• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගම්පහ යකඩ ගැහැනිය ඔක්සිජන් ‌වෙනුවෙන් සටන් වැදුණේ ඒෂියන් චැම්පියන් ‌වෙන්නද?

February 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
යකඩ ගැහැනියක් රටම කළඹයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනයට යටවී ඇති බව බොහෝ කාලයක සිට අසන්නට ලැබෙන චෝදනාවකි. බොහෝ රාජ්‍ය සේවකයන් දේශපාලනඥයන්ගේ බසට අවනතව නීතියට පිටින් වැඩ කරන බවද ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය නිලධාරීන් හරහා සිදු කර ගත නොහැකි ඕනෑම දෙයක් ඇමැතිවරයා හරහා කර ගත හැකි බවට මතයක් ජනතාව තුළ හටගෙන ඇත්තේ එබැවිනි. එහෙත් එම මතය බොරු කරමින් කෙතරම් ප්‍රබල දේශපාලනඥයකු ඉදිරියේ වුවද, නියමාකාරයෙන් ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳ උදාහරණ ඕනෑ තරම් ඇත.
ඒ පිළිබඳ ආසන්නතම උදාහරණය වාර්තා වූයේ මීගමුව ප්‍රදේශයෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ අති විශාල ප්‍රචාරයක් හිමි වුණු එම සිද්ධිය ඇතිවී තිබුණේ පසුගිය 10 වැනිදා මීගමුව පිටිපන ධීවර සමිති සංවර්ධන සමිති කාර්යාල ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවකදීය. එහිදී එම මතගැටුමට හේතු වී තිබුණේ මීගමුව පුන්නකරය ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසරයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සම්බන්ධ සිදුවීමකි. ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව පැවැත්වුණේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහ ගම්වාසීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.
එම සාකච්ඡාව අතරතුරේදී පටිගත කෙරුණු සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වූ දර්ශන පෙළේ අඩංගු වී තිබුණු දෙබස් කිහිපය සැකවින් මෙසේය.
ඇමැතිවරයා- ළමයින්ට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටිය විතරක් අයින් කරලා දෙන්න බැරිද?
රාජ්‍ය නිලධාරිනිය- බැහැ ඇමැතිතුමා. මොකද මේක පරිසර පද්ධතියක් ඇමැතිතුමා. මේ වෙද්දී ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩොලානවලින්. එතකොට කඩොලාන භූමිය අපිට මදි තව හෙක්ටයාර් දහදාහකින්. ඊට අමතරව අනවසර ඉදිකිරීම් ගැන කතා කරද්දී ඔබ තුමා දැක්කා මෙතැන ප්‍රජාවම කියනවා මේ ප්‍රදේශයේ අපේ භූමියම අනවසරයෙන් අයිති කර ගෙන ඉන්න බව. මම මේ සම්බන්ධව නගරාධිපතිතුමා එක්කත් කතා කෙරුවා. ව්‍යාපෘතියක් කරලා මේ තට්ටු නිවාස ඉදිකරලා මේ මිනිස්සු නැවත එහි පදිංචි කරන්න.
ඇමැතිවරයා- මම ඉන්න ස්ථාවරය මේකයි. අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තහම අපි බොහොම පුංචි රටක්. මේකෙ එක පැත්තකින් වන සංරක්ෂණය, අනෙක් පැත්තෙන් වන ජීවී එක, අනෙක් පැත්තෙන් වෙරළ සංරක්ෂණය. මේ තියෙන සේරම නීති එක්ක ගියාම මිනිසුන්ට ජීවත් වෙන්න තැනක් නැතිව යනවා. ඒ නිසා ඔබතුමියලත් නම්‍යශීලී වෙලා මැද තැනකට ඇවිත් මේක බේරමු කියන එකයි මගේ අදහස.
නිලධාරිනිය- ඇමැතිතුමා මේක රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක ජනතාව පදිංචි කරන්න බැහැ.
සභාවේ පිරිස- විල්පත්තුවට මොකද වුණේ?
