් නිරාහාරව සිටිය පුද්ගලයෙක්. කෙනකුට මේ කතාව අහනවිට වෙලාවකට විශ්වාස කරන්න අපහසු වේවි. ඒත් මම ඒ පුදුමසහගත දුෂ්කර ක්‍රියාව සිදුකළා. මම මගේ ජීවිතයේ යම් කාලයකදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දන්නු කෙනෙක්. විදේශයන් සමඟ ගනුදෙනු කළ මගේ සාර්ථක ව්‍යාපාර කටයුතු කිහිපයක් තිබුණා. වර්ෂ 2000 සිට 2004 කාලයේදී ඒවා දරුණු ලෙස කඩාගෙන වැටුණා. මම බැංකු ගණනාවකට විශාල විදියට ණය වුණා. ඒවා ඩොලර් මිලියන ගණන්වල ණය මුදල්. ජේසුස් වහන්සේ කෙරෙහි මගේ අසීමිත භක්තියක් තිබුණා. පල්ලි කිහිපයකට ගොස් මම පිහිටක් පැතුවා. ශුද්ධ වූ බයිබලයේ කිහිප තැනක තිබෙනවා ද්‍රව්‍යමය ආහාර නොගෙන නිරාහාරව සිටිය විවිධ සුවිශේෂී පුද්ගලයන් ගැන. ඔවුන් එසේ සිටිමින් දෙවියන්ට යාඥා කරනවා. මමත් ඒ දේ සිදුකළා. මම මේ ප්‍රශ්නයෙන් මුදා දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. දින 40ක් මෙහෙම ගතවෙන විට සිතා ගැනීමට පවා අපහසු දෙයක් මට සිදුවුණා.”
මේ අරුම පුදුම කතාව කුමක්ද? මේ තිගැස්සෙන කතාව කියන මිනිසා කවුද? මා ඉදිරියේ සිටින්නේ ඔහුය. ඔහු සජීවීව මේ කතාන්දරය කියාගෙන යයි. මඳක් කාළවර්ණ දේහයක් ඇති ඔහුගේ පෙනුම සැබෑ ලෙසම කඩවසම්ය. දිගැටි මුහුණ සහ සිහින් රේඛීය දෙතොලින් හෙබි ඔහුගේ දෙනෙත් අග මැනවින් කවාකාර වී ඇත. ඒ හෙයින්දෝ ඔහුගේ දෙනෙත් නැවත දෙතුන් වතාවක් බැලිය හැකි තරමටම ආකර්ෂණීයය. ඔහුගේ දේහය උසට ගැළපෙන සේ සිහින් ස්වරූපයක් ගෙන ඇති අතර, ස්ථුල උදරයක් ඔහුට නැත. ඔහු මැදි වයස ඉක්මවා ඇතත්, ඔහුගේ හැඩරුවට නිසි වයස සැඟව ගොස් ඇත. ඒ හෙයින්දෝ ඔහුගේ තාරුණ්‍යය තවද උදුරාගෙන නැත.
සැබැවින්ම අපූර්වතම මේ මිනිසාගේ කටහඬද බොහෝ නිවුණු ස්වරූපයක් ගෙන ඇත.

කර්බි ද ලැනරෝල්… එය ඔහුගේ සරල නාමය වෙයි. එහෙත් එයට තවත් යමක් එකතු විය යුතුය. ගරු දේවගැති ආචාර්ය කර්බි ද ලැනරෝල් ලෙසින් එය පරිපූර්ණ විය යුතුය. ක්‍රිස්තියානි දේව සභාවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන ලංකා අපෝස්තලික දේව සභාවේ ප්‍රධාන පාලක දේවගැතිවරයා ඔහුය. මෙම සභාවට අයත් අපෝස්තලික පල්ලි 600ක් පමණ රටපුරා ඇති අතර, ඔවුන්ගේ අනුගාමිකයන් සංඛ්‍යාව 1,40,000ක් පමණ වෙයි. ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිවරයා දැනට 44 වැනි වියෙහි පසුවන පූජකවරයකු වන අතර, ඔහු මේ වන විට සිදුකරමින් පවතින ආගමික ක්‍රියාවලියට අනුව ඔහු දෙස් – විදෙස් රටවල් රැසක මහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. එසේම ඔහුගේ එම කාර්යභාරය මහත් ආන්දෝලනයකටද ලක්ව තිබේ. අපෝස්තලික දේව සභාවේ ප්‍රධාන පාලකතුමා වන්නේද ඔහුය.
