පසුගිය අවුරුදු 5ක කාලය පුරාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලනික වශයෙන් ප්‍රහාර එල්ල නොකළ ජනතා විමුක්ති පෙරමුණ හිටිහැටියේම ඊයේ (23) දිනයේදී පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළේය.
ඒ විශ්‍රාම යාමට නියමිත ජනාධිපතිවරයා තමන් දැනට රැදී සිටින පැජට් පාරේ පිහිටි අතිසුඛෝපභෝගී නිල නිවස වසර 20කට පවරා ගැනීම සම්බන්ධයෙනි.
එහිදී අදහස් දැක්වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සරලව ජීවත් වන බවට පොරොන්දු දෙමින් විශ්‍රාම යන විට සිටින නිලනිවෙසද රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
එමෙන්ම ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම පිළිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද බිමල් රත්නායක මහතාගේ දැඩි විවේචනයට ලක්විය.