නිලධාරිනිය- විල්පත්තුව ගැන අදාළ දේශපාලන අධිකාරියෙන් අහන්න. ඒක මම කරපු දෙයක් නෙවෙයිනේ. ඇමැතිතුමා, අපේ රටේ වනගහනයෙන් 60%ක් ඉහළ තියෙන්නේ. ඒත් අපේ ගම්පහ තමයි අඩුම වනගහනය තියෙන්නේ. 1.6%යි ගම්පහ තියෙන්නේ. ඒකෙන් වනජීවී එකට තියෙන්නේ අක්කර 18යි. ඔබතුමා දන්නවද ඒක. ඒකෙනුත් හෙක්ටයාර 1086යි අපිට තියෙන්නේ. ඒ ටිකත් අන්න ඉඩම් කච්චේරි තිය තිය බෙදනවා. කවුද මේවට වග කියන්නේ. අපිට ඔක්සිජන් නැහැ. ඔක්සිජන් කෝ. දැන් මේ වන විට බොයිලර්ස් 52ක් තියෙනවා. ඒ එකකට එක දවසට ටොන් 40ක ගස් ගන්නවා. කාබන්ඩයොක්සයිඞ් උරා ගන්න ගස් කෝ. ටොන් 40කින් පිට වෙන කාබන්ඩයොක්සයිඞ් උරා ගන්න ගස් කෝ.
සභාවේ පිරිස- ඔක්සිජන් තිබිලා වැඩක් නැහැ. ළමයි කුඩු ගංජා ගහනවා නම්.
නිලධාරිනිය- ඔක්සිජන් තිබිලා වැඩක් නැහැ කියලා හිතන මේ මිනිස්සු ගැන ඔබතුමා හිතලා බලන්න. විද්‍යාත්මක තීරණයක් ගන්නවද? ගමේ ගොඬේ මිනිසුන්ට ඕන විදියට තීරණ ගන්න නම් මෙච්චර ඉගෙන ගෙන අපි මේ තනතුරුවලට එන්න ඕනේ නැහැ. ඒකයි මගේ ස්ථාවරය.
ඇමැතිතුමා- ඔබතුමියත් නියෝජනය කරන්නේ ආණ්ඩුව. මමත් නියෝජනය කරන්නේ ආණ්ඩුව. මෙතැන මේ ධීවරයොත් එක්ක, මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා මේ ගමන යන්න බැහැ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඞ්ලි යන්න ඕනේ. ඒ නිසා මේක කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. ඔය කාරණය පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබතුමිය උදවු කරන්න ඕනේ.
නිලධාරිනිය- ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ වැඩ කිසිම ප්‍රමාදයක් කරලා නැහැ. විනාඩි ගානකින් මම ඒවා කරලා දීල තියෙනවා. දැන් නගරාධිපතිතුමා කිව්වම මම ඊළඟ දවසේ ඇවිල්ලා සතියක් ඇතුළත නිර්දේශත් ගෙන්වලා දෙනවා. මම එහෙමයි වැඩ කරන්නේ. හැබැයි නීතියට. නීතියට පිටින් වැඩ කරන්න බැහැ. මං කියන්නේ ඒකයි.
මෙම දර්ශන පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එයට අති විශාල ආකර්ෂණයක් හිමිවී තිබෙන අයුරු දක්නට හැකි විය. පක්ෂ පාට භේදයකින් තොරව බොහෝ දෙනකු අදාළ රාජ්‍ය නිලධාරිනියගේ හැසිරීම දැඩි සේ ප්‍රශංසා කර තිබූ අතර ඇමැතිවරයාගේ සහ එතැන රැස්ව සිටි පිරිසගේ ක්‍රියා කලාපය දැඩි සේ හෙළා දැක ඇති ආකාරයද දක්නට හැකි විය. තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ එම සිදුවීමට මැදිහත් වූ රාජ්‍ය නිලධාරිනිය, ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය බවය. කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙනි. ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ පසුගිය වසර තුන පුරාවට තම රාජකාරිය නියමාකාරයෙන් ඉටු කිරීම සඳහා ඇය ගෙන ඇති වෙහෙස අපමණය. මීට පෙර මීතිරිගල ප්‍රදේශයේ සිදුවූ වන විනාශය සම්බන්ධයෙන් එක් අවස්ථාවක ඇගේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ඇය හඬ නඟා ඇත. ඒ කිසිදු අවස්ථාවක ඇය නීතියට පිටින් කිසිවක් කිරීමට කටයුතු නොකළ බවට ඒ අවට ජනතාව මෙන්ම පරිසරවේදීන්ද ඕනෑ තරම් සාක්ෂි සපයනු ඇත.