මෙම ලිපිය ආරම්භයේ ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි එක් ආන්දෝලනාත්මක කතාන්දරයකි. දින 40ක් ජලය පමණක් පානය කරමින් නිරාහාරව දේව යාඥාවේ නිරත වීම එම සිදුවීමයි. ඔහුගේ එම කතාව තවත් අවසාන නැත. ඔහුත් සමඟ මෙසේ මුහුණට, මුහුණ සංවාදයක යෙදෙන්නේ එම කතාවත්, තවත් වැදගත් තොරතුරු රැසක්ද විමසන්නටය.
නිරාහාරව දින 40ක් ගෙවී යද්දී ඔබට මොකක්ද සිදුවුනේ? ඔබට රෝගී තත්ත්වයක්, ශරීර පීඩාවක් සිදුවුණේ නැද්ද?
නැහැ එහෙම රෝගී තත්ත්වයක් ඇතිවුණේ නැහැ. මම ජලය පමණක් පානය කළා. ඒ අතරේ මම දිනපතාම දෙවියන්ට යාඥා කරනවා. මම දෙවියන්ගෙන් නිතරම ඉල්ලා සිටියේ මගේ ප්‍රශ්නකාරී තත්ත්වයෙන් මා මුදාගන්න, මම එවිට ඔබට සේවකයකු සේ කටයුතු කරනවා කියලා. ශුද්ධ වූ බයිබලයේ තිබෙන ආකාරයට එම නිරාහාර යාඥාව සිදුකළා. හරියටම 40 වැනි දවස වන විට මට තේරුම් ගියා කුමන හෝ ආශ්චර්යයක් මට සිදුවන්නට යන බව. මට කවුරු හෝ යමක් පවසනවා වගේ තේරුම් ගියා. දින දෙක තුනයි ගියේ කඩාවැටුණු සමාගම යළි නඟාසිටුවීමට ආයේජකයන් පැමිණියා. ඔවුන් විශාල මුදලක් ආයෝජනය කළා. මට බැංකුවලට ගෙවන්න තිබුණු ණය මුදල් සියල්ල ගෙවලා දැම්මා. මගේ ව්‍යාපාර කටයුතු පෙර තිබූ ආකාරයටම කරගෙන යන්න මට හැකි වුණා. දෙවියන් වහන්සේ ඒ සියල්ල මට නැවත ලබාදුන්නා.

ඔබ කුමන ආකාරයක ක්‍රිස්තියානි දේව සභාවකද නායකත්වය දරන්නේ? ශුද්ධ වූ ක්‍රිස්තු දේව ධර්මය ආරක්‍ෂා කිරීමට සහ විකෘතිවීමකින් තොරව පවත්වාගෙන යෑමට එය කටයුතු කරනවාද?
ඔව්. ඔබ ඇසුවෙ ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. සත්‍ය ලෙසම සහ සහතික වශයෙන්ම අපි හැම විටම දේශනා කරන්නේ ශුද්ධ වූ බයිබලයෙන් ඉගෙනගත් දේ පමණයි. අප දේශනා කරන සියලුම ධර්මයන් අපෝස්තලික සභාව මඟින් අනුමත කරන ලද සහ සහතික කරන ලද ඒවායි. විකෘති කරන ලද ධර්මයක් අප කිසිවිටකවත් දේශනා කරන්නේ නැහැ. ඒක මගේ වගවීමක් සහ වගකීමක්. මේ සභාවේ නායකත්වය දරන්නේ මමයි. ඒ වගේම මම දේශනා කරන දේශනාවෙන් මාගේ ගුරු පාර්ශ්වය සඳහා වගවීමක් වෙන්න ඕනෑ. නිදහස් ආගමික සභාවන් අතරින් අද අප ප්‍රථම ස්ථානයේ ඉන්නේ ඒ ගොඩනැඟුණු විශ්වාසය උඩයි.
ඔබ දේවගැතිවරයෙක්ද, පාස්ටර්වරයෙක්ද, දේශකයෙක්ද, එසේත් නැතිනම “ගුරු” කෙනෙක්ද?
