2005 වසරේදී රාජගිරියේ පිහිටිි රෝයල් පාක් නිවාස සංකීරණයේ සිදුවූ ස්වීඩන ජාතික තරුණියක මරා දැමීමේ සිද්ධියට වැරැදිකරුව මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාට ජනාධීපති සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට මේ වනවිට එම තරුණියගේ පවුලේ බලවත් විරෝධය පළවී ඇත.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරිය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය පවුල මහත් කැළඹීමකට පත්ව සිටින බවකි.
මෙම ඝාතනයට වැරැදිකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැති පුද්ගලයාට මරණීය දණ්ඩනය හිමිවූයේ 2012 වසරේදීය. ඝාතනයට ලක්වූයේ එවකට 19 හැවිරිදි වියේ පසුවූ ඉවෝන් ජොන්සන් නැමැති තරුණියකි.
පසුගිය 20 වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ මෙම වැරුදිකරු මේ වනවිට පශ්චාත් උපාධියක්ද කර ඇති බැවින් ඔහුට සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.