රාජකාරිය දේවකාරිය මෙන් සලකමින් නිවාඩු දිනවලදී පවා ඇතැම් ආයතන සංවිධාන කරන පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබාදීම සාමාන්‍ය සිදුවීමකි. ඒ ඇතැම් දිනවල ඇය ඒ සඳහා පැමිණෙන්නේ තම සිඟිති දියණියන් දෙදෙනාද සමඟය. කෙසේ නමුත් මේ සියල්ල රටේ ජනතාව දැන ගත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත කී දර්ශන පෙළ ප්‍රචාරය වීමත් සමඟය.
අප මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් විමසීමට දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධ කර ගත් නමුත් ඇය සඳහන් කර සිටියේ රාජ්‍ය නිලධාරිනියක වශයෙන් තම ආයතන ප්‍රධානියාගේ අනුදැනුමකින් තොරව මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බවය. ඇය එම අවස්ථාවේදීද නීතිය අනුව වැඩ කටයුතු කිරීම සැබවින්ම පැසසීමට ලක් විය යුතුය.
දේවානි ජයතිලක මහත්මිය සමාජ මාධ්‍ය තුළ වීරයකු බවට පත් වද්දී, එම සිදුවීම හරහා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට සහ හාස්‍යයට බඳුන් වූ පුද්ගලයෙකුද විය. ඒ අදාළ සාකච්ඡාව අතරතුර “ඔක්සිජන් තිබිලා වැඩක් නැහැ” යැයි පැවසූ පුද්ගලයාය. ඔහු පිළිබඳව විවිධාකාරයේ පළකිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු අතර ඒ ඇතැම් තැනක සඳහන්ව තිබුණේ ඔක්සිජන් නොමැතිව ජීවත් විය හැකි අරුම පුදුම පුද්ගලයකු ගම්පහ ප්‍රදේශයෙන් සොයා ගත් බවය. එලෙස අදහස් පළ කළ පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචි සුරංග ප්‍රනාන්දු නැමැත්තෙකු බවද අනාවරණය වූ අතර ඔහු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ පුද්ගලයකු බවද අනාවරණය විය.
එමෙන්ම ගම්වැසියන් පිරිසක් රාජ්‍ය නිලධාරිනියකගේ රාජකාරියට බාධා කිරීමේදී නිහඬව සිටි එම අවස්ථාවට සහභාගි වූ පොලිස් නිලධාරියාටද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේඡනයක් එල්ල විය. එසේම රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එකතු වී සිටි ස්ථානයක ඇයගේ සහායට ඉදිරිපත් වූයේ එකම එක පුද්ගලයකු පමණක් වීමද කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් අදාළ සාකච්ඡාවේ දර්ශන පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමත් සමඟ මාධ්‍ය හමුවක් කැඳවූ සනත් නිශාන්ත මහතා එහිදී දැක්වූ අදහස්ද නැවත වරක් ආන්දෝලනයට ලක් විය. එහිදී ඇමැතිවරයා පවසන්නේ නිලධාරිනියට අවශ්‍ය වන්නේ ආසියානු සම්මානය දිනා ගැනීමට බවය. “එතුමියට ඒෂියන් චැම්පියන් වෙන්න ඕනේ කියලනේ එතුමිය කියන්නේ. එතුමිය කියන්නේ කඩොලාන පරිසරය වැඩියෙන්ම තියෙන්නේ ලංකාවේ. ඒ නිසා තව ටිකක් වැඩි කරාම මට ඒෂියන් චැම්පියන් වෙන්න පුළුවන්. මේ ධීවරයෝ නිසා ඒෂියන් චැම්පියන් වෙන්න බැහැ කියල තමයි එතුමිය කියන්න උත්සාහ කරන්නේ.” එලෙස පැවසූ ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.
“නිලධාරියෙක් වෙන්න පුළුවන්, යම් කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒත් කාටවත් රටේ සංවර්ධනයට බාධා කරන්න පුළුවන්කමක් නැහැ. අපිත් පරිසරයට ආදරය කරනවා. පරිසරය රැක ගන්නවා. ඒත් මේ ව්‍යාපෘති ඉස්සරහට යන්න ඒ අයගේ සහයෝගය ලබා දෙන්න ඕනේ. ධීවර ජනතාව පී. එච්. ඩී. ගහපු අය නෙවෙයිනේ. ඒ අයත් එක්ක කටයුතු කරද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ. එදා එතුමිය අනූනවයෙන් බේරුණේ මම මැදිහත් වුණු හින්දා. නැත්නම් ධීවරයෝ ටික වට කරගෙන මේ ගෑනු කෙනාට ගහනවා.” එහිදී ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ කුමන බාධක පැමිණියද මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවය. ඒ හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ඇමැතිවරයාට එල්ල වන විවේචන දෙගුණ තෙගුණ වී ඇත.