(සිනාසෙමින්) අපූරු ප්‍රශ්නයක්. මගේ පවුලේ අතීතය ගත්තාම පූජකවරුන්ගේ ඉතිහාසයක් තිබී තිබෙනවා. මගේ මීමුත්තා වගේම මගේ සීයාත් පූජකවරුන් ලෙස කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ සභාවන් ඇන්ග්ලිකානු සහ මෙතෝදිස්ත සභාවන්. මගේ මුල් නම “කර්බි’‘ පවා ස්කොට්ලන්ත පල්ලියකින් ආදේශ වූ නාමයක්. මගේ අතීතය බොහොම හිතුවක්කාර, කර්කෂ එකක්. මම පල්ලිය මඟහැර හිටපු කෙනෙක්. එහෙත් පසුකාලීනව මට සියල්ල අවබෝධ වුණා. මට ඕනෑ වුණා දේවගැතිවරයකු වන්න. මම ක්‍රිස්තියානි පූජකවරයෙක්. මම මෙම අපෝස්තලික සභාවේ දේවගැතිවරයෙක්. එසේම මම ජේසුස් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කරන “ගුරු” කෙනෙක්.
අපෝස්තලික සභාව මඟින් ඔබගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යන පල්ලිවල ක්‍රියාකාරිත්වය කුමක්ද? මෙහි සිංහල තේරුම ”පුදුමයේ ක්‍රියා” ලෙස හැඳින්විය හැකියි. පුදුමයන් තවත් වචනයකින් කිව හැක්කේ ආශ්චර්යයන් ලෙසයි. ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා “miracles can happen and miracles still happen” (මිරකල්ස් කැන් හැපන් ඇන්ඞ් මිරකල්ස් ස්ටිල් හැපන්ස්) කියලා. මෙහි සිංහල තේරුම ලෙස ගත හැක්කේ ආශ්චර්යයක් සිදුවිය හැකියි. ආශ්චර්යයන් තවම සිදුවෙනවා යන්නයි. එහෙත් මෙම ආශ්චර්යයන් සිදුවිය යුත්තේ ස්වභාවධර්මයාට අනුකූල තාත්ත්වික ආකාරයකටයි. ඔබ මේ ක්‍රියාවලිය ගැන සිතන්නේ කුමක්ද?
මෙම පල්ලිවලට උධඋ කියන වචනය යෙදුණේ අහම්බෙන්. මෙයින් කියැවෙන්නේ නැහැ මෙම පල්ලි තුළදී නිරන්තරයෙන් පුදුමසහගත ක්‍රියා සිදුවෙනවා කියලා. මගේ තරුණ කාලයේදී මම මිතුරන් සමඟ බොහෝ විනෝදකාමී ජීවිතයක් ගතකළ කෙනෙක්. අපි ඒ කාලයේ රාත්‍රී සමාජ ශාලාවලට ගිහිල්ලා හුඟක් විනෝද වුණා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය පවා අපි භාවිත කළා. මේ අතරේ අපි හිතාගත්තා මෙම නරක ක්‍රියාවලින් ඈත් වෙලා දෙවියන් වහන්සේ ගැන අවබෝධ කරගන්න ඕන කියලා. එවිට මම එකල මගේ ආගමේ පාස්ටර්වරයාට මගේ මිතුරන් හඳුන්වා දුන්නා. අපි අපේ ජීවිත යම් කැප කිරීමකට පත්කළ යුතු යැයි අපි සිතාගත්තා. අපි අපේ අභිලාසය පාස්ටර්වරයාට කියා සිටියා. අපි කරන සියලු නරක කටයුතුවලින් බැහැර වන්නට ඕන කියලා අපි ඔහුට කිව්වා. එය ඇසුණු සැණින්ම පාස්ටර්වරයාට wow (වාව්) කියන වචනය කියැවුණා. පල්ලිය සඳහා නම යෙදුණේ එහෙමයි. අවුරුද 14කට පෙරයි මේ සිදුවීම වුණේ. මෙහිදී ඔබ මගෙන් ආශ්චර්යයන් ගැන අසා සිටියා. ආශ්චර්යයන් මට සිදුකරන්න බැහැ. මට පුළුවන් යාඥා කරන්න පමණයි. එහෙම සිදුකරගෙන යන විටදී දෙවියන් වහන්සේ තුළින් මේ ආශ්චර්යයන් සිදුවෙනවා. බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ජලය, මිදි යුෂවලට පරිවර්තනය කළ ආශ්චර්යයක් ගැන.