කෙසේ නමුත් අදාළ සිදුවීමට පසු මාධ්‍යයට අදහස් දැක්වූ පරිසර සහ වනජීවී සම්පත්, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ දේශපාලනඥයන්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවය. සනත් නිශාන්ත ඇමැතිවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා දීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥා පනත ගැන නොදැනුවත්ව විය හැකි බව පැවසූ පරිසර ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම පනත ඉතාම ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු බිම් අඟලක් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කිසිවෙකුට ලබා ගත නොහැකි බවය. මේ සියල්ල හරහා මේ සටහන ලියැවෙන මොහොත වන විට රජයේ වැඩිම අවධානයකට ලක් වූ ප්‍රධාන සිදුවීම වී තිබුණේද මීගමුවේ ක්‍රීඩා පිටියට අදාළ සිදුවීමය.
අදාළ කතාබහට ලක් වී ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කළපුව ගැඹුරු කර පිරිසිදු කිරීම සඳහාය. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ හත්දහසක් බවද සඳහන්ය. කළපුව පිරිසිදු කරමින් කළපුව අවට ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමද එම ව්‍යාපෘතියට අයත්ය. රටක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ සියලු දෙයම පිළිබඳ මනා අධීක්ෂණයකින් පසුවය. අවාසනාවට අප වැනි තුන්වැනි ලෝකයේ රටවල සිදු නොවන්නේද එයමය. දිසා වන නිලධාරිනිය පවසන ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කයේ වන ගහනය ඉතාම අඩු මට්ටමක් දක්වා පහත වැටී ඇත්තේ ඒ නිසාය. එබැවින් අනාගතයේදීවත් ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබිය යුතුය.
මීගමුව කළපුව අවට කඩොලාන පද්ධතිය දැඩි සංවේදී පරිසර කලාපයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මීගමුව අවට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ධීවර වෘත්තිය සඳහා කඩොලාන මඟින් ඉටු කරන සේවයද සුළුපටු නැත. මත්ස්‍යයන්ගේ අභිජනනය මෙන්ම වර්ධනය සිදු වන්නේද මේ කඩොලාන පරිසර පද්ධතිය හරහාය. ඊට අමතරව ඒ හරහා සමස්ත පරිසරයට සිදු කරන සේවාව අතිමහත්ය. රටක ජීවනාලිය බඳු අනාගත පරපුර වෙනුවෙන් ඕනෑම ගමක ක්‍රීඩා පිටියක් තිබිය යුතු බවට කිසිදු විවාදයක් නැත. අදාළ සාකච්ඡාවේදීම අනාවරණය වූ පරිදි ළමුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ක්‍රීඩා පිටියක අවශ්‍යතාව ඉතාම වැදගත්ය. නමුත් කඩොලාන ශාකයන්ගෙන් පිරි දූපතක එම පරිසර පද්ධතිය බිඳ දමමින් ක්‍රීඩා පිටියක් ඉදි කිරීම කිසිවකුට හෝ අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව අපේ අදහසය.
මාතෘකාවට ලක් වී ඇති ප්‍රදේශයට යාබදව පිහිටි පෞද්ගලික සමාගමකට අයත් සංචාරක ආයතනයක් පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී කතාබහට ලක් විය. ගම්වාසීන් පවසන්නේ තමන්ට ක්‍රීඩා පිටියක් ඉදි කළ නොහැකි නම් අදාළ සමාගම එම සංචාරක නිකේතනය ඉදි කළේ කෙලෙසද යන්නය. නමුත් මීගමුවේ ජනතාව තේරුම් ගත යුතු එක් දෙයක් ඇත. එනම් අතීතයේ වැරැදි නැවත සිදු කිරීමට යාමෙන් විනාශ වන්නේ මුළු රටේම අනාගතය වන බවය. කෑගල්ලේ සිට මීගමුවට පැමිණි දේවානි ජයතිලක මහත්මිය වැනි අවංක රාජ්‍ය නිලධාරීන් වැඩි වශයෙන් රටට අවශ්‍ය වන්නේ ඒ අනාගතය වෙනස් කිරීම සඳහාය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කපිලව බලන්න හැමදාම හිරගෙදරට එන ‌ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා කව්ද?

Next Post

මහින්දට ඉන්දියාවේදී ‘කාල් බහිරව’ ‌දෙවියන් දුන් බලය ‌මොකද්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.