සැණෙකින් ශරීරයේ බර අඩු කිරීම, සුදු හිසකෙස්, කළු හිසකෙස් බවට පරිවර්තනය කිරීම, රත්තරන් සහ මුදල් මැවීම ආදී විවිධ ආශ්චර්යයන් ඔබගේ කාලයේදී සිදුවුණා යැයිද ප්‍රකාශ වෙනවා. ඔබට මෙතරම් පුදුමසහගත ආශ්චර්යයන් සිදුකළ හැකිද?
නැහැ, නැහැ. මම ඔබට මුලින් කිව්වේ මට හාස්කම් හෝ ආශ්චර්යයන් කරන්න බැහැ. ඒත් මට පුළුවන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. එසේ කරන විටදී විවිධ හාස්කම් සිදුවෙනවා. ඒක සත්‍යයක්. ඒවා දෙවියන් වහන්සේ සිදුකරන හාස්කම්. අදටත් ලෝකයේ හාස්කම් හෝ ආශ්චර්යයන් සිදුවීම සත්‍යයක්. එසේ වන්නේ නැහැ කියලා කාටවත් කිසිවිටෙක කියන්න බැහැ. අපගේ වචනයට බලයක් තිබෙනවා දෙවියන් වහන්සේට ඇහුම්කම් දෙන්න. අපි සියල්ල සිදුකරන්නේ ශුද්ධ වූ බයිබලයට අනුවයි.
සමාවෙන්න, මම ඔබට බාධා කරමින් මේ ප්‍රශ්නය අහනවා. යම් පාර්ශ්ව ඔබට චෝදනා කර සිටිනවා ඔබ මිනිසුන්ට ආහාර නොමැතිව එහෙත් හිරු එළියෙන් හා ශක්ති තරංග මඟින් ජීවත් විය හැකි යැයි ප්‍රකාශ කරනවා කියලා. ඔබ එවැනි ආගමික දේශනයක් සිදුකර තිබෙනවාද?
ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ ඇසුවේ. මනුෂ්‍යයාට ජීවත් වෙන්න ආහාර අවශ්‍ය නැහැ කියලා මම කිසිවිටෙකත් ප්‍රකාශ කරලා නැහැ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම නම් එම චෝදනා කරන පාර්ශ්වවලට මම කියනවා මම එහෙම කිව්වෙ කොතැනකදීද කියලා පෙන්වන්න කියලා. නිරාහාරව සිටීමේ යම් ක්‍රම රටාවක් ගැන පමණක් මම කතා කරලා තියෙනවා. මම කිසි විටෙක කියලා නැහැ සදාකාලිකව නිරාහාරව ඉන්න කියලා. ආහාර පාලනයක් සෑම මනුෂ්‍යයකුට අවශ්‍යයි. අපි බයිබලයෙන් කියවලා තිබෙනවා මනුෂ්‍යයා ජීවත් වන්නේ පාන්වලින් හෝ රොටීවලින් හෝ නෙවෙයි කියලා. එහි කියනවා අපේ තණ්හාව සහ ආශාව ආහාර පමණක් නෙවේ කියලා. දෙවියන් වහන්සේගේ වචනයෙනුත් අපි ජීවත් විය යුතුය කියලා බයිබලයේ කියනවා. ආහාර සඳහා අපේ තිබෙන තණ්හාව, ආශාව අඩුකර ගන්නට ඕනෑ. මේ නිසා තමයි මම බොහෝ වෙලාවට නිරාහාරව ඉන්නේ. මෙහෙම ඉන්න කොට මිනිසුන් අහන්න පුළුවන් කොහොමද මෙහෙම නිරාහාරව ඉන්නේ කියලා. මම එහෙම ඉන්නේ දෙවියන් වහන්සේගේ සැබෑ වචනය සහ ආදරය අත්දැක්ක නිසයි. මේක අමුතු දෙයක් නෙවෙයි. ආහාරවලට තිබෙන ආශාව අඩුකර ගැනීම ගැන බයිබලයේ තැන් ගණනාවක සඳහන් වෙනවා. ඇනා නමැති එක්තරා තැනැත්තියක් ගැන සඳහන් වෙනවා. ඇය අවුරුදු 60ක් ආහාර නොගෙන, බොන ජාති පමණක් ගෙන යාඥා කරමින් ජීවත් වුණා කියලා.
ඇමෙරිකානු ජාතික ලී ජේ. ග්‍රාඩි නමැති දේවගැතිවරයා ඔබගේ ආගමික ඉගැන්වීම් බොහෝ දරුණු ලෙස විවේචනයට ලක්කර තිබෙනවා. ඔබ මිථ්‍යාව ප්‍රචාරය කරන බවට ඔහු ලෝකය පුරා අන්තර්ජාලය හරහා මතයක් ගෙන යනවා. ඔහුගේ මෙම ප්‍රචාරය ද්වේශසහගත එකක්ද, එසේ නම් එය ඔබට ඉතාම හානිකරයි නේද?
මහජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අපගේ සභාව සහ පල්ලි ජාලය වටා එකතු වුණා. මම අනෙක් පල්ලිවලට ගියේ නැහැ මිනිස්සු අපිට බඳවාගන්න. ජනතාව එහෙම අපි කරා එන්නේ ඇයි කියලා හිතන්න ඕනෑ. දැනට සිටින රෙපරමාදු සහ පෙන්තකොස්ත පල්ලිවලදී ඔවුන් බලාපොරොත්තු වුණු ධාර්මික අධිෂ්ඨානය නොමැති වීම නිසා ඔවුන් විශාල වශයෙන් අපගේ සභාව වෙත එන්න ගත්තා. ඒ වෙලාවේ තමයි ශ්‍රී ලංකාවෙ රෙපරමාදු සහ පෙන්තකොස්ත සභාවක් මට එරෙහිව කටයුතු කරන්න ගත්තේ. එසේම මේ අතරවාරයේදීම තමයි ශ්‍රී ලංකාවට ලී ජේ. ග්‍රාඩි මහතා පැමිණෙන්නේ. එහිදී යම් දේව සභා පාර්ශ්වයන් අපට එරෙහිව විවිධ අසත්‍ය චෝදනා ලී ජේ. ග්‍රාඩි මහතාට ප්‍රකාශ කර තිබුණා. එහෙත් එහිදී නිකම්වත් ඔහු මට කතා කළේ නැහැ. මම හමුවුණේත් නැහැ. ඔහුට ශ්‍රී ලංකාවේදී පහසුවෙන්ම හැකියාව තිබුණා මට කතා කරලා අහන්න “කර්බි මොකක්ද මේ ඔබ කරන්නේ” කියලා. ඔහුට තිබුණා අප වෙත පැමිණ අපේ කටයුතු නිරීක්‍ෂණය කරන්න. එහෙත් ඔහු ඒ කිසිවක් නොකර මෙසේ ද්වේශසහගත විදියට මට එරෙහිව ලොව පුරා ප්‍රකාශ නිකුත් කරමින්, දේශනා කරමින් කටයුතු කළා. මෙම ලී ජේ. ග්‍රාඩි මට පමණක් නොව තවත් විවිධ පුද්ගලයන්ටද එරෙහිවත් බොහෝ ද්වේශසහගත අයුරින් කටයුතු කරන කෙනෙක්. අන්තර්ජාලයේ ඒ පිළිබඳ සාක්‍ෂි ඕනෑ තරම් තිබෙනවා. ඔහුගේ මෙම ඊර්ෂ්‍යාකාර හැසිරීම්වලට එරෙහිව වෙනත් පුද්ගලයන් සිදුකළ ප්‍රකාශ, ෆේස්බුක්, ට්විටර් සහ තවත් සමාජ මාධ්‍ය ජාලයන් රැසකදී දැකිය හැකියි. ඔහු මෙලෙස අපට එරෙහිව සිදුකළ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත ඒවා බව අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා. අපට සිදුවුණු අවමානයට එරෙහිව අපි නීතිමය වශයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අපගේ ආගමික ක්‍රියාවලියේ සත්‍යතාව දැක ලක්‍ෂ ගණනින් ජනතාව අප වටා එක්රොක් වනවා දැක්කාම සමහරුන්ට ද්වේශය සහ ඊර්ෂ්‍යාව ඇති වෙනවා.
ඔබගේ දේව යාඥාවන්හිදී රත්තරන්, ආශ්චර්යයක් ලෙස පහළ වුණා යැයි ප්‍රකාශ වෙනවා. මොකක්ද මේ කතාවේ සත්‍යතාව?
ඒක මෙහෙමයි වුණේ. මම දින හතළිහක් නිරාහාරව ජලය පමණක් පානය කරමින් යාඥා කරන විටදී අවසාන දිනයේදී මගේ දෙඅත් රත්තරන් කුඩුවලින් වැහිලා තිබුණා. මෙය මට අදහාගන්නට බැරි වුණා. මේක රත්තරන් කිව්වට මේවා අරගෙන විකුණන්න පුළුවන් එකක් නෙවෙයි. එයින් මට තේරුම් ගියේ දෙවියන් වහන්සේ යම් බලයක් මා වෙත ලබාදී තිබෙනවා කියලා. සමහර මිනිසුන් මෙය සුළු විදියට තක්සේරු කරනවා. බයිබලයේ තිබෙනවා මෙම පුදුම සලකුණු එනවා කියලා. මාරාන්තික රෝග තිබෙන රෝගීන් අපේ ළඟට එනවා සුවයක් පතාගෙන. මේ අය අපට සුව කරන්න පුළුවන් ඒ අයගේත් දේව ඇදහිල්ල තිබෙනවා නම්. එසේ නැතිනම් අපට ඒ රෝගීන් සුව කරන්න බැහැ.
ඔබ බොහෝ අන්තර් ආගමික කටයුතුවලට සම්බන්ධ දේවගැතිවරයකු ලෙස ප්‍රකටයි. බෞද්ධ ආගමික කටයුතුවලට ඔබ දක්වන සහාය කෙසේද?
මම ආගමික සහජීවනයට ඉතාමත්ම කැමැති කෙනෙක්. අපගේ සභාව දැනට බෞද්ධ පන්සල සමඟ එකට එක්ව වසර 10ක් පුරා එම කටයුතු සිදුකරමින් පවතිනවා. කොළොන්නාවේ නාරද හිමි සමඟ එක්ව දුප්පත් බෞද්ධ පවුල්වල දරුවන් උදෙසා විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. ඒවාට අවශ්‍ය සියලු බරපැන දරන්නේ අපගේ අපෝස්තලික සභාව විසිනුයි. අප මේ කටයුතු සිදුකළා කියලා කිසිම විටක ප්‍රකාශ කරලා නැහැ අපේ ආගමට බැඳෙන්න කියලා. වත්මන් රජයත් මාගේ මේ ක්‍රියාවලිය අගය කරලා තියෙනවා. මේ නිසා තමයි සමහර පෙන්තකොස්තල් සභාවන් මාත් සමඟ අමනාප වෙලා ඉන්නේ. ඒ අය කවුරුවත් මේ වගේ ආගමික සංහිඳියාවේ කටයුතු සිදුකරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආගමික සංකල්පය මම ඉතාමත් අගය කරන, ගෞරව කරන කෙනෙක්.
ඔබ මෙසේ සිදුකරන ආගමික මෙහෙවර රාජ්‍ය මට්ටමින් අගය කර තිබෙනවා. එම වටපිටාව නිර්මාණය වුණේ කෙසේද?
ඔව්. ආගමික, සමාජයීය හා පාරිසරික මෙහෙවර උදෙසා මට ජනාධිපති “ස්වර්ණදීප” රන් සම්මානය පිරිනමා තිබෙනවා. ඒ අතර කතානායක කරු ජයසුරිය මහතා මට “දේශාභිමානි” ගරු සම්මානය පුදකර තිබෙනවා. ඒ අතර අපේ අපෝස්තලික සභාවට “මාස්කෝ” 2018 සම්මානයද හිමිවුණා. මේ අතර ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකවරයකු වශයෙන්ද මම කටයුතු කරනවා. ඉන්දියාවේ ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලයෙන් මට දර්ශනවේදී (ඡයා) උපාධිය පිරිනමා තිබෙනවා.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

හිටිහැටියෙම ජවිපෙ නින්දෙන් නැගිටියි: ‌මෛත්‍රිගේ නිල නිවෙසට ගහන්න ගනී

Next Post

රෝයල් පාක් ඝාතකයාට සමාව දීමේ කතාවට ‌මෛත්‍රිට ස්වීඩන පවුලේ විරෝධය

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.